Sunday, February 1, 2015
හබරනදී කැළෑ සටන් පුහුණුවේ සිටි සෙබළුන් දුම්රියේ ගැටේ..!!
යුධ හමුදා පුහුණුව ලබමින් සිටියදී සෙබළුන් තිදෙනෙකු දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
හබරන දී මෙම අනතුර සිදු වී ඇති අතර වැඩි දුරටත් වාර්තා වෙන්නේ කැළෑ සටන් පුහුණුවක් ලබමින් සිටි සෙබළුන් තිදෙනෙකු රේල් පීල්ල හරහා ගමන් කිරීමේදී මෙම අනතුරට ලක් වූ බවය. 31 අළුයම 03 ට පමණ මෙම අනතුර සිදු ව ඇත.
මේ වන විට ඔවුන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment