BREAKING NEWS

රටතොට

Saturday, February 21, 2015

පාථිවිය කැරකෙන්නේ නෑ – සවුදි පූජකයකුගෙන් අපූරු හෙළිදරව්වක්...!!!

පෘථිවිය භ‍්‍රමණය වීම හා සූර්යයා වටා පරිභ‍්‍රමණය වීම සිදු නොවන බව සවුදි අරාබියානු පූජකයකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ෂික් බන්ඩාර් අල් ඛායිබාරි මේ බව පවසා ඇත්තේ ශිෂ්‍යයකු විසින් විමසූ ප‍්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.  පෘථිවිය නිශ්චලද චලනය වේද යන්නට පිළිතුරු ලෙස පූජකවරයා පවසා ඇත්තේ පෘථිවිය නිශ්චල වස්තුවක් වන අතර එය චලනය නොවන බවයි.

ඉන්පසුව ඔහු විසින් තම ප‍්‍රකාශය සාධාරණීකරණය කිරීම සඳහා අරුම පුදුම තර්ක රැසක් ගෙනැවිත් ඇතැයි පැවසේ.
ඔහු පවසා ඇත්තේ සාජා ගුවන් තොටුපළේ සිට චීනය දක්වා ගුවන් යානයකින් ගමන් කරන විටදී එම ගුවන් යානය නිශ්චලව අහසේ රැඳුනහොත් පෘථිවිය එක් පැත්තකට භ‍්‍රමණය වන්නේ නම් චීනය ගුවන් යානය දෙසට පැමිණිය යුතු බවයි.
පෘථිවිය භ‍්‍රමණය වන්නේ අනෙක් පසට නම් චීනය කවදාවත් ගුවන් යානය වෙතට නොපැමිණෙනු ඇති බව ඔහුගේ අදහසයි.  සවුදි පූජකවරයාගේ මෙම විද්‍යාත්මක කරුණු දැක්වීම සමාජ ජාල තුළ බෙහෙවින් ජනප‍්‍රිය වී ඇති අතර බොහොමයක් සමාජ ජාල භාවිතා කරන්නන් එය හාස්‍යයට නගා ඇතැයි වාර්තා වේ.
ෂික් බන්ඩාර් අල් ඛායිබාරි විසින් මේ බව පවසා ඇත්තේ ගැලිලියෝ ගැලිලිගේ උපන්දිනයේදී වීම තවත් විශේෂත්වයකි.
පෘථිවිය සහ අනෙකුත් ග‍්‍රහලෝක ග‍්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ ඇති සූර්යයා වටා පරිභ‍්‍රමණය වන බව පැවසූ ගැලිලියෝ ඒ ප‍්‍රකාශය නිසා කතෝලික පල්ලියේ දණ්ඩනයටද ලක් කෙරිණි.


A Saudi cleric has drawn ridicule on social media after claiming that the Earth does not rotate, and that the Sun orbits the Earth.
Sheikh Bandar al-Khaibari, answering questions from students at a university in the United Arab Emirates on Sunday, told his audience the Earth is "stationary and does not move".
To prove his point, Mr Khaibari launched into a convoluted effort to explain his theory using the example of an airplane flying to China.
"If we leave Sharjah airport on an international flight to China... the Earth is rotating, right?" he asked sarcastically. "So, if the plane stops still on air, wouldn't China be coming towards it? True or not?"
"If the Earth rotates on the other direction, the plane will not be able to reach China, because China is also rotating as the plane rotates."

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger