අරලියගහ මන්දිරයේදී රංගාට පහරදුන් රිෂාඩ් බදුර්දීන් පහර දෙමින් කියා ඇත්තේ ‘අපි මින්නාල් ප්‍රෝග්‍රෑම් එකට ආපුවහම උඹ අපිව දෙකේ කොලේට දාලා උඹ වීරයා වෙනවා. අපි දුෂ්ඨයො. පගා කාරයො. දූෂිතයො. එතකොට මිනිස්සු හිතන්නෙ ශ්‍රී රංගා නම් දෙවි කෙනෙක් වගේ හොරයක් බොරුවක් වංචාවක් නැති නියම කොල්ලෙක් කියල. එහෙම අපිව කිච කරලා රෑට රෑට ඩීල් දාගන්ඩ උඹ අරලියගහ මන්දිරේට රිංගනවා. උඹල වගේ එවුංව නැති කරල දාන්ඩ ඕනෙ' කියාය.
ඉස්සර රෑට රෑට අරලියගහ මන්දිරයට රිංගා රාජපක්ෂ පුතාලාගේ තුරුල්ලේ හිටපු ශ්‍රී රංගා ඔවුන්ව අමතක කර මේ කිට්ටු කරන්න හදන්නේ යහපාලනයේ පුත් කුමාරයෙක් වෙතය. ශ්‍රී රංගලා වගේ ලෝකෙ කාපු එවුංගෙන් තමන්ගේ එකම පුතා බේරා ගැනීම සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දහම්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යැවීම ඉතා කාලෝචිත පියවරකි.
2010 වසරේ මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජෙයරත්නම් ශ්‍රී රංගා පසුව හිටපු ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක්වීමේ අල්ලසක් වශයෙන් ලබාදුන් රූපවාහිනී චැනලයට වෙන් කරන ලද තරංග ආයාතයන් නීති විරෝධීව විකිණීම සඳහා මේ වන විට ගැණුම් කරුවෙකු සොයමින් සිටී.
මෙම රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍රය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදීම නීති විරෝධී බැවින් ශ්‍රී රංගා නම් කපටියා මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ සිය සහෝදරියගේ නමටය. එම බලපත්‍රය නිකුත් කොට ඇත්තේ 'Sri Global Television Company (Pvt) Ltd' නැමැති සමාගමටය. 2011 වසරේදී මෙම බලපත්‍රය නිකුත් කොට ඇතත් මේ දක්වා මෙම රූපවාහිනී සේවාව ආරම්භ කොට නැත. බලපත්‍රය නිකුත් කොට මාස 12 ක් ඉක්ම යාමට මත්තෙන් විකාශන සේවා ආරම්භ නොකළ හොත් බලපත්‍රය ස්වයංක්‍රීයව අවලංගු වුවද මෙම බලපත්‍රය සඳහා එම කොන්දේසිය අදාල කර නොගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට ඉහලින් අණ ලැබීම නිසා පසුගිය තෙවසරක කාලය තුල ශ්‍රී රංගාගේ රූපවාහිනී බලපත්‍රය මේ දක්වා වලංගුව පවතී.
මෙම UHF රූපවාහිනී සේවය සඳහා කොළඹින් චැනල් 54, චැනල් 46, කරගහතැන්නෙන් චැනල් 39, ගෝනගලින් චැනල් 62, මහනුවරින් චැනල් 54 සහ යාපනයෙන් චැනල් 47 යනාදී වශයෙන් ආයාත තරංගයන් විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ශ්‍රී රංගා වෙත වෙන්කොට දී ඇත.
මෙම රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර වෙනත් පාර්ශවයකට විකිණීම කළ නොහැකි බැවින් ගැනුම් කරුට සිදු වන්නේ ඉහත කී 'Sri Global Television Company (Pvt) Ltd' සමාගමේ 100%ක කොටස් අයිතිය ලබා ගැනීමය. මේ සඳහා ශ්‍රී රංගා අපේක්ෂා කරන මුදල රුපියල් ලක්ෂ 4000(රුපියල් මිලියන 400) කි. නමුත් හරි ගැණුම් කරුවෙකුට රුපියල් ලක්ෂ 3000කට ගණුදෙනුව අවසන් කළ හැකි බව පැවසේ. ගණුදෙනුව ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කිරීමට ශ්‍රී රංගා කපටියා වැඩි කැමැත්තක් දක්වන බව තවදුරටත් සඳහන් කළ යුතුය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment