අශ්වයා ඉස්තාලයෙන් ඵළියට ගිය පසු ඉස්තාලය වැසුවා වැනිව උන් සල්ලි ඇද්ද පසුව රටේ කොමිෂන් පත් කරමින් ,මාධ්‍ය සංදර්ශණ තබමින්...උන් සතු මෙරට බැංකු ගිණුම් අදිමින් දේපළ සොයමින් ප්‍රෝඩාවන් පෙන්වීමට වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය...
උන් අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට රට පනිති. ( අහිංසකයෙකු රස්සාවක් සොයා විදේශ ගතවීමට ගියහොත් ගුවන් තොටුපලේදී මහා උජාරුවෙන් ඒ මනුස්සයා අත්ඩංගුවට ගෙන උසාවි දමා බෙරිහන් දෙන වසළයන් ලොකු ,ඇති හැකි හොරුන් යනවිට සැළියුට් දා ආචාර කරති...!!! ) රටේ ඉන්නා හොරුද රටට ,ලෝකයට පේන්න අත්ඩංගුවට ගත්තද උන් සිටින්නේ බන්ධනාගාර රෝහල් තුළය.ඵමෙන්ම උන්ට දින කිහිපයකදී ඇප ලැබේ...
මෙන්න ස්වීස් බැංකු ගිණුම් වලට
සල්ලි ඇදපු හැටි....!!!

වොෂින්ටනය පදනම් කරගත් ගවේෂණාත්මක මාධ්‍ය සංවිධානයක් වන The International Consortium of Investigative Journalists විසින් රහසින් ලබාගෙන එළිදක්වා තිබෙන 100,000 කට අධික නවතම බැංකු ගිණුම් වාර්තා වලින් හෙළිව තිබෙන්නේ මෙම ගිණුම් අතර ශ‍්‍රී ලංකාව සමග සම්බන්ධ කමක් ඇති ගනුදෙනුකරුවන් 92 කට අයත් බැංකු ගිණුම් 129 ක් ස්වීස් බැංකුවක තිබෙන බවයි.
මේ අනුව, ලොව සුපතල HSBC හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ස්විට්සර්ලන්තය මධ්‍යස්ථානය කරගත් HSBC Private Bank නැමති බැංකුවේ මෙම ගිණුම් තිබෙන අතර මේවා අතරින් වැඩිම තැන්පතුවක් කර තිබෙන ගිණුමේ තිබෙන තැන්පතු ප‍්‍රමාණය ඩොලර් මිලියන 10.6 ක් පමණ වනබව අනාවරණය වේ. (මෙය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 1.4 කට අධිකය.*
හෙළිවන ආකාරයට ශ‍්‍රී ලංකාවට සම්බන්ධ කමක් දක්වන මෙම ගිණුම් වල ඩොලර් මිලියන 58.6 කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් (රුපියල් බිලියන 7.8 කට අධික මුදලක්* තැන්පත් කර තිබෙන අතර ලංකාව සමග සම්බන්ධකමක් දක්වන ගිණුම් වලින් සියයට 18 ක් පමණ තිබෙන්නේ මෙරට ගමන් බලපත‍්‍රයක් හෝ ජාතිකත්වය ඇති පුද්ගලයින්ටයි. බොහෝ ගිණුම් පුද්ගලයින්ට අයත් බවත් කිහිපයක් පමණක් අක්වෙරළ සමාගම් ( offshore companies )වලට අයත් බවත් සඳහන්ය.
ඔයැ ෂබඑැරබ්එසදබ්ක ක්‍දබිදරඑසමප දෙ ෂබඩැිඑසට්එසඩැ න්‍දමරබ්කසිඑි පවසන්නේ සියළුම ස්වීස් බැංකු ගිණුම් නීති විරෝධී ඒවා නොවන බවයි.
ස්වීස් බැංකුව පසුකාලීනව සිය සමූහයට එක්වූ අංශයක් වන බවත් එහි තත්ත්වය HSBC බැංකු සමූහයේ තත්ත්වයට වඩා අඩු බවත් HSBC විසින් බ‍්‍රිතාන්‍යය ගාඩියන් පුවත් පතට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Post a Comment