BREAKING NEWS

රටතොට

Wednesday, February 11, 2015

මතකය අළුත් වැඩියා කර ගැනීම සඳහා...!!!

වීඩියෝ ගේම් ගසා ඔළුව මඤ්ඤංවී  රටේ ජනතාවද අන්දවා  පොරක් වීමට තැටමූ  හිටපු මහාරජාණන්  ගේ පොඩි පුතාගේ  සිංහලත් නොවන ඉංගිරීසිත් නොවන TALKS
මේ  සැටලයිට් විකාරයෙන්   රටේ  මිනිස්සුන් පිස්සු වැට්ටීමට  විවිධ  බහුභූත  මාධ්‍ය සංදර්ශණද  රාජ්‍ය  මාධ්‍ය ඔස්සේ ගෙන ආ බැව්  ඔබට  මතක ඇති...මේ සඳහාද ලක්‍ෂ ගණන් ජාතික ධනය වැය  කොට තිබුණා...අන්තිමේදී  මෙය  පට්ට  ඇන්දවීමක්  බව  කාටත් තේරුම් ගියාලු.
ආඩම්බරකාර තාත්තා....
රටේ  ජනතාවගෙන්  භාගයක්  හාමතේ  සිටිද්දී ...ඉතිරි උන්ගෙ  සල්ලි වලින් මුං කලේ ෆන් ගත්ත ඵක... හිතුණු  හිතුණු වේලාවලදී කොළඹ මහාමාර්ග  වසා  රේස්  පැදීමට  මහරජාණෝගේ පුතුන්වූ  පළියට මුන්ට  හැකිවිය.
ඈත ගම්දනව් තුළ  ළමුනට පාසැල් යාමට රබර්  සෙරෙප්පුවක් ගන්නට  නොහැකිව සිටිද්දී මුං පැළඳුවේ  ලංකාවේ මුදලින් රුපියල් ඵක්ලක්‍ෂ හැත්තෑදහසක් හෝ  ඊට වැඩි ලුවී විටෝන්  සපත්තුය....

තව දින 8 කින් ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට - රෝහිත රාජපක්ෂ

මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න...

අපි පොඩි රටක්. ඇයි අපි පොඩි වුනාට විශාල දෙයක් කරන්න පුළුවන්...

ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.

නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි.
ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තව ඉතිරිව ඇත්තේ දින 8ක් පමණක් වන අතර මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.

"මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. දැනට අවුරුදු දෙකකට විතර කලින් සුප්‍රීම් සැට් කම්පැනි එක එක්ක කතා කළා මේ වගේ දෙයක් කරමු කියලා. ලංකාවෙ නම ස්පේස් වලට ගෙනියමු කියලා.

මට ආශාවක් තිබුණා. ඇත්තටම මම හැම වෙලෙම ස්පේස් ගැන අධ්‍යනය කරලා පුද්ගලයෙක් වශයෙන්. මම ඒ ගැන ස්ටඩීස් කර කර හිටියේ

එංගලන්තේ අභ්‍යාවකාශ විද්‍යාව. මට ඉන්ට්‍රස්ට් එකක් ආවා. අපි පොඩි රටක්. ඇයි අපි පොඩි වුනාට විශාල දෙයක් කරන්න පුළුවන්.

සැටලයිට් ලෝන්ච් එකට පමණක් නෙවෙයි ඒක යටතේ එන තව පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියනවා. ලංකාවේ ප්‍රථම ස්පේස් ඇකඩමි එක ඩිවලොප් කරන එක. එතකොට ලංකාවේ ඉන්න ඉන්ජිනියර්ස් ලා ට්‍රේන් කරන්න මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියනවා.

එතකොට ඒ වගේම අපි ලංකාවේ ඉගනගන්න කටීයට මේ ඉන්ඩස්ට්‍රි එක ගැන වැඩි දැනුමක් නෑ. දැනුමක් ලබාගන්න අවශ්‍යතාවයක් තිබුනට ඉදියට යන්න මඟක් නෑ. මම හිතන්නේ නෑ අපි පරක්කුයි කියලා. අපි ඒ මඟ සලසන්න බලාපොරොත්තු වෙනවා.

අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ බුද්ධි ගලනය නොවී ලංකාවේ තියගන්න. ලංකාවේ කොච්චර දැනුම තියන පුද්ගලයෝ හිටියට බුද්ධි ගලනය සිදුවෙනවා.

රටෙන් පිටවෙච්ච දැනුම, ඤාණය නැවත ලංකාවට ගෙන එන්න ඕනේ. අපේ ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නේ නැතුව, ලංකාවේ ඒක ඉන්ට්‍රඩියුස් කරන්නේ නැතුව කියන්න බැහැ ඇවිල්ලා මොනා හරි කරන්න කියලා.

ඉනීෂියල් ස්ටෙප් එකක් හැටියට අපි මේක ලෝකෙට ඉන්ට්‍රඩියුස් කරනවා. ඒ කට්ටිය එන්න කැමති නම් අපි බඳවාගන්න, සම්බන්ධ කරගන ඒ අගයේ දැනුම භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා."

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger