BREAKING NEWS

රටතොට

Sunday, February 22, 2015

ශෂී වීරවංශ අත් අඩංගුවේ...!!! හැබැයි දුමින්ද ඵළියේ....!!!

 
ජාතික නිදහස් පෙරමුණේ නායක  හිටපු අමාත්‍ය විමල් විරවංශගේ බිරිඳ ශෂී විරවංශ අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අවිධිමත් ලෙස රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බව ය.

 ඇය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ශෂී වීරවංශ  පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැලකීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අංක 429 දරණ සුඛෝපභෝගී පහසුකම් සහිත කාමරයේ සැඟවී සිටින බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ වන විට  එම කාමරයේ දොරටුවේ ‘No Visitors - Do not disturb' සඳහන් පුවරුවක් එල්ලාගෙන සිටි බැව් සඳහන් ය.
ඇය මෙම රෝහලේ නේවාසිකව සිටින බව රහස් පොලීසිය දනිතත් ඇයව අත්අඩංගුවට නොගෙන සිටින්නේ ටිකට් කපන තුරු බව  මෙම තොරතුරු ලබාදුන් තැනැත්තා පවසා සිටියේය.
මෙම රෝහල හිමි දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් මතුවූ කරුණකදී එය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නොකිරීම සඳහා එකල විමල් වීරවංශගේ හෝකන්දර නිවසේදී ශෂී වීරවංශ  හමුවී මිලියන 5 ක මුදලක් ඇයට ලබාදුන් බව එකල ප්‍රසිද්ධ වී තිබුනි

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger