අතුරු අයවැයෙන් යෝජනා කර තිබූ වර්ග අඩි 5000ට වැඩි නිවාස හා රුපියල් මිලියන 100 ඉක්මවන නිවාස වෙනුවෙන් පැනවූ මන්දිර බද්ද සංශෝධනයට ලක් කිරීමට මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් තීරණය කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව ඉදිරියේදී බදු අය කිරීමේදී පරම්පරාවෙන් පැවැති එන එවැනි නිවාස වෙනුවෙන් මුදල් අය නොකිරීමටත්, මහල් නිවාස සංකීර්ණ ඇතුළු එවැනි ගොඩනැගිලිවලින් බදු අයනොකිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේම මෙම බදු අය කිරීම ආසන්න වසර 05ක් හෝ 06ක් ඇතුළු කාලයේ ඉදිකරනු ලැබූ මන්දිර වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.
එවිට මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් සහ තම දේශපාලන සගයින්ට අදාල බදු ගෙවීම අවශ්‍ය නොවන බව කියවේ..
මෙවර ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් හදුන්වා දුන් බදු අතර එකක් වන මන්දිර බද්ද මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම්ටත් අදාල වෙන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි .ඒ අනුව අනෙකුත් බොහෝ මැති ඇමැති වරුන් මෙන්ම බද්ද හදුන්වා දුන් මුදල් ඇමැතිවරයාද එම බද්ද ගෙවිය යුතු අය අතර වන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
මෙම නව බද්දට අනුව රුපියල් කෝටි 10 ට වඩා වැඩි වටිනාකමින් හෝ වර්ග අඩි 5000 ට වැඩි ඉඩප්‍රමානයකින් යුතු නිවාස හිමියන් විසින් වාර්ෂිකව තම ප්රතදේශයේ අදාල පළාත්පාලන ආයතනයට රුපියල් මිලියනයක් (ලක්ෂ 10 ක් ) බදු වශයෙන් ගෙවිය යුතු වෙනවා. මෙම බද්ද දැනට පවතින වරිපනම් හා අනෙකුත් අදාල ගාස්තු වලට අමතරව ගෙවිය යුත්තක්.
නවතම තොරතුරු වලට අනුව මන්දිර බද්ද සංශෝධනය කිරීමට යන බව වාර්තාවේ ......
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment