සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් සම්පූර්ණයෙන් වෙළඳපොල අහෝසි කර දැමූ විට බඩු හිඟය ඇති වී මිනිසුන් කර කියා ගත නොහැකි වන බව අත්දුටුවේ සෝවියට් රැසියාව ආරම්භයේ දී ය.
එදා සපත්තු ගන්න කඩේ ගිය මනුස්සයාට ලුණු දැමූ හෙයරින් මාළු පමණක් කඩ රාක්කයේ දකින්නට තිබිණ. හැම තැනකම පෝලිම් බිහි වී මිනිස්සු කඩේ තියෙන දෙයක්, තමන්ට අවශ්‍ය නොවූවත් පෝලිමක තැප සිට මිල දී ගත්තේ එය අවශ්‍ය කෙනෙකුට දී තමන්ට අවශ්‍ය බඩුවකට හුවමාරැ කරගැනීමේ අපේක්ෂාවෙනි.
රජය නීතියක් පනවා ඉඩම් රජයට පවරා ගත්ත ද, ධාන්‍ය රජයට පවරා ගත්ත ද, කම්හල් රජයට පවරා ගත්ත ද, සියළු වැසියන් ශ්‍රමිකයන් බවට හැරවූව ද, පාන් අවශ්‍යතාවය පිරිමසන පාන් නිපදවීම සිද්ධ වූයේ කෙසේදැයි පැහැදිලි කරන්නට රටේ කිසිවෙක් නොදත්හ.
එහෙත් ඒ ජනතාව ගියේ යළිත් ලොව පැරණි හුවමාරැ ආර්ථිකයට ද නොවේ. පුද්ගලික අයිතියෙන් තොර වූ නිසා තමන්ගේ නිෂ්පාදන ක්‍රම සඳහා අවසර නොලැබුණි. ඔවුන් මෙය හදමු සහ මෙසේ හදමු යැයි අනුන් කියන නිෂ්පාදනයේ ශ්‍රමය වෙහෙසෙන ලදි. බෙහෙත් හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හමුවේ මිනිස්සු රටේ නීතිය උල්ලංඝණය කරමින් කළුකඩකාරයන්ගේ සෙවන පැතූහ.
පැරණි හුවමාරැ ආර්ථිකයේ දී අයෙක් තම කුසලතාවය හෝ සම්ප්‍රදාය අනුව දැයක් හදයි. එය තමන්ට අවශ්‍ය දැයකට හුවමාරැ කර ගනියි. මුදල් ක්‍රමය ඕපපාතිකව ලොව බිහි වීමත් සමඟ තමන්ට අවශ්‍ය දැය තමන් කැමති මිලකට මිල දී ගන්නට මිනිසාට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. මැටි හට්ටියක් ගන්නට වරකා ගෙඩියකින් බාගයක් කපන ගැටළුව විසඳාගත හැකිවිය...!!
භාණ්ඩ වල මිල ගණන් (prices) විසින් වෙළඳපොලේ, එනම් මිල දී ගන්නා සියල්ලන් හා විකුණන අය සියල්ලන් අතර සිද්ධ වෙන අනේක සංඛ්‍යාවක ගණුදෙනු වෙතින්, ඉෂ්ට කරන්නේ අපූර්ව කාර්යයකි. කඩේට යන මිනිසාට තමන් සොයන භාණ්ඩය හෝ සේවාව තමන් කැමති මිලකට මිල දී ගන්නට ඉඩක් පාදා දෙයි.
ලොව කිසිම මිනිසෙකුට හෝ මිනිසෙක් වෙතින් නිර්මාණය වූ පද්ධතියකට නැති දැනුමක් වෙළඳපොල සතුයි. එය හැම මොහොතකම යාවත්කාලීන වෙන තොරතුරැ සමූහයකින් යුතුයි. හැම මොහොතකම දත්ත ගලපයි. හැම මොහොතකම වැඩියෙන්ම හොඳ නිෂ්පාදනය අඩුම මිලකට ලබාගත හැකි ආකාරය පාදා දෙයි.
මිල ගණන් විසින් කරන අගනා කාර්ය භාරය ගැන ලොව ප්‍රථම වරට විධිමත් ලෙස අධ්‍යයනය පටන් ගත්තේ ලුඩ්විග් වොන් මීසස් විසිනි. ඔහු මුලින්ම අධ්‍යයනය කළේ සමාජවාදී වෙන්නට ගිය ඔස්ට්‍රියන්-ජර්මන්-හංගේරියන් අධිරාජ්‍යයේ ආර්ථික ක්‍රමයයි. යුරෝපීයයන් සමාජවාදී ආර්ථික නැඹුරැවක සිටිය දී රැසියානුවන් සමාජවාදී ආර්ථික ක්‍රමයක් විප්ලවයක් දියත් කර පිහිටුවා ගත්හ. ලුඩ්විග් වොන් මීසස් එදා රැසියාවේ බැංකු ක්‍රමය හා ආර්ථිකය බංකොළොත් වෙන්නට යා නොදී බේරාගත්තේ මිල ගණන් කරන වැදගත් මෙහෙය ඉතා රළු ලෙසකින් ඉදිරිපත් කරන්නට සමත් වූ නිසත් වෙන විකල්පයක් නොදැකි (වෙන විකල්පයක් නැති නිසා) ඔහුගේ උපදෙස් සෝවියට් බැංකුකරැවන් ක්‍රියාත්මක කිරීම නිසාත්ය.
වැඩ කරන්නේ කෙසේදැයි සොයා නොබලා දියත් කළ ආර්ථික ක්‍රමයකින් ශ්‍රමය වෙහෙසන පිරිස කොතරම් ඉහළ වුවත් (එදා සෝවියට් දේශයේ රස්සාවක් නොමැති පුද්ගලයෙක් නොවිණ) ජනතාවට අවශ්‍ය භාණ්ඩ සහ සේවා රජයේ සමූපාකාරයට එන්නේ කෙසේදැයි ගැන දැනුමක් සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් නොලැබුණි.
වෙළඳපොල ආර්ථිකයට බාධා ගෙන එන සෑම සුළු රාජ්‍ය නීතියක දී ම පවා පරදින්නේ භාණ්ඩ මිල දී ගන්නා ජනතාවයි. බඩු මිල මෙපමණකින් අඩු කරන්නට රජය සමත් වූවා යැයි කියද්දී හුරේ දමන අය, රජය යනු නීතියක් ගෙනැවිත් බඩු මිල අඩු කරන්නට හැකියාවක් නැති යාන්ත්‍රණයක් බව නොදනිති.
භාණ්ඩ මිල දී නොගන්නා අයෙක් ලොව නැත. හැමෝම ළඟට වැටෙන දෙයක් කා ජීවත්වෙන වනගත තපසුන් නොවෙති. පාන් වෙනුවට මුං කැවුම් කන්න, මේද වැඩි ආහාර කන්න එපා, මත්පැන් බොන්න එපා, සිගරට් බොන්න එපා, යනාදිය කවුරැ කෙසේ කීවත්, මොන පර්යේෂණ දත්ත පෙන්වූවත්, මොන නීතියක් පැනවූවත් මිනිසා මිල දී ගන්නේ තමන් කැමති දෙයකි. මෙහි වැදගත්කම අමතක කරමින් නිෂ්පාදනය සහ පරිභෝජනය හසුරැවන්නට තමන් දන්නවා යැයි මැදිහත්වීම්වාදී රජයක් විශ්වාස කරයි.
සමාජවාදයට වඩා මැදිහත්වීම්වාදය වෙනස් වුවත්, රටක බාධා සහිත වෙළඳපොල ආර්ථිකයක් තිබෙන විට, එනම් බඩු මිල නියම කරන ආණ්ඩුවේ බලහත්කාරකම් කිරීමේ බලය පවතින විට එයින් නිෂ්පාදනය සහ පරිභෝජන සිද්ධ වෙන්නේ වෙළඳපොල හෙවත් බඩු මිල දී ගන්නා සහ විකුණන අය කැමති විදියට නොවේ. අනුන් විකිණිය යුත්තේ මොනවාදැයි සහ මිල දී ගත යුත්තේ මොනවාදැයි නීති පනවන අය පවා මිල දී ගන්නේ ඔවුන් කැමති දේවල්...!!! ඔවුන් මිල දී ගන්නට කැමති දේවල් වලට වියදම් කරන්නේ ඔවුන් ගෙනා නීතිය අනුගමනය නොකිරීමෙන් අපරාධකාරයෙක් වෙන ඔබයි.
මැදිහත්වීම් සියල්ලක්ම අසාර්ථකත්වය කරා ගමන් කරති.
මැදිහත්වීම් සියල්ලක්ම ඒවා ගෙනා අයගේ දැක්ම අනුව වෙනස් විය යුතු කොන්දේසි මිසක රටේ සියල්ලන්ගේම කැමැත්ත අනුව වෙනස් වෙන කොන්දේසි නොවේ. ඉතින් ඒ මැදිහත්වීම් සියල්ල අගයන ජනතාවක් නැති නිසා ජනතාව අතර කෙමෙන් මැදිහත්වීම්කරැවන් ගැන අප්‍රසාදය හටගනියි. මේ පාලකයා ද පළවා හැර වෙන පාලකයෙක් සොයන්නට පටන් ගනියි.
ජනතාව විසින් සියල්ලන්ටම සාධාරණත්වය ඉටු කරන වෙළඳපොල කුමක්දැයි විමසීම පවා අත්හැර දමා, නැවත නැවතත් දේශපාලනයෙන් විසඳුම් සොයන්නට ශ්‍රමය වෙහෙසති.
තම ශ්‍රමය ඵලදායී ලෙස වෙහෙසන්නේ කෙසේදැයි උරගා බලන්නට බාධක වැඩි වෙළඳපොලේ ඉඩක් නොලැබෙන නිසා ජනතාව රජයේ යාචකයන් බවට පත් වෙති. වැටුණු කටෙන්ම ගොඩ එන්නට ඕනෑ යැයි සිතා මේ ආණ්ඩුව වෙනස් කර වෙන ආණ්ඩුවක් ඉල්ලති. එහෙමත් නැත්නම් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වගේ ජනතාව වූ අපිට වෙනස් වෙන්න බැරි නිසා, වෙන ජනතාවක් පත් කරගන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලයි...!!!
සහතික මිල ඇති රටවල බඩු මිල ඉහළ බවත් සහතික මිල නැති රටවල බඩු මිල අඩු හා අනේක විධ භාණ්ඩ වෙළඳපොලේ පවතින බවත් කිසිම මාධ්‍යයක් හෝ කිසිම රජයේ පාසැල් අධ්‍යාපනයකින් පැහැදිලි කර නොදේ.
ඵලදායී ශ්‍රමය නැතිව ඵලදායී ආර්ථිකයක් බිහි නොවේ. ඉතින් තවත් කොපමණ කාලයක් වෙළඳපොලට මැදිහත්වීම් කරමින් තව තවත් නිෂ්පල ලෙසකින් ශ්‍රමය වෙහෙසමින් රට දියුණු වෙන්නේ නැත්තේ ඇයිදැයි සුසුම් හෙළන්නේ ද? නැත්නම් ආණ්ඩුව විසින් රටේ බඩු මිල සහතික කිරීම නවත්වා දැමිය යුතු කාලය පැමිණ ඇතැයි කියනවා ද..?

Post a Comment