- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, February 15, 2015
මියගිය එකාත් පින්තූරයේ සිටින එකාත් හැර ....!!!
විග්නේශ්වරන්ගේ වලිගයේ ගින්දර....
පූසකු මෙන් 'ඤාව් ඤාව්' ගාමින් සිටි උතුරේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් හිටපු ගමන් කොටියකු බවට පත් වී 'ගර් - ගර්' ගාමින් නිය පඳුරු විහිදුවන්නට පටන් ගැනීමෙන් පෙනී යන වැදගත් ම කාරණය වන්නේ මියගිය එකාත් පින්තූරයේ සිටින එකාත් හැර මෙලොව ජීවතුන් අතර සිටින කිසිදු මනුස්‌සයකු විශ්වාස කරන්නට බැරි බව ය. විග්නේශ්වරන් කට වසාගෙන සිටියේ ආණ්‌ඩු මාරුවක් එන තුරු පමණි. උතුරට ස්‌වයං පාලනයක් ලබා දෙන ලෙසත්, උතුරේ යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර පරීක්‍ෂක කණ්‌ඩායමක් එවන ලෙසත් කියමින් මහින්ද රාජපක්‍ෂ පැරදී ගෙදර ගිය සැනින් විග්නේශ්වරන් නටන්නට පටන් ගත් නැටුම ඉතාම අව්‍යක්‌ත, ගොන්, දේශද්‍රෝහි නාඩගමකි.
සිංහල - දෙමළ සාමයක් ඇති කිරීමට සාම්ප්‍රදායික දෙමළ නායකයන් තුළ කිසිදු උනන්දුවක් නැති බව විග්නේශ්වරන්ගෙන් පෙනී යයි. සිය ජීවිතයෙන් වැඩි කාලයක් දකුණේ සිංහල බහුතර ආණ්‌ඩුවේ සුවච කීකරු විනිශ්චයකාරයකු ලෙස සේවය කළ විග්නේශ්වරන් පැය 24 ක් තුළ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී චින්තනය සමඟ එකතු වී සිටින්නේ ය. බෙදුම්වාදයට ආවැඩීම ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. බෙදුම්වාදයට ආවඩන්නා ත්‍රස්‌තවාදියෙකි. ඒ අර්ථයෙන් ගත් කල විග්නේශ්වරන් කවරෙක් ද යන්න අර්ථකථනය කර ගැනීම පාඨකයාගේ රාජකාරිය ය.
භූමිය යනු බෙදා ගත හැකි තැනක් බව ඇත්ත. මෙයට අවුරුදු කෝටි ගණනකට පෙර පෘථිවියේ මහාද්වීප පහම තිබුණේ එකක් ලෙස ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන්, භූගෝලීය හේතු සහ ස්‌වභාවධර්මයාගේ වුවමනාව මත ඒ තනි භූමිය කැඩී මහාද්වීප පහක් බිහි විය. ඒ මිස මනුෂ්‍යයාට ඕනෑ පරිදි භූමිය වෙන් කළ නො හැක. එසේ කරන්නට උත්සාහ කළ බොහෝ දෙනා, ප්‍රභාකරන් පරිදිම ඉතා දරුණු මරණවලට මුහුණ දුන්හ. උතුර දකුණින් කැඩීම යනු ශ්‍රී ලංකාව නමැති අධ්‍යාත්මික දේශයේ බෙල්ල කැඩීමකි. එයට මේ පොළොවේ හැදුණු වැඩුණු සිංහල බොදුනුවෝ ඉඩ දෙත්ද....? බෙදුම්වාදයට විරුද්ධ සිංහල කතෝලිකයෝත්, දෙමළ හින්දුවරුත් ඉඩ දෙත්ද? කිසිසේත්ම නැත. උතුර වෙනම රටක් බවට පත් වී ලංකාව කැඩී බිඳී යනු දැකීමට අකමැති ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ සහෝදරවරු ඕනෑ තරම් අප අතර වෙති. ඔවුහු වැල්ලවත්තේත් සිටිති. වවුනියාවේත් සිටිති. කිළිනොච්චියේත් සිටිති. ඡේ. ආර්. ජයවර්ධන ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කර පළාත් සභා ප්‍රකාශයට පත් කළ විට ආණ්‌ඩුව මේ එන්නට යන්නේ ප්‍රභාකරන්ට සහය පළ කරන ඊළමක මුල් අවස්‌ථාවට යෑයි කියූ ප්‍රගතිශිලී සිංහල ජනයා සහ ජනතා විමුක්‌ති පෙරමුණ මහ පාරට පැන සිය කෝපය මුදා හරින්නට පටන් ගත්හ. උතුර යනු ඉතා සංවේදී තැනකි. දකුණේ කටයුතුවලට උතුරෙන් තිබෙන බලපෑම ඉතා ඉහළ ය. උදාහරණයක් කියමු අලුත් ආණ්‌ඩුව බලයට පත් වී පැය කිහිපයකට පසු උතුරේ හමුදා කඳවුරුවලට දෙමළ ජනයා විසින් ගල් ගසනු ලදැයි කියන පුවතක් රටේ සෙසු ප්‍රදේශවලට පැතිර ගියේ ය. මෙයින් දකුණේ ජනයා මහත් සේ කලබලයට පත් වූ අතර එය බොරු ආරංචියක් බව පුන පුනා කීමට හමුදා ප්‍රකාශකට පවා සිදුවිය. උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් ද තම වයසට සහ තත්ත්වයට නොගැළපෙන පරිදි ගොන් කතා කීමෙන් දකුණේ සිටින ජනයා මහත් සේ කලබලයට පත් වන්නේය. දකුණ යනු සිංහල, දෙමළ, මුස්‌ලිම් යන ජන වර්ග තුන ඉතා සාමයෙන් ජීවත්වන තැනකි. ප්‍රකෝපකාරී ප්‍රකාශ මගින් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ දකුණට ගිනි තබන්නට ද...? හනුමාගේ පාට් එක ඇට් කරන්නට ද...?
දිවයින කතු වැකියෙන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment