කිසියම් චරිතයකට නළුවාගෙන් සාධා රණය ඉටුවීම හා චරිතයෙන් නළුවාට සාධාරණය ඉටුවීම සිදුවන්නේ එකට. මෙය අන්තර් හුවමාරුවක්. චරිතයක් ගොඩනැගීමේ ප‍්‍රතිඵලය නළුවා යළි ඉගෙන ගැනීමයි මෙම ක‍්‍රියාවලිය ගැන ඔබේ අදහස මොකක්ද....?
නළුවා විසින් කරන්නේ චරිතය නිරූපණය කිරීමයි. චරිතය ඔහු විකාශය කරනවා. අනෙක් අතට චරිතය විසින් නළුවා තුළ යම්කිසි වර්ධනයක් සිදුකරන්න පළමුව ඒ චරිතය ඔහු කළ යුතුයි. චරිතය නිරූපණය කියන එක දෙවන කාරණයක්. පළමු කොටස චරිතය අධ්‍යයනය කිරීමයි. නිකම්ම සාධාරණී කරණයක් සිදුවෙන්නේ නැහැ. චරිතය ගොඩ නැගුණු පරිසරය මෙහි චරිත ලක්ෂණ කවරේද යනාදී සියලූ දේවල් දැනගත හැක්කේ චරිතය පිළිබඳව කරන අධ්‍යයනයකිනුයි. මේ අධ්‍යයනයෙන් තොරව කිසිම සේවයක් කොයි පැත්තකටවත් සිදුවන්නේ නැහැ. ඊළඟට රංගනය ගොඩනැගෙන්නේ කිසියම් නිර්මාණයක් වෙනුවෙන් නිසා මේක සාමූහික කාර්යයක්. එහෙම නම් ඔවුන් අතර සාකච්ඡුාවකුත් අවශ්‍යයි. රචකයා චරිතය තබන කිසියම් සමාජ පසුබිමක් තිබෙනවා. නැතහොත් ඊට තර්කයක් තිබෙනවා. යථාර්ථය තුළ නැති හුදෙක් පරිකල්පනය තුළ ඉන්න චරිතයක් රචකයා ගොඩ නගනවා වෙන්නත් පුළුවන්. ඒක එක්තරා අපූර්වත්වයකින් යුතු දෙයක්. ඒ අපූර්වත්වය තමයි නළුවා හෝ නිළිය චරිතය ගොඩනැංවීමේදී ග‍්‍රහණය කරගන්න ඕනෙ. නළුවා හෝ නිළිය හරියටම මේ වැඬේ කළහොත් පමණයි නිර්මාණය පරිපූර්ණත්වයට පත්වෙන්නේ. මේ තත්ත්වය තුළ නළුවාගේ හෝ නිළියගේ නිදහස 100%කින්ම ශේෂ වෙන්නේ නැහැ. මන්ද අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික ශෛලියක් හා අදහසක් තුළයි චරිතයක් ගොඩනැංවෙන්නේ. නළුවා හෝ නිළිය උත්සුක වියයුත්තේ තමන් ළඟ තියන දැනුම හා කුසලතා එකතු කරගෙන අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ මතුකර දෙන්න. ඔහු අදහස් කරන දේ ශිල්පියාට දෙන්න බැරි නම් රංගනය සාර්ථකයි කියලා කියන්න බැහැ.
ඔබට අනුව Acting කියන්නේ මොකක්ද....?
යම්කිසිි චරිතයක් සිනමානුරූපීව නිරූපණය කිරීම. මේ පිළිබඳ විවිධ න්‍යායන් තිබිය හැකියි. ඒත් මම කරන්නේ සහ පිළිගන්නේ ලී ස්ට‍්‍රාස්බර්ග් (1901-1982) කියන චරිත නිරූපණ ශිල්පියාගේ ක‍්‍රමය. ඔහු මේ විෂය ගැන ගැඹුරින් සාකච්ඡුා කරන්න ගත්තේ 1930දී විතර. ගෝඞ් ෆාදර් 02 චිත‍්‍රපටයේ හයිමන් රොත්ගේ චරිතය කළේ ස්ට‍්‍රාස්බර්ග්. මම ඔහු කියන දේ ටිකක් කල් ඉඳලා කියවලා තිබුණා. ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයේ චරිතයක් ලැබුණු විට එය සිනමානුරූපී ලෙස නිරූපණය කළ යුතු බවයි ඔහු කියන්නේ. කෙනෙක් ස්වාභාවික විදියට ගමන් බිමන් ගියාට ඒක ඇක්ටින් වෙන්නේ නැහැ. සිනමානුරූපීව සාමාන්‍ය තත්ත්වය නිරූපණය කිරීම තමයි ඇක්ටින් වෙන්නේ. හැබැයි මේක අනුගත වෙන්න ඕන චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයාගේ ෆේ‍්‍රම් එක තුළට. ඒ අතරම මෙය සිනමාවේදී වුවත් සාමාන්‍ය ජීවිතයේ ක‍්‍රියාකාරකමට වඩා ටිකක් විශාලයි. ලී ස්ට‍්‍රාස්බර්ග් කියන දේ තමයි මම හැම තිස්සෙම රඟපෑමේදී ඔළුවෙ තියාගත්තේ.
ලී ස්ට‍්‍රාස්බර්ග්ගේ න්‍යායේ විශේෂත්වය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද...?
ඔහු කියන්නේ රඟපෑමේදී හැඟීම් හා චිත්තවේගවලට ප‍්‍රධාන තැන දිය යුතු බවයි. එනම් භාවයන් මතුකර ගැනීම ප‍්‍රබල විය යුතුයි. චිත්තවේග ප‍්‍රකාශ කිරීම් ප‍්‍රබල නොවී වෙන මොනවත් කර වැඩක් නැති බවයි ඔහු කියන්නේ. මම ඒ අදහසට පළමු තැන දෙනවා. ජීවිතවල වැදගත්ම දේ චිත්තවේග හා හැඟීම්නේ. ඒ අනුවනේ ඕනෑම කෙනෙක් ක‍්‍රියාකරන්නේ. අපි චිත‍්‍රපටයක් බලනකොට පේ‍්‍රක්ෂකයන් තුළ ඔවුන්ගේ ආධ්‍යාත්මය සෙලවෙන්නේ නැත්නම් ඒකෙ එච්චර අර්ථයක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. මම හැම තිස්සේම පේ‍්‍රක්ෂකයාගේ ආධ්‍යාත්මය සොලවන විදියේ රඟපෑමක් කරන්න උත්සුක වෙනවා. හැඟීම්, චිත්තාවේග මගේ කුසලතා මගින් නිශ්චිත රාමුවක් තුළ පෙන්නුම් කිරීම මගින් එය කළහැකියි කියලයි මම විශ්වාස කරන්නේ. හැබැයි ඒක චිත‍්‍රපටියේ අවස්ථාවට උචිත වෙන්න ඕන.
ඔබ දායකත්වය දුන් නිර්මාණ කිහිපයක් ඇසුරින් ස්ට‍්‍රාස්බර්ග්ගේ න්‍යාය භාවිතයට ගත් අවස්ථා එකක් දෙකක් පැහැදිලි කළ හැකිද...?
මම ස්ට‍්‍රාස්බර්ග්ගෙ ඉමෝෂන්ස්වලට පළමු තැනදීලා රඟපාපු ප‍්‍රධාන චිත‍්‍රපටය තමයි ධර්මසිරි බණ්ඩාරනායකගෙ තුන්වැනි යාමය. ඒ 1983දී. එහි සිටින තරුණයා මනෝ ලිංගික ගැටලූවකට මුහුණ දුන් කෙනෙක්. එම චිත‍්‍රපටය පුරාම හැඟීම් එක්ක ගනුදෙනු කරන තරුණයෙක් නිරූපණය කරන්න මට හැකිවුණා. ධර්මසිරිත් ඒ වෙලාවෙ මටම හරියන ඩිරෙක්ටර් කෙනෙක් වුණා. මිනිස්සුන්ගේ ගුප්ත ගූඪ ඇතුළාන්තයක් තියෙනවා කියලා නොසිතන කෙනෙක් ඔය වැඬේට ඉඩ දෙන්නේ නැහැ. මනෝලිංගික බොළඳතා, ගැටලූ, තණ්හා ගුප්ත බව ආදිය මෙහිදී අධ්‍යයනය කළයුතු වුණා. මම පර්සි පීරිස් කියන මේ චරිතයට ගොඩාක් පුහුණුවීම් කළා. මම රූගත කරන්න කලින් ධර්මසිරිට ඒ හැම සීන් එකක්ම කරලා පෙන්නුවා. ඒක මගේ තීරණයක්. නළුවො එහෙම කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒකෙ රඟපෑවෙ ඉන්දිරා ජෝන්ක්ලාස්, වින්සන්ට් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ, ග‍්‍රැන්විල් රොඩි‍්‍රගු, කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න වගේ අය ඔවුන් මගේ මේ වැඬේට සියයට සියයක්ම එකඟ වුණා. මං ඒ මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ අය නොවෙන්න මට මේ චිත‍්‍රපටි දෙක තුනවත් කෙරෙන්නේ නැහැ.
ගම්පෙරළිය ටෙලිනාට්‍යයේ පියල්ගේ චරිතයත් ඔබට ලැබුණු විශේෂ චරිතයක් බව පෙනුණා.
බර්ට‍්‍රම් නිහාල් ගම්පෙරළිය, 16 mm චිත‍්‍රපටයක් ලෙසයි කරන්න ගියේ. ඒක කරගන්න බැරිවුණා. මම ඒකෙ එඩිටර්. පියල්ට වෙන කවුද තෝරාගෙන හිටියේ. පස්සේ වැඬේ නැවතුණා. ටෙලිඩ‍්‍රාමා එකක් බවට මේක පත්කරන්න බර්ට‍්‍රම් තීරණය කළා. පියල්ට ඇක්ට් කරන්න එනවා කියපු කෙනා ආපු නැති නිසා මට කරන්න කිව්වා. ඔය අවස්ථාවේ මම බටහිර ජර්මනියේ ෆිල්ම් එකක වැඩ කර කර හිටියේ ඒකෙ සහය අධ්‍යක්ෂවරයකු ලෙස. ෆිල්ම් එක ‘සර්කස් ඔන් ද මූන්.’ මට ඒ අය සමග හංගේරියාවට යන්න වෙලා තිබුණා. එහෙම යන්න හිතාගෙන ඉන්නකොට තමයි ගම්පෙරළිය ආවෙ. මම හංගේරියාවට නොයා ඒක කළා. මම එතනදිත් තැන දුන්නේ ඉමෝෂන්ස්වලට. සිනමානුරූපී නිරූපණය ලේසි වුණා. ඒ වනවිට මම සිනමාවේදය හදාරලා තිබුණු නිසා. කැමරාවේ තියන ලේන්ස් එකට අදාළව ඕනෙ ඇහි බැම උස් කරන්න, ඇස් ලොකු කරන්න වගේ දේට. කොතනින්ද මේක කට් වෙන්නේ කියලා හිතාගත හැකි නම් නළුවාට පුළුවන් ඇක්ෂන් එක හෝ ඉමෝෂන් එක නියමිත අවස්ථාවට දෙන්න. මේකෙ එක්ස්පර්ට්ලා තමයි ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික‍්‍රම. මම තදින් විශ්වාස කරන දේ තමයි රංගනය වෙනම පාසලක ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි. ඒත් අපි කාටවත් ඒ අවස්ථාව ලැබිලා නැහැ. හැබැයි මම සිනමාවේදය විෂයක් හැටියට ඉගෙන ගෙන තියනවා. ඒක මට චරිත නිරූපණයට උපකාර වුණා. මම කියන්නේ ඒ සමග චරිතයක් අධ්‍යයනය කිරීමට සමර්ථ වන ලෙස ලෝකය සහ සමාජය පිළිබඳ සංජානනයක් පුද්ගලයකුට තිබිය යුතුයි. රංගන ශිල්පියකුට ලෝකය දෙස බලන දර්ශනයක් තියෙන්න ඕන. එතකොට තමයි ඔහුට චරිතය ගොඩනගන්න පදනම ලැබෙන්නේ. නැත්නම් මොනවා මතද ඔහු චරිතය ගොඩනගන්නේ. දර්ශනය මුසුවෙනවා ඇක්ට් එකට බලන්නකො රෝමන් පොලොන්ස්කිගෙ ඔයැ ඡුස්බසිඑ කොහොමද රංගන ශිල්පියාගේ වැඩ. සමාජය සහ ලෝකය පිළිබඳ අන්තර් ඥානයක් තිබෙන කෙනෙකුට රංගනය අල්ලා ගන්න ලේසියි. මේක නිකම් ලැබෙන්නේ නැහැ. මහන්සිවෙලා ලබාගන්න ඕන.
ලෝක සිනමාවේ නිර්මාණයක් දෙකක් ඇසුරින් රංගනය පිළිබඳ මේ කාරණය තවදුරටත් විමසිය හැකිද...?
ශ‍්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සිනමා විෂය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ මමත් උගන්වනවා. එහි අධ්‍යක්ෂවරියක් වරක් මගෙන් ඇහුවා ඔබ කැමති සිනමාවේදියකුගේ චිත‍්‍රපටයක් පෙන්වලා දවසක වැඩමුළුවක් කළ හැකිද කියලා. මම කැමති සිනමාකරුවෙක් තමයි අකිරකුරසෝවා. රෂෝමොන් තමයි මම තෝරා ගත්තේ. රෂෝමොන් එකේ හොරාගේ චරිතය නිරූපණය කෙරී තිබෙන්නේ සාමාන්‍ය පුද්ගලයකුගේ චර්යා රටාව අනුව නෙමෙයි. ඔහු පෙරළෙන විදිය දුවන විදිය, ගහගන්න විදිය, දෙබස් උච්චාරණය ආදී සියල්ල තාත්විකත්වය ඉක්මවූ අධිතාත්විකත්වයක තිබෙන්නේ. ඒත් හැමෝම පිළිගන්නවා මේක අතිවිශිෂ්ට රංගනයක් කියලා. එතකොට විශිෂිට රංගනයක් නිරූපණය කෙරෙන්න තාත්විකවාදී වෙන්නම ඕනෙ නැහැ. ඒක කියන්නයි මම මේ නිදර්ශනය පාවිච්චි කළේ. රෂෝමාන් චිත‍්‍රපටයෙන් කුරසෝවා ප‍්‍රධාන වශයෙන් කියන්න හදන්නේ සත්‍ය සාපේක්ෂයි කියන එකනේ. සාක්ෂි ගණනාවකින් ඒකනේ මේ කියන්නේ. බහුතරය කියන එකත් එක්තරා සංකල්පයක් විතරනේ. සත්‍ය සාපේක්ෂයි කියන දර්ශනය ඉදිරිපත් කරන්න තමයි කුරසෝවා මෙතනදි සිනමාව පාවිච්චි කරලා තියෙන්නේ. එතෙක් සිනමාවේ තිබුණු සියලූම රංග ක‍්‍රමවේදයන්ට වෙනස් ශෛලියකින් තමයි කුරසෝවා හොරාගෙ චරිතය ගොඩනගලා තියෙන්නේ. මම ඒකේ අනිත් පැත්ත තමයි හැම වෙලාවෙම කෙරුවෙ. රඟපෑම කියලා මම කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේකට. එහෙත් අපි රංගවේදයේ විවිධත්වයට ගරු කළ යුතුයි. විවිධත්වය පිළිගන්නත් සූදානම් විය යුතුයි. තමන් කරන්න හා පිළිගන්න කැමති දේම නොවෙයි ලෝකයේ තිබිය යුත්තේ. විවිධත්වය හරහා තමයි ලෝකයක් ඉදිරියට යන්නේ. රංගන ශිල්පීන් හැටියටත් රඟපෑම කරනවා වගේම සිනමාවේ ඉදිරි ගමනකට අපෙන් දායකත්වයක් තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ වැඬේ එච්චර අර්ථවත් වෙන්නේ නැහැ. තමන් අර්ථවත් දෙයක් කළහොත් පමණයි නියැලිලා ඉන්න වැඩපිළිවෙළ ඉදිරියට යන්නේ. මම රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ළමයි එක්ක කතා කළේ මෙම චිත‍්‍රපටයෙන් කුරසෝවා හඳුන්වා දුන් සිනමානුරූපී භාවිතයන් ගැන පමණයි.
රෂෝමොන් එකේ සොරාගේ චරිතය ඔබට රඟදක්වන්න වුණොත් ඔබ කරන්නේ කොහොමද...?
මම කීයටවත් ඔය චරිතය භාරගන්නේ නැහැ. ඒ විදියට නම් මට කරන්න බැහැ. මගේ විදියකට කිරීම ගැන මම හිතලා නැහැ. හැබැයි ගෝඞ් ෆාදර් එකේ මයිකල් කොරලියොන්ගෙ චරිතය කරන්න කියලා කිව්වා නම් මම භාර ගන්නවා. ඒ කියන්නේ පුතාගේ චරිතය. අල්පචිනෝ, ලී ස්ට‍්‍රාස්බර්ග්ගේ විදියට රඟපාන කෙනෙක්.
විටෝ කොරලියොන්ගෙ චරිතය කරන මාලන් බ‍්‍රැන්ඩෝ ස්ටැනිස්ලව්ස්කිගෙ මෙතර්ඞ් ඇක්ටින් අනුගමනය කරන කෙනෙක්. බ‍්‍රැන්ඩෝගේ සහ අල්පචිනෝගෙ ක‍්‍රමවේද එකට හමුවන විදිය මොකක්ද....?
චරිත විකාශනයේදී ඔවුන් හමුවෙනවා. දෙදෙනා එකම විට රඟපාන අවස්ථා කිහිපයක් තිබෙනවා. දෙදෙනා චිත්තාවේග දෙකක් පෙන්වන්නේ. පවුලේ ආරක්ෂාව පිළිබඳ වගකීම මම ගන්නම් තාත්තේ මගේ පෞරුෂය තුළින් කියන භාවයයි මයිකල් කොරලියොන් පෙන්වන්නේ. විටෝ කොරලියොන් පෙන්වන්නෙ මයිකල් ගැන මම තියාගෙන හිටියේ මේ බලාපොරොත්තුව නෙමෙයි, මගේ බලාපොරොත්තු බිඳ වැටුණා කියන භාවයයි. බලාපොරොත්තු බිඳවැටීම කියන්නේත් චිත්තාවේගයක්. ආරක්ෂිත බව කියන්නෙත් චිත්තාවේගයක්. දෙකක් දෙදෙනා පෙන්වන්නේ. ඔවුන් කෙතරම් සාර්ථකව පෙන්වනවද යන්න තමයි ඒ දර්ශනවල තියෙන්නේ. අංගචලන බැලූවොත් එකම රිද්මය. ලකුණු ලැබිලා තියෙන්නේ භාවයන්ට. චිත්තාවේග පෙන්වීමේ හැකියාවට තමයි ලකුණු ලැබෙන්නේ. එතනටයි ඇක්ටින් එන්න ඕනේ තැන.
ස්ටැනිස්ලවුස්කි කියන විදිහට රංගනය යනු මනස හා කය පිළිබඳ නොනවතින අභ්‍යාසයක්. මේ කාරණය ඔබේ අවධානයට ලක්වෙන්නේ කොහොමද...?
මනස කියන කොටම ඉමෝෂන් එකක්නේ. අංගචලනය කියන්නේ කායික පැත්ත. අපි හිතමු චරිතය ගැටලූවකට මුහුණපානවා කියලා. ගැටලූවකට මුහුණපෑම නිරූපණය කිරීමට ඉතාම උචිතම අංගචලනය තෝරාගැනීම නළුවාගේ වැඩක්. ඒක පොතක ලියලා නැහැනේ. කනගාටුවට අහවල් අංගචලනය කියලා ලියලා තිබුණොත් ඔක්කෝම චිත‍්‍රපටවල කනගාටුවට එකම වැඬේ කරන්න වෙනවානේ. මනෝකායික කියපු ගමන් පරිසරයත් වැදගත්. සෙට් එකේ මොනවද තියෙන්නේ කියන එකත් වැදගත්. චිත‍්‍රපටකරණය ගැන හොඳ දැනීමක් නැත්නම් ඔය මොකක්වත් කරන්න බැහැ කියන එකයි මගේ මතය. මුල ඉඳලම ලූමියේ සහෝදරයො, ජෝර්ජ් මිලියේස්ලා, සිඞ්නි පෝටර්ලා චිත‍්‍රපටි හදාගෙන ආවානේ. ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි වගේ ඒවාත් හැදුණනේ. ඒත් රඟපෑම ගැන කතන්දරේ වැදගත්කම මුල්වරට කියන්න ගත්තේ ඞී.ඩබ්. ගි‍්‍රෆිත්. තවදුරටත් බොරු කරන්න බැහැ. හැඟීම් ප‍්‍රකාශනයට යායුතුයි. ක්ලෝසප්වලට යන්න වෙනවා. ඒවායේ කියවීමක් තිබිය යුතුයි කියන දේවල්වල සමාරම්භකයා ඔහු. ඕනෑම රංගන ශිල්පියෙක් ග‍්‍රිෆිත්ලා මොනවද කළේ කියලා බැලූවොත් හොඳයි. නොබලත් හොඳ රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන් ඇති. ඒක මම දන්නේ නැහැ. ඒත් මම දන්න රංගන ශිල්පියො නම් මේ සේරම බලලා තියනවා. ඉමෝෂන්වල එක්ස්පර්ට් කෙනෙක් තමයි රොඞ්ස්ටයිගර්. ඔහු ඩොක්ටර් ෂිවාගෝ එකේ කමරොව්ස්කි කියන චරිතය චිත්තාවේගවලින් කෙළවරටම ගෙනියනවා. සිඞ්නි ලූමට්ගෙ පෝන් බ්රෝකර් කියන චිත‍්‍රපටයෙත් ඔහු මේ වැඬේ කළා. ඒ චිත‍්‍රපටය 1964දී ලංකාවට ආවා. සිඞ්නි ලූමට් ස්ට‍්‍රාස්බර්ග්ගේ ක‍්‍රමයට සේරම දේවල් කරන කෙනෙක්. කෙනෙක් චිත්තාවේගවලට මුල්තැනදීලා රඟපාන්නේ කොහොමද, ඒකත් එක්ක අංගචලනයන් සමපාත කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න රංගන පාසලකින් පුළුවන්. ඒක මම ඉහළින් පිළිගන්නවා. එහෙම නැත්නම් පෝන් බ්රෝකර් ඩොක්ටර් ශිවාගෝ වගේ ෆිල්ම් බලලත් රංගන ශිල්පියෙකුට යමක් ඉගෙන ගන්න පුළුවන්.
ඇක්ටින් ගැන ලංකාවේ තියෙන ව්‍යවහාරය මොකක්ද...?
දක්ෂ අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් බිහිවෙලා ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් ඉන්න නළුවන්ගෙන් කොහොමහරි ගන්නවා. ජයන්ත, හඳගම, ප‍්‍රසන්න වගේ අය. ඒක තමයි අපේ සිනමාව පිළිබඳ මට තියන එකම ධනාත්මක සාධකය. ඒ සිනමාකරුවන් රඟපාන්නේ නැති වුණාට ඔවුන්ගේ කෘතියට අදාළ රංගනය කුමක්ද යන වග ඔවුන් හොඳට දන්න බව පේනවා. ඒ අයගේ චිත‍්‍රපට දෙස බැලීමේදී ‘මේ ඉන්න ශිල්පීන්ගෙන් ඔවුන් ඒ වැඬේ කොහොමහරි කරගන්නවා.
ඡායා – සහන් වික‍්‍රමාරච්චි
ස්තූතිය රාවය පුවත් පතට
ඡායා – සහන් වික‍්‍රමාරච්චි
Post a Comment