හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරිස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් අටකෝටි හතළිස් දහසක මුදලක් මාස 7ක් තිස්සේ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයක් මඟින් සොයා ගත් කරුණුවලට අනුවය.
සුරාබදු නීතියට අනුව මත්පැන් නිෂ්පාදනාගාරයකින් ගෙවිය යුතු සුරාබදු මුදල් ගෙවීම පැහැරහරින්නේ
නම් එකී නිෂ්පාදනාගාරය වසා දැමීමට නියෝග කළ හැකි වුවත් වයඹ ඩිස්ටිලරිස් සමාගම එම නීතිය මාස 7ක් තිස්සේ ක‍්‍රියාත්මක නොකර සිටීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානින්ගේ ක‍්‍රියාකලාපය කෙරෙහි ද සැක උපදවන්නක් බව සුරාබදු නිලධාරීන්ගේ අදහස වී තිබේ.
එසේම වයඹ ඩිස්ටිලරිස් සමාගම දිවයින පුරා ඇති කාගිල්ස් සමාගම ඇතුළු සතොස වෙළෙඳ සල් හරහා තම නිෂ්පාදන බෙදා හැරීමට පියවර ගෙන ඇත්තේ අනිකුත් මත්පැන් නිෂ්පාදකයින්ට අසාධාරණයක් වන පරිදි ඒකාධිකාරිත්වයක් පවත්වා ගෙන යමින් බවට තොරතුරු ද සුරාබදු දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලෙස ලැබී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
වයඹ ඩිස්ටිලරිස් සමාගමේ නිෂ්පාදිත අරක්කු බෝතල් අඩංගු කන්ටේනර් රථ දෙකක් පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමඟ එම සමාගමේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කරනු ලැබීය. ඒ අනුව මෙම තොරතුරු හෙළිදරව්වී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment