BREAKING NEWS

රටතොට

Thursday, February 12, 2015

රට රැකියාවේ වසර දෙක සම්පූර්ණ නම් විශ්‍රාම වැටුපක්...!!! හැබැයි තාම 'ළු'


වසර දෙකක සේවා කාලයක් සම්පූර්ණ කළ විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ රැකියා කටයුතු

අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරන්නේ ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම  වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේනගේ නව රජය තීරණය කර ඇති බවයි. ඒ අනූව මීට අදාළ කෙටුම්පතක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.
මේවන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 15ක් පමණ විදේශ රැකියාවල නිරතව සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ පහ හමාරක් පමණ සේවය කරන්නේ සවුදි අරාබියේය. නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ විදේශ රැකියා නියුක්තිකයින්ට සහන සලසන බවද ප්‍රකාශ කර තිබිණ.
එසේම විදේශ රැකියා නියුක්තිකයින්ගේ අනේවාසික මුදල් ඉතුරුම් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය සියයට 2.5කින් වැඩි කිරීමටත්, විදේශ රැකියා නියුක්තිකයින් ලියාපදිංචි ගාස්තුව රුපියල් 226සිට 147 දක්වා අඩු කිරීමටත්, තීරණය කර ඇත.
ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ ඉතිහාසය 1970 දක්වා දිවයන අතර මෙරට ආදායමෙන් වැඩි කොටසකට ඔවුන්ගේ දායකත්වය ද සෘජුවම බලපායි.  එසේම විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යැවීම මගින් රැකියා ස්ථානවල සිදුවන ගැටලු අවම කර ගැනීමට ද අවධානය යොමුව ඇත. විදේශ රැකියා නියුක්තිකයින්ට වි‍ශ්‍රාම වැටුපක් සකස් කරන බව මෛත්‍රී රජයේ  අතුරු වැයෙන්ද පැවසිණ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger