BREAKING NEWS

රටතොට

Thursday, February 12, 2015

මම දැන් ඩී.වී.ඩී. සිනමා පටවල රඟපානවා....ටෙනිසන් කුරේ ...!!!


සල්ලි දෙන්නං කියලා අපෙන් වැඩ අරගෙන ‍පොලු තියෙන නිෂ්පාදකවරු ඊට පස්සේ අපිව මගහරිනවා. ඒ අවනඩුව කියන්න තියෙන්නේ චිත්‍රපට සංස්ථාවට. 
ඒත් අපේ ප්‍රශ්නයට ඒ අයගේ ළඟ උත්තර නැහැ. මං බොහොම අමාරුවෙන් “ටැංක්යූ බර්ටි” කියල චිත්‍රපටයක් කළා. 
ඒත් අපි චිත්‍රපට ‍පෝලිමේ ඉද්දී සමහරු ‍පෝලිම කඩාගෙන චිත්‍රපටය පෙන්වනවා. ඒ වගේම අපි චිත්‍රපටය තිරගත කළාම චිත්‍රපටය ගලවනවා අපිත් දන්නෑ. මේ ගැන ඇහුවම කියන්නේ ඉහළින් ආපු නියෝග කියලා. දේශපාලන බලය තියෙන අය ඒ බලය යොදලා තම තමන්ගේ වැඩ කරගන්නවා. මම ස්වාධීන කලාකරුවෙක්.


 ටෙනිසන් කුරේ පිළිබඳ විවිධ අදහස් මතවාද ඉදිරිපත් කරන අය ඉන්නවා. ප්‍රබුද්ධ විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ටෙනි ලක්වූ අවස්ථා බොහොමයි.


ඒ වුණත් වාණිජ සිනමාවට සෙනඟ අද්දවා ගන්න ටෙනීගේ විහිළු හේතුවක් වුණ බව අප කොයි කාටත් පිළිගන්න වනවා. පසුගිය දාක ටෙනි අපේ රිද්ම කතාබහට එකතු වුණා. සිනමාව තුළින් ගොඩනැගිලා සිනමාවේ කතාබහට ලක්වූ ටෙනි සිනමාව ගැන කලකිරීමකින් යුතුවයි කතා කළේ. ඒ වගේම ඔහුගේ නවතම තොරතුරු රැසක්ම ඔහු මේ කතාබහේදී අපට හෙළිකළා.
* ටෙනි දැන් සිනමාවෙන් දුරස් වීගෙන යන ගතියක් පෙනෙනවා 
 ඒක ඇත්ත. මම අන්තිමට රඟපෑවේ රන්ජා චිත්‍රපටයේ. මං කලින් රඟපෑ චිත්‍රපට කීපයක් නම් එන්න තියෙනවා.
* සිනමාව තුළ කාර්යබහුල නළුවකු වූ ටෙනිසන් ඇයි මේ නිහැඩියාවක්...? 
කලකිරීම කියන එක තමයි දෙන්න තියෙන කෙටි පිළිතුර
* කලකිරීමට හේතු  
සල්ලි දෙන්නං කියලා අපෙන් වැඩ අරගෙන ‍පොලු තියෙන නිෂ්පාදකවරු ඊට පස්සේ අපිව මගහරිනවා. ඒ අවනඩුව කියන්න තියෙන්නේ චිත්‍රපට සංස්ථාවට. ඒත් අපේ ප්‍රශ්නයට ඒ අයගේ ළඟ උත්තර නැහැ. මං බොහොම අමාරුවෙන් “ටැංක්යූ බර්ටි” කියල චිත්‍රපටයක් කළා. ඒත් අපි චිත්‍රපට ‍පෝලිමේ ඉද්දී සමහරු ‍පෝලිම කඩාගෙන චිත්‍රපටය පෙන්වනවා. ඒ වගේම අපි චිත්‍රපටය තිරගත කළාම චිත්‍රපටය ගලවනවා අපිත් දන්නෑ. මේ ගැන ඇහුවම කියන්නේ ඉහළින් ආපු නියෝග කියලා. දේශපාලන බලය තියෙන අය ඒ බලය යොදලා තම තමන්ගේ වැඩ කරගන්නවා. මම ස්වාධීන කලාකරුවෙක්. ඒ හින්දා ඒ පැත්තෙන් මාව කොන් කරනවා. මේ පැත්තෙනුත් කොං කරනවා. ඔය හේතු මත තමයි මට සිනමාව එපා වුණේ.
* ටෙනි වෘත්තීය නළුවෙක් ඔව්, මං ජීවත්වන්නේ කලාවෙන්. දැනට මං ඒ සඳහා තෝරාගත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් වේදිකාව. මගේ වේදිකා නාට්‍යවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අනෙක් ක්‍රමය ගැන කිව්වොත් නම් සිනමාව ගැන මහා ඉහළින් කතාකරන අය මට කීවේ.
* ඒ නිසා ඒ ගැන කියන්න කැමති නැද්ද...? 
නැහැ, මම කියන්නම්. සිනමාව ගැන, සිනමාවේ වර්ධනය ගැන මහ හයියෙන් හඬ නගන අය ඕනෑ, සිනමාව වෙනුවෙන්ම කැපවුණු වෘත්තීය කලාකරුවන්ගේ පැවැත්ම ගැනත් හිතන්න ඕනෑ. මං මේ කියන දේ ඇහුවම “ටෙනි සිනමාව විනාශ කරන්න උදව් කරනවා” කියනවා වෙනුවට “ඇයි ටෙනි මේ වගේ තත්ත්වයකට වැටුණේ කියලා” ඒ අය හිතනවා නම් හොඳයි.
* එහෙනම් කියන්නකෝ ඔබේ අලුත්ම කටයුත්ත  
මම දැන් ඩී.වී.ඩී. සිනමා පටවල රඟපානවා.
* ඩී.වී.ඩී. සිනමාව ගැන ටිකක් විස්තර කරන්න 
 පවු‍ලේ හැමෝටම නරඹන්න හැකි කතා ඩී.වී.ඩී. චිත්‍රපට විදිහට නිර්මාණය කරලා වෙළෙඳපළේ අලෙවි කරනවා. සහන මිලට ඒ ඩී.වී.ඩී. තැටි ගන්න අයට පවුල් පිටින් ගෙදර ඉඳගෙන ඒ චිත්‍රපට නරඹන්න පුළුවනි.
* ඔය කාර්ය සිනමා නිර්මාණයක් කිරීම තරම් බරපතළ නැහැ නේද...?. මේ නිර්මාණ දවස් කීපයක් තුළ රූගත කරලා ඉවර කරන්න පුළුවනි.
* ඩී.වී.ඩී. චිත්‍රපටවල රඟපාන්න ගිහින් ඔබේ වෘත්තිය බාල්දු වෙන්නෙ නැද්ද...? 
 වෘත්තීය බාල්දුවීම ගැන චෝදනා නගන අය ඉන්නවා. හැබැයි අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒ අය හිතන්නේ නැහැ. වෘත්තිය බාල්දු වෙන්නේ තමන්ගේ පැවැත්ම තුළින්. ඩී.වී.ඩී. චිත්‍රපටවලට ගියා කියලා මම මගේ මිල අඩු කරල නැහැ. ඒ වගේම ෂූටිං ගියාම මම බලා‍පොරොත්තු වන පහසුකම් සිනමාව තුළ වගේම ඩී.වී.ඩී. සිනමා තුළත් වෙනස් කරන්නේ නැහැ. මට ලැබිය යුතු ඒ ලැබිම් ලබාදීලා ඒ අය ඩී.වී.ඩී. තැටි කෝටියක් ගහලා අලෙවි කළත් මට ප්‍රශ්නයක් නැහැ.
* ඒත් ඩී.වී.ඩී. කරන අය ඒවා කරන්නේ අඩු මිල හා අවම පහසුකම් යටතේ බව අප අසා තිබෙනවා. ඒ අනුව ඩී.වී.ඩී. සිනමාව තුළ ඔබ වෙනුවෙන් විශාල පිරිවැයක් දරයිද...? 
 මා රඟපෑ “සිරිදාසගේ කතා” ඩී.වී.ඩී. පටය විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින් අතරත් ජනප්‍රියයි. දැනට ලංකාවේ වැඩියෙන්ම ආදායම් ලැබූ ඩී.වී.ඩී. චිත්‍රපට අතර ඒ චිත්‍රපටයත් තියෙනවා. ඒ අනුව මට ඩී.වී.ඩී. සිනමාව තුළ ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා.
* ටෙනි සිනමාවට ආදරේ නැද්ද...? 
 මොකද නැත්තේ. මම ගොඩ නැගුණේ සිනමාවෙන්. මම සිනමාවට එදා වගේම අදත් ආදරෙයි.

* එහෙනම් ඇයි මේ විදිහට සිනමාවට හානිදායක දේට උරදෙන්නේ...?
  මම එවැනි දෙයක් කරන්නේ නැහැ.
* ඩී.වී.ඩී. සිනමාව ප්‍රචලිත වුණාම මිනිස්සු සිනමා ශාලාවෙන් ඈත් වී එදාට සිනමාව කඩා වැටේවි ඇත්තම ඇත්ත කතාකරනවා නම් අද වනවිටත් මිනිස්සු සිනමාවෙන් ඈත් වී අවසන්. ඉස්සර චිත්‍රපට බලන්න මිනිස්සු ‍පොරකෑවා. ඒත් අද ඒ වගේ තත්ත්වයක් නැහැ. අනික සමහර චිත්‍රපට තිරගත වෙද්දී “ඕකේ ඩී.වී.ඩී. එක ආපුවම අපි බලනවා” කියලා කියන අය ඉන්නවා. අද ඉතා උසස් කියන චිත්‍රපටිත් ඩී.වී.ඩී. තැටිවලට නගලා පදික වේදිකාවේ විකුණනවා. රූපවාහිනිය ආවා කියලා සිනමාව වැටුණේ නැහැනේ. ඒ වගේම තමයි ඩී.වී.ඩී. සිනමාව තවත් ප්‍රචලිත වුණත් සිනමාව වැටෙන්නෙ නැහැ. හොඳ චිත්‍රපට ආවොත් මිනිස්සු ඒ වටා රොක් වේවි.
ආරියවංශ කුලතිලක

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger