ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය විවෘත කිරීම සඳහා රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙකුගේ මැදිහත් වීම මත ඊයේ උදෑසන ගත් උත්සාහයක් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමියන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ට පැමිණිලි කිරීමෙන් පසු අත්හැර දැමීමට මධ්‍යම ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදුවිය.මෙය කඩිනමින් සිදුකිරීමට උත්සාහ ගෙන ඇත්තේ රවීන්ඳ්‍රන් කරුණානායගම් බව අපට දැනගැනීමට ලැබී තිබුණී...
මධ්‍යම ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල ඊයේ පෙරවරුවේ අස්ගිරි මහා නාහිමියන් බැහැදැක මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා තමන්ට ඉහළින් උපදෙස් ලබා දී ඇති බවත් දැනුම් දීමෙන් අනතුරුව මහා නාහිමියන් විසින් මේ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇත. ඒ වන විට ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව මහා නාහිමියන්ට දැනුම් දී ඇති අතර ඒ පිළිබ`ද කරුණු විමසා බැලීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීම නවතා දැමීමට පියවර ගෙන ඇත.
ඊයේ 08* පෙරවරුවේ අස්ගිරි මහා නාහිමියන් බැහැදැකීමට පැමිණි ආරක්‍ෂක ලේකම් ඞී.එම්.යූ.ඞී. බස්නායකට මහා නාහිමියන් විසින් මේ බව දැනුම් දුන් අතර මෙම මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ මුල සිටම විරුද්ධ බවත් පැවසූහ.
ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේ මෙම මාර්ගය යළි විවෘත කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ජා කර රජයේ
තීරණය ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවයි.මෙය කඩිනමින් සිදුකිරීමට උත්සාහ ගෙන ඇත්තේ රවීන්ඳ්‍රන් කරුණානායගම් බව අපට දැනගැනීමට ලැබී තිබුණී
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment