BREAKING NEWS

රටතොට

Monday, February 16, 2015

ප්‍රංශ නළු ලුවිස් ෂෝදාන් මියයයි...!!!

ප්‍රංශ නළු ලුවිස් ෂෝඩාන් "Louis Jourdan "පසුගිය සෙනසුරාදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් ඇතැයි වාර්තාවේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු අනූ තුනකී.ප්‍රංශ අනන්‍යතාවය හොලිවුඩ් සිනමාව සමග මුසු කිරීමෙහි ලා විශිෂ්ඨ මෙහෙයක් කළ රංගධරයෙකී .

1958 නිපදවූ ඔස්කාර් සම්මානය දිනූ 'ගිගී' සිනමා පටයේදී සහ 1983 නිපදවූ "ඔක්ටොපුසි" ජේම්ස් බොන්ඩ් අදියරේ සිනමා පටයේත් දැක්වූ රංගන කුසලතාවය ඉමහත්  ජනාදරයට  ලක්වීමට හේතුවිය.
දුෂ්ඨ චරිත මැවීමට මෙන්ම පෙම්වතාගේ චරිත නිිරූපණයටද දස්කම් දැක්වූ ලුවිස් ඉපදී ඇත්තේ 1919 දී ප්‍රංශයේ මාර්සෙයි ප්‍රදේශයේයී .( Louis Jourdan was born on June 19, 1919 in Marseille, Bouches-du-Rhone, France. ) ඔහු ඇල්ෆ්‍රඩ් හිච්කොක් 1947 නිපදවූ " ද පැරඩයිස් කේස් "සිනමා පටය සඳහාද සිය රංගන දායකත්වය හිමිකොටදී තිබිණ.

මෙම කලාකරුවා සඳහා හොලිවුඩය සහ ප්‍රංශය ඵක්ව 2010 වසරේදී විශේෂ ඇගයීම් සම්මානයක්ද පිරිනමා තිබුණී.
ඵසේම ඔහු අවසන් වරට රඟපා ඇත්තේ 1992 වසරේදී " ඉයර් ඔෆ් ද කොමට් "සිනමා පටයේය.

සුමිත් ජයන්ත ඩයස්

  ඔහු රඟපා ඇති සිනමා පට ලැයිස්තුව අතර පහත සිනමාපටද වේ...

 Year Of The Comet (1992)
The Return Of The Swamp Thing (1989)
Counterforce (1988)
Grand Larceny (1987)
Double Deal (1983)
Octopussy (1983)
Swamp Thing (1982)
Gamble On Love (1982)
Escape To Love (1982)
Silver Bears (1978)
The More It Goes, The Less It Goes (1977)
Piang...Il Telefono (1975)
A Flea In Her Ear (1968)
Young Rebel (1967)
To Commit A Murder (1967)
The Sultans (1966)
Made In Paris (1966)
The V.I.P.s (1963)
Mathias Sandorf (1963)
Dark Journey (1962)
Disorder (1962)
The Story Of The Count Of Monte Cristo (1961)
Amazons Of Rome (1961)
Can-Can (1960)
The Best Of Everything (1959)
Gigi (1958)
Dangerous Exile (1958)
Escapade (1957)
Her Bridal Night (1956)
Julie (1956)
The Swan (1956)
ThREE COINS In A Fountain (1954)
Rue De L'estrapade (1953)
Decameron Nights (1953)
The Happy Time (1952)
Anne Of The Indies (1951)
Bird Of Paradise (1951)


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger