මොහොතකට පෙර ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද සවස සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තාවේ.
අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.
එසේම තම අමාත්‍යාංශයට අයත් විෂය පතය ගැසට් කිරිමේදී මත්තල ගුවන් තොටුපොළ පමණක් ඇතුළත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඔහු සිත්තැවුලට පත්වී සිටි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලනය ගැන කතා කරාට යහපාලනයේ සැබෑ හැඩරුව දින 22ක් තුලදීම හෙලි වීම මෙම පාලනයේ ඇති යහපාලන තේරුම් ගැනීමට හැකිවන බව දේශපාලන විචාරකයින් පෙන්වාදේ තවද ගුවන් සේවා අමාත්‍යාංශයට යටත්ව ගුවන් තොටුපොළවල් දෙකක් තිබියදී කටුනායක අර්ජුනට දී ගුවන්යානා නොයන මත්තල ෆයිසර් මුස්තාෆාට දීම හිතාමතාම ෆයිසර් මුස්තාෆාව කපාදැමීමට අගමැති විසින් කල සැලසුමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරයෙකු පැවසිය.
තවද එජාපය යහපාලනය රජය තනිවම භුත්කි විදීමට යන බවවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් මේවනවිටත් දැඩි කලකිරීමකින් ඉන්නා බවත් පැවසිය. බලහත් කාරයෙන් රජය පිහිටවූ එජාපය මේවන විට තම සියලුම ක්‍රියාදාමයන් ඉදිරි මැතිවරණය වෙනුවවෙන් කරන බවත් , ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් ට සහ මන්ත්‍රීවරුන්ට යන එනමං නොමැති බවත් පැවසිය .
Our Thanks for
http://www.newsofcolombo.com
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment