ඉකුත් ජනවාරි 8 වැනිදා මැතිවරණය පැවැත් වූයේ විධායක ජනාධිපතිවරයකු පත් කිරීම සඳහාය. එය අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් පත් කරන මහා මැතිවරණයක් නොවේ. එහෙත් සිදුවූයේ විකාරරූපී අන්දමින් අගමැති සහ ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමය. කවුරු කෙසේ කීවද කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙය බලෙන් උදුරාගෙන පිහිටුවූ ආණ්ඩුවකි.
එළිවෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කීවා සේ දේශපාලනයේත් සිදුවන්නේ අරුම පුදුම දේය. සමහරු කොටඋඩය. ඇතමෙක් වැට උඩය. තවත් සමහරෙක් එළිපත්තේ උඩ ඉන්න බළලූන් වාගේය. එමෙන්ම තවත් කිහිප දෙනෙක් උඩ තිබ්බත් බෑ වගේය, බිම තිබ්බත් බෑ වගේ හෙවත් කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව ඒවාට උඩ ගෙඩි දෙති, අකුල් හෙළති.
ඒ කෙසේ වෙතත් බාන් කෙන්ද උඩ තිබුණද වස්සෝ කරලා ගනිත්ද කියන්නේ සමහර වැඩ ඉබේ සිද්ධ නොවන නිසාය. ඒ බව නමට විපක්ෂය වූ ශී‍්‍රලනිපයේ ඇත්තෝත් ප‍්‍රමුඛ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාත් දැනගැනීම යහපත්ය. හතර අතට විසිවෙන්නට කතා කළද මාධ්‍ය සංදර්ශන මගින් කෑ මොර ගැසූවද හිරගෙදරට විසිට් කළද රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව උඩු යටිකුරු කරන්නට ඒවා කිසිසේත් ප‍්‍රමාණවත් නැත. මේවා යමකුට නොතේරෙන්නේ නම් කෙළ මෝළන් තැළිය යුතුය.
දැන් ඇත්තටම තිබෙන්නේ ශී‍්‍රලනිපයෙන් තොර හවුල් ආණ්ඩුවකි. ශී‍්‍රලනිප නායකවරයා වන මෛතී‍්‍රපාල සිරිසේන වත්මන් ජනාධිපතිය. එබැවින් ශී‍්‍රලනිප ආණ්ඩුවට හවුල් නැතද අනියමින් ආණ්ඩුවට සම්බන්ධය. ඒ වාසනා මහිමයෙන් ශී‍්‍රලනිප මන්තී‍්‍රවරුන් 100කට ආසන්න සංඛ්‍යාවකට නොමිලේ රජයේ වාහන දෙකක් රියැදුරු සහ ඉන්ධන සමගින් හිමිවිය.
එහෙත් ශී‍්‍රලනිප පාක්ෂිකයා මහ දහවල් කළුතර අගලවත්ත හන්දියේදී දණ ගස්සවනු ලබයි. ශී‍්‍රලනිප බලය ඇති වත්තල ප‍්‍රාදේශීය සභාවට පැන එහි සභාපති ඇතුළු පිරිසට පහරදේ. ගමේ ශී‍්‍රලංකාකාරයා ගුටි කයි. සන්ධාන ආණ්ඩුව කාලේ කොන්ත‍්‍රාත් සහ අනියම් පත්වීම් ලැබූ දස දහස් ගණනක් මහ පාරේය. මේවාට විපක්ෂයේ සිටින බව කියන ශී‍්‍රලනිප නෝ ඇක්ෂන්ය. එජාපයට නම් මෝ සිනාය.
ආණ්ඩුව කරන්නේ රනිල් වික‍්‍රමසිංහගේ එජාපයයි. එය පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක එකතුවකි. පක්ෂ වශයෙන් හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, සරත් ෆොන්සේකාගේ පක්ෂය, මනෝ ගනේෂන්ගේ පක්ෂය, චන්ද්‍රිකා කුමාරතුංගගේ, අර්ජුන රණතුංග ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම, ලිබරල් පක්ෂය, වතුකරයේ පක්ෂ දෙකක් අයත්ය.
එපමණක් නොව ඉතිහාසයේ ප‍්‍රථම වරට ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ද්‍රවිඩ ජනතා සන්ධානයද මෙම ආණ්ඩුවේ පැවැත්මට උදව් කරන හවුල්කාර පක්ෂය. එමෙන්ම මාදුළුවාවේ සෝභිත හිමි පමණක් නොව සිවිල් කෙරුම්කාරයින් බව කියන නිර්මාල් රංජිත් වැන්නෝද, එන්.ජී. ඕ නෝනා මහත්වරුන්ද මේ යහපාලන වෙනුවෙන් පේවී සිටිති.
ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සන්ධානය උදව් කරන්නේ අමාත්‍ය මණ්ඩලයට ඉහළින් තීරණ ගන්නා ජාතික විධායක සභාව හරහාය. එම පක්ෂයේ නායකවරුන් වන අනුර දිසානායක සහ ආර්. සම්බන්ධන් මන්තී‍්‍රවරුන්ද එම ආණ්ඩුවට උපදෙස් දෙන ජාතික විධායක කමිටුවට අයත්ය. එය පිහිටවුයේද ජවිපෙ කළ යෝජනාවක ප‍්‍රතිඵලයක් මතය. එය රටේ කි‍්‍රයාත්මක ව්‍යවස්ථාවට පිටින් දේශපාලන උවමනාවන්ට අනුව නව රටාවක් ගොඩනගාගත් අවස්ථාවකි. යහපත් දේශපාලන රාමුවක් නිර්මාණය වන්නේය යන තර්කය මත ව්‍යවස්ථාවට පිටින් එසේ රාමු ගොඩනැගීමද හො`ද පූර්වාදර්ශයක් නොවේ. ඒ අනුව කැබිනට්ටුව යටය. ජාතික විධායක සභාව උඩය. ජාතික විධායක සභාව දින 100 තුළදී සෑම අඟහරුවාදාම රැස්වීමට තීරණය කළද පෙබරවාරි මස සති තුනකින් රැස්වී නැත.
ජවිපෙ 2001දී පරිවාස ආණ්ඩුවක් ගොඩ නැගුවේය. එය 2004 දී චන්ද්‍රිකා සමග සභාග ආණ්ඩුවක් දක්වා වර්ධනය විය.
මහින්ද රාජපක්ෂ සමග 2005 ජනපතිවරණයේදී සභාගයක් ගැසුවේය. එම කි‍්‍රයාමාර්ගයේම දිගුවක් ලෙස 2010 ජනපතිවරණයේදී ජනරාල් ෆොන්සේකා සමග සභාගයකට එක්විය. දැන් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට්ටුවටත් ඉහළින් ඇති ජාතික විධායක සභාවට එක්වී සභාගයකට ගොස් ඇත. ජවිපෙ ගමන් මාර්ගය පැහැදිලිය. මෙම වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී මතුවන ආණ්ඩු විරෝධී ජනයා තම ඡුන්ද දායකයින් කරගැනීම ඔවුන්ගේ අරමුණ වේ.
කලියුග කාලයේ සිදුවන්නේ අරුම පුදුම දේවල්ය. එනම් ගොමරිටි යට ගොස් තිරුවානා උඩ මතුවීමය.
පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන් ඇති ශී‍්‍රලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට සුළුතරය වූ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවන ලදී. ජනාධිපතිවරණයේදී සන්ධානයේ අපේක්ෂකයා පැරදුනේය. පරාජය ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් සිදුවූයේ යටත්වීමය. එය ප‍්‍රශ්නයකි. නින්දා සහගතය. පුරාණයේදී නම් රජු පැරදුණු පසු රාජධානියද ිප‍්‍රධානය කරන ලදී. එහෙත් ලොව පුරා අද බහුතරයක්ම ඇත්තේ එයට හාස්පසින් වෙනස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකි.
ඉකුත් ජනවාරි 8 වැනිදා මැතිවරණය පැවැත් වූයේ විධායක ජනාධිපතිවරයකු පත් කිරීම සඳහාය. එය අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් පත් කරන මහා මැතිවරණයක් නොවේ. එහෙත් සිදුවූයේ විකාරරූපී අන්දමින් අගමැති සහ ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමය. කවුරු කෙසේ කීවද කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කළද මෙය බලෙන් උදුරාගෙන පිහිටුවූ ආණ්ඩුවකි.
එයට එරෙහිව මන්තී‍්‍ර අති බහුතරය ඇති ශී‍්‍රලනිපය ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව අත්සන් කළ විශ්වාසභංගය ගෙන ඒම පවා උගහටය. එසේ සම්මත වූවහොත් අගමැති ප‍්‍රකාශ කළ පරිදි පසුදිනම ආණ්ඩුව විසුරුවීමට ඉල්ලා සිටිනු ඇත. එවිට පස් වසරකට අඩු සේවා කාලයක් ඇති පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශ‍්‍රාම වැටුප හබක්ය.
සියල්ලෝම දැන් විශ‍්‍රාම වැටුප හමුවේ පූස් පැටවුන් වශයෙන් හැසිරෙන බවට යමෙකු තර්ක කළද එහි අසාධාරණයක්ද නැත. එසේ නැතිනම් විශ‍්‍රාම වැටුප පරදුවට තබා එය ගෙනවිත් විශ්වාසභංගයෙන් ආණ්ඩුව පැරදවිය හැක.
මෙසේ අන්තෝ ජටා බහි ජටා කියා යටිමඩි ගසන්නේ ලක්ෂ 57 ක ජනතාවගේ ඡන්ද අයිතියයි. රටේ වාසනාවට මුලින්ම මෙය හීන් සැරය මෙන් හෙමිහිට හෝ කීවේ ජාතිකත්වය සමාජගත කිරීමට මුල්වූ අසූව දශකයේ සරසවි ශිෂ්‍ය එකමුතුව වෙනුවෙන් ගෙවිදු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල්ය. ගෙවි`දු යනු හීන් සැරය සමාජගත කළ කුමාරතුංග මුණිදාස සූරින්ගේ මුනුපුරාය. ජවිපෙටද බැරිවූ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ තගරි බලය බහුතර ශිෂ්‍යයින්ගේ සහාය ඇතිව 1987 මාර්තු 24 වැනිදා මුළුමනින් පරාජයකර ඔවුන් ගස් බැඳ දමන ලද්දේ විද්‍යාපීඨයේ ගෙවිදුගේ නායකත්වයෙන් යුත් ජාතික චින්තන කණ්ඩායම විසිනි.
ශී‍්‍රලනිපයට මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එම වැඩපිළිවෙලට ඡුන්දය දුන් ලක්ෂ 57ක ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීමට ඉඩ දෙනවා වෙනුවට සිදුවූයේ අනෙකකි.
එසේ ඡුන්දය දුන් ලක්ෂ 57ක ජනතාවගේ හඬ නිහඬ කිරීමට තැත් කිරීම යහපාලනය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයද නොවේ. ඒ සියල්ල බැහැර කළද එය ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත් ගැළපෙන්නක්ද නොවේ. ජනතාව හඬක් නැති ජනතාවක් බවට පත්විය. ඔවුන්ගේ හිස අහිමි කරන ලදී. විධායකය සහ ව්‍යවස්ථාදායකය පමණක් නොව විපක්ෂයද එක වල්ලේ පොල් බවට පත් විය.
ලක්ෂ 57 ක ජනයාගේ සෝ සුසුම් ජන ගඟක් සේ යටිගම් බලා ගියේය. එය වේගයෙන් වේගයෙන් ගලා ගියේය.
එහෙත් යටිගම් බලා යන වතුරත් වඩදිය වේලාවට උඩුගම් බලා යන බව පෙන්වුවේ පෙබරවාරි 18 වැනිදාය. පෙරේදා පස්වරුවේදීය. ඒ වන විට යහපාලන දින 100 දින පොතට ගෙවී තිබුණේ දින 39කි. ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනයාගේ සහභාගිත්වයෙන් පැවති එම ජනතා රැුලිය ශී‍්‍ර ලංකීය දේශපාලනය තුළ සුවිශේෂි මානයන් විදහා පෑ ලක්ෂ 57ක විරෝධය සංකේතාත්මක එළි දැක්වූ ජන රැලියකි.
රැුලියේ සංවිධායකයන් වූයේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ 4ක් මගිනි. දිනේෂ් ගුණවර්ධනගේ නොසැලෙන ජාතිකවාදී සංකේතයත්, විමල් වීරවංශගේ ශූර සංවිධාන ශක්තියත්, උදය ප‍්‍රභාත් ගම්මන්පිලගේ අධිෂ්ඨානශීලි නායකත්වයත්, වාසුදේව නානායක්කාරගේ පරිණත උපක‍්‍රමශීලී දේශපාලන පන්නරයත් එහි සාර්ථකත්වයට බෙහෙවින් උපකාරි විය. එජාපයට පමණක් නොව ශී‍්‍රලනිප ප‍්‍රමුඛ සන්ධානයටද ඉකුත් වසර 20 තුළම පැවැත් වූ කිසිදු රැුස්වීමකට නුගේගොඩ පෙරේදා පැවති රැුස්වීම මෙන් සියයට 10කින් වත් උත්තේජනයක් නොලැබිණි.
දිනේෂ්, විමල්, උදය සහ වාසු ඇතුළු නායකයින්ට අවලාද, අපවාද, තර්ජන කොතෙක් එල්ලවී තිබුණද මනා සංයමයකින් යුතුව සහ තර්කානුකූලව තම අදහස් රට හමුවේ තැබීමට ඔවුහු සමත්වූහ. හුදකලා වූ ශී‍්‍රලනිප පාක්ෂිකයින්ට එය යෝධ සවියක් බවට පත් කිරීමට ඔවුන් නායකත්වය දුන්නෝය. රැුළියට සහභාගි වූ ලක්ෂ ගණනින් ගැනිය හැකි සුවිශේෂි තත්ත්වයන් නීරූපණය කිරීමද ඓතිහාසිකය. රැුස්වීමට සහභාගි වූ තුනෙන් එකක් පමණ ස්තී‍්‍රන් වූ අතර එය මෙරට දේශපාලන රැුස්වීමකට පැමිණි විශාලතම ස්තී‍්‍රන් නියෝජනය බවට කිසිදු වාදයක් නැත. ප‍්‍රධාන මැතිවරණයකින් පරාජයක් ලැබූ පමණක් නොව මාධ්‍ය රියැලිටි ෂෝ මගින් හොරකු ලෙසට හංවඩු ගැසීමට තැත්කළ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දින 39ක් ඇතුළත ආධාරකරුවන් ලක්ෂ ගණනින් එක් රොක් වී අගමැති අපේක්ෂකයා වන ලෙස කළ ඉල්ලීම නිසා එම නුගේගොඩ ජනතා රැුලිය ශී‍්‍ර ලංකීය දේශපාලන තුළ සුවිශේෂීභාවයන් මොනවට කියා පෑවේය.
නුගේගොඩ රැුලිය ශී‍්‍රලනිප පාක්ෂිකයින්ගේ සහ හිතවතුන්ගේ මතය තුට්ටුවකටවත් මායිම් නොකළ ඇතැම් දේශපාලඥයින්ටද හොද ළා රතු ඉරකි. සමාජජාල වෙබ් අඩවිවලට හොඳ වාද පිටියකි. අප්පච්චි මැරිලා - මිනිය ගෙදර තව දුරටත් තබාගත නොහැකි බවට කියාපෑ අයට ජන බලය පෙන්වීමකි. කෑම දිරවීමට න්‍යායාචාරයන් බවට පත්වන ඇතැම් සරසවි ඇදුරන්ට, බලය විදහා පෑමකි. සිවිල් සංවිධානවලට සිය ඩොලර්වාදී මතවාදය ”360” කින් කැරකීමකි. දෙමළ ඩයස්පෝරාවට හොඳ සටනකි.
මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනය වැඩිකල් පමා කරන්නේ නම් එය කෝදුරු තෙල් සෙවීමක් ලෙස ලක්ෂ 57 ක ජනතාවට පෙනී යා හැක. වෙනත් අනං මනං කියා මගහැර කෝදුරු තෙල් හත් පට්ටයක්ම සොයන්නේ නම් වෙදකම නොකෙරෙන නිසා බව එම ලක්ෂ 57 ට අවබෝධ වනු ඇත. එසේ වුවහොත් එය මහින්ද රාජපක්ෂ සමග විකල්ප බලවේගයක් බවට පත්වීම කිසිවෙකුට වැළකිය නොහැක. උත්පත්තිය සහ විපත්තිය අතර ප‍්‍රතිපත්තියක් නැතිවූ කල සිදුවන්නේ නස්පැත්තිය පමණි. එය ශී‍්‍රලනිප පාක්ෂිකයින් වටහා ගෙන තිබේ. ශී‍්‍රලනිප ඇතුළු ප‍්‍රගතිශීලී කණ්ඩායම්වලට එරෙහි පිරිසට හාර්ට් ඇටෑක් හැදුණු නුගේගොඩ රැුස්වීම කියා දුන්නේ එම පාඩමය.
දමිත් කෝට්ටේගොඩ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment