BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 30, 2015

මෛත්‍රී දිනුවේ TNA නිසා නොවෙයි...!!!

ඉකුත් ජනාධිපති මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර බහුතර ඡන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේනට ලැබුණේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑමෙන් බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා.
එහි නායක වී. ආනන්ද සංගරී  මහනුවර දී  මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ උතුරේ සහ නැගෙනහිර වැසියන් සිය ඡන්දය ප්‍රකාශ කළේ තමන්ගේ ස්වාධීන අදහස්වලට අනුව බවයි, දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේනට සහය දීමට තීරණය කළේ තැපැල් ඡන්ද විමසීමෙන්ද අනතුරුව බව වී. ආනන්ද සංගරී මෙහිදී සිහිපත් කළා. ඒ අනුව නොමැති ජනතා බලයක් බලහත්කාරයෙන් ආරූඨ කර ගැනීමට උත්සහ නොකරන ලෙසයි ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටියේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger