තොපිට නැතත් අපට හෙටක් ලෙසින්...සාටක පවුල් සංකල්පයක් මවා තරුණ පිරිස් ඇන්දවූ නාමල් බේබි....
හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ ඔහු වටා සිටි සුරූපිනියන්ගේ BLUE බලකාය විසිරුවා හැරි ආකාරය පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී.මෙසේ නාමල්ගේ සුරූපිනී බලකායේ සේවය කළ සේනානි සමරනායක නැමැත්තිය ඇය කලින් සේවයකළ ‘ශ්‍රී ලංකන් එයාර්' වෙත නැවත මුදාහැර තිබේ. නාමල්ගේ BLUE බලකායේ සේවයට පැමිණීමට පෙර ඇය 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වශයෙන් සේවය කළ තැනැත්තියකි.
ඇයව නාමල්ගේ නියමය පරිදි නැවත සේවයට ගෙන ඇති ‘ශ්‍රී ලංකන්'ගුවන් සමාගම ටෙලි නාට්‍යක රඟපෑම සඳහා සති කිහිපයකට නිවාඩු ගිය ප්‍රසාදි සමරකෝන් නැමැත්තිය නැවත සේවයට ගැනීම ප්‍රතික්ෂේප කොට තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ළඟ ‘Private Protocol Officer' ලෙස සේවය කළ ලක්මිණි දිසානායක නැමැත්තිය නාමල්ගේ නියමය පරිදි විදේශ අමාත්‍යංශයට අනුයුක්ත කර තිබේ. මෙම නීත්‍යානුකූල නොවන පත්වීම පිළිබඳව වත්මන් විදේශ ඇමති මංගල සමරවීරද තැකීමක් නොකිරීම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ට ගැටලුවක් වී තිබේ.
ඊයේ පෙරේදා දිනයක නාමල් රාජපක්ෂ අමතා ඇති ලක්මිණි දිසානායක ‘මන්ත්‍රීතුමා කරපු උදව්ව මට කවදාක්වත් අමතක වෙන්නෑ. අපේ අලුත් ඇමතිතුමා හරිෂෝක්. තමන්ගෙ පාඩුවෙ වැඩේ කරන් ඉන්නව. මට මෙතන අය එහෙන් මෙහෙන් කැපිල්ල දානව. අප්සට් එකක් වුනොත් ඇමති තුමාට කතා කරල සෙට්ල් කරල දෙන්න. අපි මෙතන ඉන්නකම් ඔබතුමාලට ඕන උදව්වක් කරන්නම්' යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.
Post a Comment