තමා ළඟ තිබෙන කඩදාසිවලට අනුව මහින්ද රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. දැනට දින දහයකට පමණ ඉහතින් ලැබුණු ලිපියකින්ද ඒ බව සනාථ කර ඇතැයිද හෙතෙම සඳහන් කෙළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා බවද කොමසාරිස්වරයා තහවුරු කෙළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය වෙනස් කර ඇති බව මාධ්‍යවල සඳහන් වුවත් තමාගේ කඩදාසිවල වෙනස් වී නැතැයිද මහින්ද දේශප්‍රිය පැවැසීය. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති බවද කොමසාරිස්වරයා කීය. මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment