BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, January 24, 2015

පසුපසට පමණක් යන ට්‍රැක්සි රියදුරා...

Harpreet Dev කියන මේ ටැක්සි ඩ්‍රයිවර් ඉන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ. මෙයා 2003 ඉදන් මේ වෙනකන් එයාගේ ටැක්සිය පදවන්නේ පිටිපස්සට. මෙයා කොච්චර ජනප්‍රියද කියනවා නම් ඉන්දියනු රජයෙන් දේව් ට පිටිපස්සට පදවන්න ලයිසන් එකක් දීල තියෙනවා. හැබැයි ඒ උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත වල විතරයි.
දේව් මේ විදයට පස්සට විතරක් යන්න හරි අපූරු හේතුවකුත් තියනවා. එයා කියන විදියට දවසක් එයාගේ ෆියැට් කාර් රථයේ මහ රෑ නගරයෙන් පිට ගිහින් ඉන්න වෙලාවක තමයි මේක වෙලා තියෙන්නේ. කාර් එක රිවස් එකට දැම්මට පස්සේ ආයිමත් වෙනත් ගියරයකට දාන්න බැරි වෙන්න හිර වෙලා තියනවා. ඒ වෙලාවේ මෙයා ලග සල්ලි නොතිබුන නිසාත් නගරයෙන් පිට සිටි නිසාත් වාහනය පසුපසට පැදවීමට තීරණය කර තියනවා. එ් සිද්දියෙන් පස්සේ තමයි මේ හැකියාව එයාට ලැබුණා කියලා එයා කියන්නේ.  
ගෙදර ගියාට පස්සේ එයාට හිතිල තියෙනවා ඉස්සරහට යනවට වඩා පස්සට යන්න එයාට හැකියාව තියනවා කියලා. ඉතින් මෙයා පස්සට ගියර් 4ක් සහ ඉස්සරහට එක ගියරක් එන විදියට ගියර පෙට්ටිය වෙනස් කරල කාර් එක හදාගෙන තියෙනවා. දැන් ඉතින් මෙයා යන්නේ පස්සටම විතරයි.
මේ වැඩෙන් පස්සේ ඇතිවුන ජනප්‍රියත්වය නිසා එයා Back Gear Champian කියල තමයි හදුන්වලා තියෙන්නේ. දේව් කොතරම් හොදින් රිවස් එකට යනවද කියනවානම් එයාගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 50ක් විතර වෙනවා. අවාසනාවට මෙයාට ගිනස් වාර්තා පොතට ඇතුල් වෙන්න බැරි වෙලා තියෙනවා.  
මේ අපූරු වැඩෙන් ඔහුට ඉහල ජනප්‍රියත්වයක් ලැබුණට අවුරුදු 12ක් පස්සට යෑම නිසාම දැන් දේව් බෙල්ලේ සහ කොන්දේ ආබාද වලින් පෙලනවලු.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger