'දූෂණ විරෝධි හඬ' සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු අනුවද රුපියල් බිලියන 1200 කට අධික මුදලක් පසුගිය මාස කිහිපය තුළ වංචා කර ඇති බව සමරසිංහ කීවේය.
මහාමාර්ග, ගොඩනැගිලි ඇතුළු විවිධ ව්‍යාපෘති සිදු කරන මුවාවෙන් මෙම විශාල මුදල වංචා කර ඇති බව තමන් මෙතෙක් කළ විධිමත් විමර්ශනයන් ඔස්‌සේ අනාවරණය වී තිබෙන බව වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය. දූෂිතයන් අදාළ මුදල් වංචා කළ ආකාරය, එම මුදල් උපයෝගී කර ගනිමින් වත්කම් මිලට ගෙන ඇති අයුරු, මෙම මුදල් තැන්පත් කර ඇති සිංගප්පූරු බැංකු ගිණුම් පිළිබඳ විස්‌තර හා ලියවිලි තමන් සතුව ඇතැයි ද කී සමරසිහ ඒ සියල්ල ඉදිරියේදී අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බව කීවේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment