BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 4, 2015

උඩ ලැම්බෝගිනි යට කුසගිනි කියලා ගත්ත තීරණය නිසා දැන් ගෙදර ගිනි නේද...?

දිල්හානි හංසයාට ප්‍රියංකර බුලත්කොළේට හැබැයි ගෙදර සාමකාමීයි...
උඩ ලැම්බෝගිනි යට කුසගිනි කියලා ගත්ත තීරණය නිසා දැන් ගෙදර ගිනි නේද...?අනේ කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොහොමටත්ම බොහොම අවබෝධයෙන්නේ ඉන්නේ. එයාගේ මතයේ එයා. මගේ මතයේ මම. ඒකට කවදාවත් මම එයාට ‍දොස් කියන්නෙත් නෑ. එයා මට දොස් කියන්නෙත් නෑ. දිල්හානි අශෝකමාලා

නමුත් ස්වාමිපුරුෂයා ගන්න තීරණයකට සහයෝගය දෙන එක බිරියගේ වගකීමක්?
හ්ම්... එහෙම තමයි කියන්නේ... ඒත් ඔය කතා වර්තමානයට ගැළපෙන්නේ නෑ. ප්‍රියංකර මට එපා කිව්වේ නෑනේ...

මේ තීරණය ගන්න කලින් ප්‍රියංකරගෙන් ඇහුවද...?
ඔව් මම එතනට යනවා කියලා එයා දන්නවා. නමුත් මම කතා කරයි කියලා දන්නේ නෑ. කිසිම වෙලාවක මට එපා කියලා නෑ. මගේ අදහස ප්‍රකාශ කරන්න කියලා තමයි එයා කියන්නේ.

මාධ්‍ය සාකච්ඡාවට යනවා කියලා ගිහින් කතාවකුත් කරලා ආවම ප්‍රියංකර මොකද කිව්වේ...?
ඒක නම් එයාටත් හිතාගන්න බැරිව ගියා. ඒ තරම්ම කට්ටිය කතා කරන්න පටන් ගත්තා. ගෙදර නිකන් වෙනස්ම තැනකට ආවා. ඒ ගැන කවුරුත් දොස් කිව්වේ නෑ. හැමෝම කිව්වේ හොඳ තීන්දුවක් හරි වෙලාවෙදි අරගත්තා කියලා. එතකොට ප්‍රියංකරටත් මට කිසිම දොසක් කියන්න බෑ. මිනිස්සු ඒතරමට එයාටම කතා කරලා මං ගැන සුබපතලා තිබුණා. එනිසා එයා මං ගැන පොඩි සතුටකුත් ආඩම්බරයකුත් ලැබුවා කියලා මං දන්නවා.

දැන් පුතා සපෝට් අම්මාට ද තාත්තාටද?
පුතා හරි ස්වාධීන පුද්ගලයෙක්. මේ ලෝකය හරිහැටියට දකින්න පුළුවන් ළමයෙක්. විශේෂයෙන්ම මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා මගේ දරුවාගෙන්. අපි හුඟක් පරක්කුවෙලයි මේ සිතිවිලිවලට ආවේ. නමුත් එයාට පොඩි කාලේ ඉඳලම ඒ දේවල් දැනුණා. මම දන්නවා කිසිම වාසියකට නැවෙන දරුවෙක් නෙවෙයි එයා.
ගේ ඇතුළෙත් බුලත්කොළේද හංසයාද කියන සටන ඇති.
අපි විහිළු කරගන්නවා. එයා මං ළඟින් යනකොට මට හංසයා කියනවා. මම එයා ළඟින් යන්නේ ආ... බුලත්කොළේ... කියාගෙන. කවදාවත් ලොකු සංවාදවලට නම් යන්නේ නෑ. හරි සුහදව අපි මේ තීරණවල ඉන්නේ.

දිල්හානි මේ තීරණය ගත්තේ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙවෙයිලුනේ. එතකොට ප්‍රියංකර ඒ දේවල් බලාපොරොත්තු වෙනවද?
එයා දන්නේ නෑ මේ ප්‍රතිපත්ති කොහොමද කියලා. රට යන අත විධායකය වගේ දේවල් ගැන අබමල් රේණුවක්වත් ප්‍රියංකර හිතන්නේ නෑ. ඒ දේවල් එයාට අදාළ නෑ. එයා එයාගේ රස්සාව කරනවා. ගෙදර එනවා. අපිට ඕවා වැඩක් නෑ. අපි හම්බකළොත් අපි කනවා කියලා තමයි ප්‍රියංකර කියන්නේ. වැඩිය හිතන්නේ නෑ. හැබැයි මම එහෙම නෙවෙයි. මට වැරැදි දැක්කම රිදෙන්න ගන්නව. කටවහන් ඉන්න බැරි වෙනවා.

එත් දිල්හානිට කලින් තමයි ප්‍රියංකර දේශපාලනයට ළංවෙන්නේ?
ඔව් එයා ගොඩක් දේශපාලකයන් සමඟ සම්බන්ධතා පවත්වපු කෙනෙක්. ඔවුන් සමඟ වැඩකරලා සින්දු කියලා සමාජයක් ඇසුරු කරපු කෙනෙක්. මම කවදාවත්ම ඔය කිසිම කෙනෙක් එක්ක කතා කරලාත් නෑ. ඒ නිසා මම ලේසියෙන් කාටවත් නැවෙන්නේ නෑ.
එතකොට ප්‍රියංකර අයියාට ඔය කියන වරප්‍රසාද ලැබුණාද?
ප්‍රියංකරත් අරගෙන නැහැ. නමුත් එයාට සංගීත සන්දර්ශනවලට කතා කරනවා. එයාගේ රස්සාව අනුව දේශපාලන භේදයකින් තොරව සින්දු කියනවා. අපි කවදාවත් කිසිම දෙයක් අරගෙන නෑ.

පොදු අපේක්‍ෂකයට සහාය දෙන කලාකරුවන් අනිත් කලාකරුවන්ට කියන්නේ කඩේ යන අය කියලා. එතකොට ප්‍රියංකර අයියත් කඩේ යනවා?
එයාලා කියන විදියට එහෙම වෙන්න පුළුවන්. ඒත් මම දකින විදිය වෙනස්. හැම කෙනකුටම තමන්ගේ මතය හා ස්වාධීන අදහස්වල පිහිටිය හැකියි. ඔය වචනය පාවිච්චි කරනවාටත් මම කැමැති නෑ. දෙකට බෙදුනත් අපි කලාකාරයෝ කියන්නේ එකම පිරිසක්.
අනිවාර්යයෙන්ම 8 වැනිදාට එක්කෝ මෛත්‍රි දිනනවා. නැත්නම් මහින්ද දිනනවා. ඊට පස්සේ දිල්හානිටයි ප්‍රියංකරටයි මොකද වෙන්නේ?
මේ හිටියා වගේම ඉඳියි. අපි දෙන්නාට අවුලක් නෑ. මට අවශ්‍ය පුද්ගලයෝ දිනන්න නෙවෙයි. මේ රට දිනන්නයි.
ඉතිං ප්‍රියංකර අයියට රට දිනවන්න එන්න කියලා කතා කළේ නැද්ද...?
නෑ... මං එහෙම කතා කළේ නෑ.

දිල්හානිට පෙනෙන රටට වෙලා තියෙන විනාශය ප්‍රියංකරට පේන්නේ නැත්තේ ඇයි...?
සමහර විට දැකලා ඇති. නොදැක්කා වගේ ඉන්නවත් ඇති. ඒ ගැන මං එයත් එක්ක කතා කරලා තියෙනවා පොඩ්ඩක්. ඒ වෙලාවට එයා හරි නිහඬයි. මං වගේ ඒ දේවල්වලදී ආවේගශීලී නෑ. ලෝකේ පෙරළුණත් අපේ මනුස්සයට ලොකු දෙයක් නෑ. මම ඊට වඩා වෙනස්.
දෙන්නා දෙපැත්තක් ගත්තේ කවුරු දින්නත් අපි දිනුම් කියන වාසිය ගන්නද...?
අනේ එහෙම එකක් නෑ. මාව මේ වෙද්දි කොයිතරම් වෙබ් සයිට්වල පවා සවුත්තු කරලා තියෙනවාද...? ඉතිං මම ප්‍රතිපත්තියක පිහිටලා තියෙනවා. කාට හරි එහෙම හිතෙන්න පුළුවන්. ඒත් එහෙම වාසියක් ගන්න ඕන වුණා නම් මම බය නැතිව මේ තීරණය ගන්නේ නෑ.
වාසනා සුරංගිකා විතානගේ
ප්‍රියංකර පෙරේරා
දිල්හානි එක වේදිකාවක ප්‍රියංකර තව වේදිකාවක මොකක්ද මේ දෙන්නට වුණේ...?
දිල්හානි ඒ මතයට එන්න ඉස්සරවෙලා තමයි මම ජනාධිපතිතුමාගේ වේදිකාවේ ඉඳලා ගීත ගායනා කළේ. මට පක්ෂ භේදයක් තේරිලා නෑ.
පක්ෂ භේදයක් නෑ කිව්වාට ප්‍රියංකර නඟින්නේ ජනාධිපතිතුමාගේ වේදිකාවලට විතරයිනේ...?
ජනාධිපතිතුමා මම හුඟ කාලෙක ඉඳලා දන්නවා. ඒ චරිතයට මම ඇලුම් කරනවා. මගේ ප්‍රධාන ප්‍රතිපත්තිය මිත්‍රකම.
ඔබ ඇලුම්කරන චරිතය දිල්හානි දැඩි සේ විවේචනය කරනවා...?
ඔව්. ඔය රට විනාශ කරනවා කියන කට්ටියක් ඇවිල්ලා විනාශ තමයි කරන්නේ. රටට ආදරය කරන කට්ටිය ගොඩක් අඩුයි. මම ඉන්නේ මට හිතවත්ව කතා කරන මනුස්සයාගෙ පැත්තේ.

ගේ ඇතුළෙත් හංස බුලත් කොළ සටන තියෙනවාද...?
අනේ නෑ... කිසි ප්‍රශ්නයක් නෑ. හුඟාක් කට්ටිය අහනවා ගෙදර ඇතුළෙත් ප්‍රශ්නයක්ද කියලා. එහෙම එකක් නෑ. මට කියන්න පුළුවන්නේ ස්වාමියා හැටියට ඔව්වට යන්න එපා කියලා. මම එහෙම කියන්නෙත් නෑ. අපේ නිදහස ගෙදරදීත් උපරිමයි.
දැන් ඔය දිල්හානිලා කියන රට දූෂණය කරන කණ්ඩායමටනේ ඔබ සහයෝගය දෙන්නේ ඒක හරිද...?
අපි දන්නේ නෑනේ ඔය එහෙම නෑ කියන අයත් ඇවිත් කරන්නේ මොනවද කියලා. පාරක් හදලා කන්නද කියලා අහනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි හරියට ගමනක් බිමනක් යාගන්නවත් පුළුවන් ඒ එකක්. පාර හැදුවා කියන ඒක ලොකුම සංවර්ධනයක් නෙවෙයි. ඒත් එන්න ඉන්න පාර්ශ්වයෙන් මොනවා වෙනවද කියලා අපි දන්නේ නෑනේ. අපි මීට අවුරුදු 9කට කලින් හිතුවද මේ වගේ ජනමතයක් ජනාධිපතිතුමාට එරෙහිව හැදෙයි කියලා...? එන අය ගැනත් විශ්වාස තියන්න බැරි ඒකයි.

දිල්හානි නම් මේ තීරණය ගත්තේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නෙවෙයිලු එතකොට ප්‍රියංකර...?
අනේ අපි දෙන්නාම කිසි දෙයක් අරගෙන නෑ... 8 වැනිදාට පස්සේ ඔය කවුරුවත් අපි දෙන්නාටම හම්බවෙන්නෙත් නෑ. දිල්හානිත් ආයේ ගෙදරට වෙලා ඉඳියි.
දෙන්නා දෙපැත්තට වුණේ කවුරු දිනුවත් වාසි ගන්නද...?
නෑනේ... අපිට කිසි දෙයක් ලබාගන්න බලාපොරොත්තුවක් නෑ. අපිට වහලක් තියෙනවා. බොහොම දුක් මහන්සියෙන් අපි දෙන්නා මේ ගේ හදා ගත්තේ. අපිට කිසිදෙයක් අවශ්‍ය නෑ. මගේ උගුර ගැන මට විශ්වාසයි. මගේ තාත්තාගේ නම මට විශ්වාසයි. ඒ ඇති මට ඉදිරි අනාගතේ ජීවත් වෙන්න.

මේ වෙලාවේ පුතා ඉන්නේ තාත්තාගේ පැත්තෙද අම්මාගේ පැත්තෙද...?
පුතා කියලා තියෙන්නේ අම්මාට කොහෙවත් යන්න එපා කියලා. යන්න දෙන්න එපා කියලා මට කිව්වේ. අපි දෙන්නාගෙම අරමුණ ළමයාට උගන්වන එක. අපි දෙන්නාම අනේ අපිට අරවා දෙන්න මේවා දෙන්න කියලා කාගෙන්වත් හිඟා කන්නේ නෑ.
කොහොම වුණත් ප්‍රියංකර මේ වෙලාවේ මතය වෙනස් කළේ නැත්තේ පෞද්ගලික හේතුවකට නේද...?
මම ලොකු මිත්‍ර පවුරක් එක්ක ජීවත්වන කෙනෙක්. මට මිත්‍රයන්ට බැහැයි කියන්න බෑ. මාව කලාකරුවකු විදියට නැඟිට්ටෙව්වේ ඒ අය. මාධ්‍යයක් ඉස්සරහටවත් මම ගිහින් නෑ බලහත්කාරයෙන්. මගේ හිත මිත්‍රයෝ නිසා මේ තැනට ආවේ. මමත් රටට ආදරෙයි. එන පාර්ශ්ව ගැන මට කිසි විශ්වාසයක් නෑ. මම ගියා කියලා මගේ නෝනා මේ මතයට එන්න ඕන නෑ.

වාසනා සුරංගිකා විතානගේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger