ඩ්‍රෝන යානා භාවිතය දැන් ලොව පුරා පැතිර යන උන්මාදයක් බවට පත් වී හමාරයි.ඩ්‍රෝන් න් යානා කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ හමුදාවන් ඔත්තු බැලීමට හෝ ප්‍රහාර එල්ල කිරීමට හෝ භාවිත කරන නියමුවන් රහිත ගුන් යානා (UAV) වුණත් මේ ඩ්‍රෝන යානා ඊට වඩා සරල, හුරුබුහුටි, විනෝදජනක ඒවා වනවා. තම සිතැඟියාවන්ට අනුරූප ව අහසෙහි ඔබ මොබ යෑවිය හැකි මේ යානා දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන හෙලිකොප්ටර් යානාවලට වඩා වෙනස් වන්නේ ඒවා කුඩා තටු හතරකින් සමන්විත වීම නිසයි. මීට අමතර ව තටු හයේ හා තටු අටේ යානා ද දකින්න පුළුවන්.
කුඩා ගේ කුරුල්ලකු ගේ ප්‍රමාණයේ සිට දැවැන්ත රාජාලියකු ගේ ප්‍රමාණය දක්වා විවිධ ප්‍රමාණයේ හා විවිධ හැඩයේ ඩ්‍රෝන යානා දැන් වෙළෙඳපොළේ මිල දී ගත හැකියි. (මෙරට වෙළෙඳපොළේ ද දැන් දැන් ඩ්‍රෝන යානා දකින්නට පිළිවන්). කුඩා ක්‍රීඩා හෙලිකොප්ටර් යානාවලට වඩා ස්ථාවර හා සුමට පාලනයක් ඇති මේ යානා විශේෂය සාපේක්ෂ ව මිලෙන් අඩු වීම එහි ජනප්‍රියත්වයට එක් හේතුවක්. එහෙත් ඩ්‍රෝන යානා අතිශය ජනප්‍රිය වීමට එක් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ බොහෝ ඩ්‍රෝන යානාවල ප්‍රධාන අංගයක් වන කැමරාවයි. මෙමගින් ගුවනේ සිට සජීවී ව නිරීක්ෂණය, වීඩියෝගත කිරීම හෝ ඡායාරූපගත කිරීම් කළ හැකියි.

Post a Comment