පසුගිය වසර අගභාගයේදී මෙරට පැවැත්වූ එක්තරා රූපවාහිණි නාලිකාවක් මගින් සංවිධානය කොට තිබු මහා සිනමා උළෙලක් විය.මෙය සංවිධානය කර තිබුයේ මේ මහා කුඩු ජාවරම්කරුවාගේ සහෝදරයා සතු මාධ්‍ය ජාලය විසිනි. ඒ සඳහා වැයකළ ප්‍රකෝටි ගණන් මුදල කිසි දිනෙක එම මාධ්‍ය ජාලයෙන් උපයා ගැනීමට නොහැක.එසේ නම් මේ මුදල වැයකොට තිබුණේ කෙසේද...?එවකට තිබු රාජ්‍ය බලය හමුවේ අල්ලස් හා දුෂණ ආයතනද නිහඬව සිටි බැව් අප දනිමු.මිට දශක දෙකකට පමණ ඉහතදී බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ රාත්‍රී ආප්ප කඩයක් දමා තිබු මෙම දෙසොයුරන් හට මෙතරම් මිනිය සහ ගිණිය නොහැකි මුදල් කන්දරාවක් ලැබුණේ කොයින්ද..? ඒ සඳහා කිසිදු විනිවිදභාවයක් නොමැත.(සමහර විට නාමල් බේබි නම් දන්නවා ඇත.) එදා සිටම අප මේ බව නිර්භයවම අනාවරණය කළෙමු.නමුත් එයින් කිසිඳු පලක් වියේ නැත.දැන්වත් මේ දේශදෝහී තක්කඩියන් කොටු කොට සමාජයෙන් අතුගා දැමිය යුතුය.ඒ සඳහා දින 100 ක කාලය වුවමනාවටත් වඩා වැඩිබව අපගේ විශ්වාසයයි.රටට නිසි යහපාලනයක් උදා වන්නේ එවිටයි.
හෙරොයින් ජාවාරමේ 'ගෝඩ් ෆාදර්' ලෙස හඳුන්වන්නේ කොළඹ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්තරා තරුණ දේශපාලනඥයකු බවත් හෙරොයින් ජාවාරම්කාරයන් මාසිකව ඔහුට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ගෙවිය යුතු බවත් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙළි කර ඇත.
මෙම තරුණ දේශපාලනඥයා මාසිකව තමාගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් කප්පම් වශයෙන් ලබාගන්නා බව ද පසුගියදා අත්අඩංගුවට ගත් වෙලේ සුදා අනාවරණය කර තිබේ. මෙම මුදල් දේශපාලනඥයා වෙත ලබාදුන්නේ තම බිරිඳ විසින් බව ද ඔහු හෙළි කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන වෙලේ සුදාගෙන් රහස් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ විවිධ පුද්ගලයන් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇත.
තමන්ට මාසිකව කප්පම් මුදල් ලබාදෙන හෙරොයින් ජාවාරම්කාරයන්ට රැකවරණය ලබාදෙන මෙම තරුණ දේශපාලනඥයා ඔවුන් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට ඉදිරිපත් වන බව ද වෙලේ සුදා පවසා ඇත.
මෙම තරුණ දේශපාලනඥයා පසුගිය රජය සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලයක් ද දැරූ අතර හෙරොයින් ජාවාරම්කාරයන් ආරක්ෂා කිරීමට මොහු ඒ නිලතල ප්‍රයෝජනයට ගත් බව ද වාර්තා වෙයි.
මේ අතර පාතාල ලෝකයේ සන්නද්ධ කණ්ඩායම් කීපයක්ම මෙම දේශපාලනඥයා යටතේ පවතින අතර තමන්ට එරෙහි වන හෙරොයින් ජාවාරම්කාරයන් මර්දනයට මොහු මෙම පාතාල කණ්ඩායම් යෙදවූ බව ද වෙලේ සුදා අනාවරණය කරයි.
මෙම තරුණ දේශපාලනඥයා මහජනතාව වෙනුවෙන් අත දිගහැර මුදල් සහ වෙනත් භාණ්ඩ බෙදාහැරියේ හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් ලබාගන්නා මුදල්වලින් බව ද වෙලේ සුදාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.
හෙරොයින් ජාවාරමේ යෙදෙමින් පාකිස්තානයේ සැඟවී සිටි වෙලේ සුදා පාකිස්තාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රහස් පොලිසිය භාරයට ගන්නා ලදී.
සැකකරු මාස තුනක රැඳවුම් නියෝග මත තබා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ වන විට වෙලේ සුදාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තරුණ දේශපාලනඥයාට අමතරව පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් රැසකගේ තොරතුරු හෙළිකර ඇතැයි ද හෙතෙම කීය.
සැකකරු විවිධ පුද්ගලයන්ගේ නම් ප්‍රකාශ කළ ද ඒවා සනාථ කර ගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කාටද? එම ගිණුම් පරීක්ෂා කිරීම, සී. සී. ටී. වී. දර්ශන ලබාගෙන ඒවා විමර්ශනය කිරීම, විදේශ රටක සිට මුදල් එවා ඇතිනම් එම රටවල තානාපතිවරුන් මාර්ගයෙන් බැංකු වාර්තා ලබාගැනීම ඇතුළු කාර්යන් රැසක් සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම කීය.
මෙම සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මත්කුඩු ජාවාරම පිටුපස සිටින ඕනෑම පුද්ගලයකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment