මාධ්‍යවේදීන්ට දෙවරක් නොසිතා බියෙන් හා සැකයෙන් තොරව ඕනෑම දෙයක් නිදහසේ ලියන්න කියන්න හැකි වාතාවරණයක් ඇති කරන බව නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පැවසීය. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ හෙතෙම නව රජයේ දින සියයේ වැඩසටහන යටතේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් අපේක්‍ෂා කරන බව ද කීය.
පසුගිය කාලයේ සිදුවූ මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් පැහැරගෙන යැම, පැහැරගෙන ගොස් අත පය කැඩීම සහ කොණ්‌ඩය කැපීම වැනි තත්ත්වයෙන් බැහැරව මාධ්‍යවේදීන්ට නිදහසේ ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමට හැකි පරිසරයක් අනිවාර්යයෙන්ම ඇති කරන බවත් කරුණාතිලක ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ හිංසනයන්ට ලක් වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් පිළිබඳව මා අවධානය යොමු කරනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සොයාබැලීමටත් සැලසුම් කර තිබෙනවා.
ගත වූ කාලසීමාව තුළ රාජ්‍ය මාධ්‍ය ඉතාම නින්දිත ආකාරයට භාවිත කිරීමේ ප්‍රතිඵල අපි දුටුවා. ඒ නිසා ජනතාව රාජ්‍ය මාධ්‍යයෙන් ඈත්වුණා. එම මාධ්‍ය ආයතන ඒකපාර්ශ්වික ලෙස කටයුතු කළා. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය දේශපාලනීකරණයෙන් ඉවත් කර ජනතාවට නරඹන්න සහ සවන්දීමට හැකි ආයතන බවට පරිවර්තනය කිරීමට කටයුතු කරනවා යෑයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment