ඵමෙන්ම එම ග්‍රහලෝක වල විශාලත්වය අනුව ඒවා ඵම සූර්යයන් වටා පරි භ්‍රමණය වීමේදී ඇති ආයු කාළයද බොහෝ වැඩිවේ යැයි උපකල්පණය කළ හැක.මෙතෙක් සොයාගෙන ඇති කිසිදු විද්‍යා මෙවලමකට අසු නොවන බොහෝ දෑ ඇත.
පසුගිය වසරේපෙබරවාරි මාසයට යෙදුණු පුරපසළොස්වක පොහෝ දිනයේ එවැනි දුර්ලභ ආශ්චර්යවත් සිද්ධියක් වී තිබිණි.
මේ ලංකාවේ සෝමාවතියේ සිදුවී ඇති සිදුවීමක සැබෑ තොරතුරු සොයාගිය ගමනක්....
පොළොන්නරුව සුංගාවිල මහ වන මැද පිහිටි මේ පින්බිම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිධන් කොට ඇති මහා චෛත්‍ය රාජයාණන් පිහිටි ඓතිහාසික සෝමාවතී පින් බිමයි. සෝමාවතී චෛත්‍ය ගර්භයෙන් ඇසෙන හේවිසි නාදය එහි නිතර යන බැතිමතුන්ගේ දෙසවනට හුරු දෙයකි.
දෙවියන් බඹුන් පවා වන්දනා මාන කිරීමට විටින් විට චෛත්‍යය ආසන්නයට වැඩි අවස්ථා කැමරාවලට හසුවී ඇති බව සෝමාවතී රාජමහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවැසූහ. පොහෝ දිනවල මෙන්ම සතියේ කීප දිනකම සුමංගල නාහිමියන් චෛත්‍යයේ වැඩසිටින දළදා සමිඳුන්ට රාත්‍රි පුද පූජා පවත්වන බොහෝ අවස්ථාවලදී එහි සිටින බැතිමතුන් මහ හ¾ඩින් සාදුකාර දුන්නේ කොත් කැරැල්ලෙන් විහිදී යන බුදුරැස්මාලා දෙස දෑස් දිගුකරමිනි. පසුගිය පෙබරවාරි මාසයට යෙදුණු පුරපසළොස්වක පොහෝ දිනයේ එවැනි දුර්ලභ ආශ්චර්යවත් සිද්ධියක් වී තිබිණි.
චෛත්‍ය රාජයාණන්ට ඉහළ ගුවන් තලයේ පීරිසියක හැඩයකින් යුත් ආශ්චර්යවත් දෙයක එළි විහිදෙද්දී ඒ සමඟම සෝමාවතී චෛත්‍යය ආසන්න පින් බිමට බැසගත් අදෘශ්‍යමාන පුද්ගලයන් දෙදෙනකු ඒ පින් බිමේ සිටි බැතිමතුන්ගේ කරපිටින් චෛත්‍යයේ මල් අසුන කරා යන ආකාරය ජංගම දුරකතන කීපයක කැමරා කාචවල සටහන් වීම තවත් ආශ්චර්යවත් සිදුවීමකි. ඒ අදෘශ්‍යමාන පුද්ගලයන් දෙදෙනාගෙන් ඒක අයකු හිස් අටකින් සමන්විත බවට දර්ශනය වේ. එම ඓශ්චර්යවත් සිද්ධීන් සිදුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මස පුරපසළොස්වක පොහෝ දිනයේදී බව පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ පැවැසූහ. මෙම දසුන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයවික්‍රම පෙරේරා මහතාගේ කැමරාවටද හසුවී ඇති බවද උන්වහන්සේ සදහන් කළහ.
පසුගිය සති අන්තයේ මවිසින් වාර්ෂිකව කරනු ලබන කප්රුක් පූජාව සිදුකිරීමට සෝමාවතිය පින් බිමට ගිය අවස්ථාවේ එම ආශ්චර්යවත් සිද්ධියේ දර්ශන සුමංගල නාහිමියෝ මා අතට පත් කළහ. පසුගිය පෙබරවාරි 14 දිනට යෙදී තිබුණු පුරපසළොස්වක දින රාත්‍රි සෝමාවතී චෛත්‍ය රාජයාණන් අවට පින් බිම අතුරු සිදුරු නොමැතිව බැතිමතුන්ගෙන් සහ සිල් සමාදන් වූ බැතිමතුන්ගෙන් පිරී පැවතිණි. එදින රාත්‍රි දක්ෂිණ දන්තධාතුන් වහන්සේ උදෙසා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම ඓශ්චර්යවත් සිද්ධිය වූ අන්දම ගැන පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ මෙසේ විස්තර කර සිටියහ.
"පෙබරවාරි 14 දාට යෙදිල තිබුණ පුරපසළොස්වක දින රාත්‍රි 7ට විතර තමයි මේ දෙය සිදුවුණේ. එදා ඒ වෙලාවේ චෛත්‍ය ළඟම පාර්ලිමේන්තු මන්ත්‍රි ජයවික්‍රම පෙරේරා මහත්තයත් හිටියා. ඒ වෙලාවේ අහසේ ඇතිවුණු වෙනස්කම් ඒ මහත්තය ඡායාරූපගත කරමිනුයි හිටියේ. ඒ වෙලාවේ රතු පැහැයෙන් යුත් පීරිසියක් වැනි දෙයක් චෛත්‍ය ආසන්න අහසේ නැවැතී තිබෙනු එයාගේ කැමරාවට හසුවෙලා තිබුණා.
ඒ මොහොතෙ ඔය කඩවත ගෝනහේනෙ සිට පැමිණි බැතිමතකුත් මේ සිද්ධිය ඡායාරූපගත කර තබුණා. ඒ මොහොතේ ඔය කඩවත කට්ටිය හිටියේ චෛත්‍යයට මෙහායින් මළුව පැත්තට වෙන්න. එයාගේ ජංගම දුරකතනයේ කැමරාවෙන් දැක තියෙනවා ඒ අදෘශ්‍යමාන පුද්ගලයන් දෙන්න ගුවනේ තිබුණ පීරිසියෙන් බැහැල ඇවිත් චෛත්‍යයට වැඳල පල්ලෙහා මළුව පැත්තට එනවා. එක් අයකුට හිස් කීපයක් තියෙනවා. අනිත් අයට තනි හිසයි තිබුණේ. ඒ අය ගන්න ගන්න ඡායාරූපවල ඒ දෙන්න වැටිල තිබුණා. අපේ විහාරස්ථානයේ ඉන්න මේධානන්ද පොඩි හාමුදුරුවොත් එයාගෙ කැමරාවටත් මේ දර්ශන ඇතුළත් කරගෙන තිබුණා. අර ළමයාට ඒ අදෘශ්‍යමාන දර්ශන එක දිගට එයාගෙ කැමරාවේ වැටෙන කොට එයාට බය හිතිල තිබුණා. ඒ නිසා සමහර දර්ශන බයට මකා හැරලත් තිබුණා. නමුත් අවසානයේ එතැන සිටිය අපේ ආරක්ෂක භටයෙක් මේ ගැන දැනගෙන අපේ මේධානන්ද හිමියන්ට දන්වල ඒ ළමයගේ කැමරාවේ ඉතිරිවෙලා තිබුණ දර්ශන ටික තමයි ඔය දාගෙන තිබුණේ.
ගුවනේ තිබූ පීරිසියක් වැනි දෙයකින් බැහැල ආව එක් අයෙක් චෛත්‍යය වැඳලා ඇවිත් තියෙන්නේ පන්සල පිහිටි දිසාවට. ඒ වෙලාවේ තමයි අර ළමයගෙ කැමරාවේ පළමුවරට එය සටහන් වුණේ. මේ සිද්ධිය මීට පෙර වී ඇති ආශ්චර්යවත් සිද්ධීන්වලට වඩා වෙනස් සිදුවීමක්. මෙවැනි ආශ්චර්යවත් සිද්ධීන් මේ පින් බිමේ ඇති වෙන්න පටන් අරන් තිබුණේ 1858 - 1860 අතර කාල සීමාවන් තුළ සිට. ඉංගී්රසි අධිරාජ්‍යවාදීන් මේ ස්ථානයේ මිනුම් කටයුතු කරද්දී මේ චෛත්‍යයෙන් රශ්මිධාරා විහිදී ගොස් තියෙනවා. පසු කාලෙක මේ දළදා වහන්සේ නුවරට ගෙන යන්න බොහෝ දෙනා උත්සාහ දැරුවත් ඒ අය පසුපස නයි පන්නල විවිධ අනතුරුවලට මැදිවෙලා තිබුණා."
මෙම සිද්ධිය සියැසින් කැමරාවට හසුකරගත් කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි ආර්. පී. චේනුක ඔෂාන් මහතා සියැසින් දුටු දේ මෙසේ විස්තර කළේය.
"සිද්ධිය වූ දිනයේ අපි ඥාතීන් පිරිසක් සමඟ අනුරාධපුරය වැඳපුදාගෙන ඉන්පස්සේ සෝමාවතිය වඳින්න ගියා. එදා මේ පින් බිමේ පින්කම් පැවැත් වෙමින් තිබුණා. මම ඒ අවට ඡායාරූප ගන්න පෙර චෛත්‍ය දෙසින් රතුඑළියක් ආවා. ඒ වෙලාවේ එතැන හිටිය දහස් ගණනක් බැතිමතුන් සාධු කාර දුන්නා. මම ඒ වෙලාවේ මගේ ජංගම දුරකතනයේ කැමරාවෙන් ඡායාරූප කීපයක් ගත්තා. මා සමඟ ගිය ඥාතීන් ඒ වෙලාවේ චෛත්‍ය වන්දනා කරමිනුයි සිටියේ. ඒ වෙලාවේ තමයි මේ අදෘශ්‍යමාන පුද්ගලයන් දෙන්නා දර්ශනය වෙන්න පටන් ගත්තේ. ඒ දර්ශන දිගටම දැකපු මට තරමක බයක්ද ඇති වුණා. මේ ඡායාරූප දැක්ක අය විවිධ මත පළ කළා. හුඟක් දෙනෙක් කීවේ මේ අදෘශ්‍යමාන පුද්ගලයා පින් ගන්න ඇවිත් කියල. සමහර දර්ශන එම කැමරාවෙන් මැකුවේ බයට. එත් එහි ඉතිරිව තිබුණ ඡායාරූප පොඩි හාමුදුරුවන්ට දුන්නා කොපි කරගන්න."
ප්‍රේමලාල් විජේරත්න

Post a Comment