ලංකාවට දහදුක් විඳ ඵනවිට ගුවන් තොටුපළේ කපටියන් ඵක්වි අහිංසක මිනිසුන් කොල්ල කති.
රට යන විටදීද ආණ්ඩුවේ විදේශ රැකියා කාර්‍යාංශයෙන් මුදල් කොල්ල කති. නමුත් ලබාදෙන මුදල් වලින් අපට කරන කෙං ගෙඩියක් නොමැත...
ගුවන් තොටුපලේදී අහිංසක මගීන් ගෙන් බිය ගන්වා මුුදල් ගසාකන වංචනික අපතයන් වහා ඉවත් කළ යුතුය...
ඔබ ගොවිපරපුරකින් පැවැත එන දුප්පතුන්ගේ දුක හඳුනන පවුලකින් පැවත එන්නෙකි. එහෙත් රාජ උෂ්ණය වැළඳුණු පසු මුල අමතක වීමේ රෝගය බොහෝ පාලකයින්ට වැළදෙන රෝගයකි.ඔබ එසේ වේයැයි නොසිතන නමුදු මෙය ඔබට කීමට සිත්විය.බොහෝ දෙනෙකු නොතකා හරින ,එහෙමත් නැතිනම් දකිමින් නොදක්කාසේ සිටින පැතිකඩක් ඔබට රටවැසියෙකු වශයෙන් පෙන්වා දීමට කැමැත්තෙමි.එනම් අපේ රටට වර්තමානයේ වැඩිම විදේශ විනිමයක් ලබාදෙන ලක්ෂ 25 ට අධික විදේශ ශ්‍රමිකයන් ගැනයි.විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන යන ගාම්භීර නමින් අමාත්‍යංශයක් තිබුණට එයින් අපට
ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි විමසා බැලීම වටී.
බලයට පත් වන්නෝ "රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන්නෝ" රටවිරුවෝ කියා ඔවුන්ව මුරුංගා ඇත්තේ තියා පරසක්වල ගසා ජය පැන් බොති.විදේශ සංචාරවල පවුල් පිටින් නිරත වී ප්‍රීති ප්‍රමෝද වෙති.
එහෙත් ඔවුන් විදින ශාරීරික , මානසික දුක දන්නෝ කවරහුද...?කිසිවෙකු නැතිබැරිකමට මිස ආසාවට රට රැකියාවට යන්නේ නැත. එහෙත් ඔවුන් විදින දුක දන්නේ කවුරුන්ද...?
ගරු ජනාධිපතිතුමෙනි,මා ඔබෙන් ගෞරවයෙන් එක දෙයක් ඉල්ලමි.හැකිනම් මේ විදේශ රැකියාවලට යන්නෝ එයින් මුදවා ගන්න.ඔවුන්ට තම මවුබිමේ ජිවත් වීමට ක්‍රමයක් සාදා දෙන්න.සැමියාට බිරිඳ,බිරිඳට සැමියා,දරුවන්ට දෙමවුපියන් නැති වීම තරම් ඛේදවාචකයක් තවත් තිබේද?දරුවෙක් කුඩා කල රැකවරණය ලබන්නේ තම පියාගෙනුත් මවගෙන් සෙනෙහසත් ලබයි.රට ගිය දෙමවුපියන් සිටින දරුවන්ට මේ සියල්ල අහිමිය.අනාගතයේ ඔවුන්ගේ ජිවිතයට කුමක් වේවිද...?සමහර බිරින්දෑවරු රට පැමිණි පසු සැමියන් අනියම් ප්‍රේමයේ රස හොයති.සමහර බිරින්දෑවරුද එසේය.අනාචාරයේ හැසිරෙන්නට ඔවුන්ට පාර කැපුවො කවුරුන්ද?නැහැදුණුකම කියා නිදහස් විය නොහැකිය. තරුණ වයසේ පසුවන ඔවුන්ගේ හැඟීම් මෙවන් ඛේදජනක ඉරණමකට පාර කපයි.

මා ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි. කරුණාකර මෙයට ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකරන්න.රටේ සම්පත වූ පිපීගෙන එන මල්කැකුළු විනාශ වෙන්න නොදී රැක ගන්න.
ඔබට බුදුසරණයි...!
Post a Comment