BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 15, 2015

ශ‍්‍රීලනිප සභාපති පදවිය මෛත‍්‍රීපාලට පිරිනමන්න මහින්ද එකඟ වෙයි...!!!

පසුගිය සතියේ ආන්දෝලනයක් ඇති කරමින් කොළඹ ඩාලි පාරේ හා විජේරාම මාවතේ ස්ථාන දෙකකදී ශ‍්‍රීලනිප සාමාජිකයින් රැුස්වී සභාපතිවරුන් දෙදෙනෙකු පත්කරගෙන එම පක්ෂය දෙකට කැඞීමේ සිද්ධියකට මුලපිරුවා. තමන් සතුව 47 ක් සිටින බව මහින්ද පිල එම අවස්ථාවේ කියා සිටි අතර තමන් සතුව 28 ක් සිටින බව මෛත‍්‍රී පිල කියා තිබුණා. 
 මෛත‍්‍රී ආණ්ඩුවට දැන් පාර්ලිමේන්තුවේ
120 කට වැඩි බහුතරයක්
....!!!

නමුත් මෙම සාමාජිකයින් ගණන් නිවැරදි නොවූ අතර මෛත‍්‍රීපාල සිරිසේනගේ ජනාධිපති බලය සමග ඔහු වෙත ඊට පසුදාත් තවතවත් ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් ඇදී එන්නට වීමෙන් මහින්ද පිල දියාරුවී යන්නට වුණා.
පක්ෂය විනාශවීම වළක්වන අටියෙන්
නිමල් සිරිපාල අනුර ප‍්‍රියදර්ශන ඇතුළු හිටපු ඇමතිවරුන් මෛත‍්‍රිපාල ජනපතිවරයා හමුවන්නට ගොස් මෙම ක‍්‍රියාදාමය වළක්වන ලෙස ඉල්ලා සිටි නමුත් තමන්ගේ ගොඩ වැඩිකරගැනීම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා අත්‍යවශ්‍ය බව ජනපතිවරයාගේ ප‍්‍රතිචාරය වුණා.

මේ අතර මෙම ගැටලූව ගැන කතා කරන්නට  හිටපු ජනපති මහින්ද හා වත්මන් ජනපති මෛත‍්‍රීපාල අතර හමුවක්ද සිදුවුණා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  එකඟ වීයැයි  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මේ අනුව වාර්තා කළා.

පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තා බව මහින්ද රාජපක්ෂ  විසින්ම ජනපති සමයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධයකින් සිදු කර තිබුණ නිසා
ඉදිරි මැතිවරණයේ දී පක්ෂයක් ලෙස ඊට මුහුණදීමට දෙකට බෙදුණ පක්ෂයකට වඩා තනි පක්ෂයක් ලෙස සිටීම වැදගත් බැවින් මේ තීරණය ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් වර්තමාන කැබිනට් මණ්ඩලයේ බහුතරය වන්නේ හවුල් කාර එජාපය වන අතර ඉදිරි මැතිවරණයකදී ජනාධිපතිවරයා ශ‍්‍රීලනිප වෙනුවෙන් සංවිධාන කටයුතු සිදු කරන ආකාරය තරමක ව්‍යාකූල තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.
ඉදිරි මහ මැතිවරණය කේවල මන්ත‍්‍රී ආසන පදනමකින් පැවැත්වෙන නිසා මනාප ක‍්‍රමය මෙන් නොව ඒ ඒ කොට්ඨාසයේ වැඩිපුර වැඩ කර ඇති ජනප‍්‍රියම අයට පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාව උදාවනු ඇත. ඒ නිසා පක්ෂයට වඩා වැඩකළ හැකි පුද්ගලයින් දිනවීමේ මැතිවරණයක් වනු ඇත.
ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡුා කිරීමට  සිකුරාදා (16* මධ්‍යම කාරක සභාව රැුස්වනු ඇති බවත්, පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත‍්‍රීවරුන් ද ඊට පැමිණෙතියි අපේක්ෂා කරන  බවත් ශ‍්‍රීලනිපය වාර්තා කර තිබෙනවා.
මේ අතර නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ලබන 19 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට රජය තීරණය කර ඇත.මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් රජය සතු බවට කථානායකවරයා වෙත දැනුම් දීමට පියවර ගෙන ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

 මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ස්ථිර වශයෙන් රජය වෙත ලැබී තිබෙන බව රජය පවසයි. එම මන්ත‍්‍රීවරුන් අතරින් 48 දෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වෙති.

ඔවුන් පසුගිය දින කිහිපය තුළ දී  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  පෞද්ගලිකව හමු වී ඔහු වෙත සම්පූර්ණ සහාය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. මෛත‍්‍රී රජයේ දින 100 තුළ ඉදිරිපත් කිරීමට යෝජිත වැඩසටහනට අනුව නව රජයේ ප‍්‍රථම පාර්ලිමේන්තුව  රැුස්වන දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත්තේද  ජනවාරි 19 වැනිදාය.
එදින සභාවාරයේදී ආණ්ඩු පක්ෂයට දැනට අපේක්ෂිත 120 ටත් වඩා වැඩි පිරිසක් එක්ව සිටිනු ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරනවා.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger