BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 15, 2015

බැසිල්ට තවත් ආසලු ආයේ හොරා කන්න ඇවිත් යන්න ...,,!!!

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කල ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ‍්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස් වී ඇති බව ශ‍්‍රිලනිප මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබදව දැනුම් දෙමින් ශ‍්‍රිලනිප ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා  වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ  පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවය.

ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක්‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ‍්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂවල නායකයින්, සාමාජිකයින්, ක‍්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පලකර ඇති බැසිල් රාජපක්ෂ  විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, ශ‍්‍රිලනිප ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන  ඇතුළු සියළුම නිලධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූම රජයේ නිළධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත‍්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡුන්දය ලබාදුන් ඡුන්දදායකයින් මෙන්ම සංවිධානයට ක‍්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇති බව කියයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger