නායකයන් හැමවිටම නිවැරැදිව සෘජු තීරණ ගත යුතුයි. ජනතා නායකයන් වැරැදි කරනකොට පහළ ඉන්න අයත් ඒ අනුවම කටයුතු කරන එක වළක්වන්න බැහැ. එබැවින් නායකයන් ආදර්ශවත්ව ක්‍රියා කළ යුතු යැයි මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවැසූහ.ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාමිණී ජයවික්‍රම පෙරේරා (14දා) පස්වරුවේ මල්වතු මහා විහාරයේදී මල්වතු මහ නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ නාහිමියෝ ඉහත සඳහන කළහ.
උන්වහන්සේ මෙසේද කීහ.
මේ පුංචි රටේ සියලු දෙනා එක්ව භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් බොරු පොරොන්දු දුන් නිසයි උතුරේ ගැටලු ත්රස්තවාදයක් දක්වා ව්‍යාප්ත වුණේ. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ගැටලු පිළිබඳව නිසි අවධානය යොමු කොට ඒ සඳහා විසඳුම් ලබාදිය යුතුයි. ඔබතුමන්ලගෙ ජයග්‍රහණයට ඒ ජනතාව විශාල සහායක් ලබාදුන්නා. සෑම විටකම ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව කටයුතු කොට ජනතා විශ්වාසය රැකීමට පියවර ගත යුතුයි.
වර්තමාන ජනාධිපති මෙන්ම අගමැතිද චෝදනා නොමැති පළපුරුදු දේශපාලනඥයන් නිසා රටේ ජනතාව ඒ කෙරෙහි විශ්වාස තබා බලය ලබාදී තිබෙනවා. ජනතා විශ්වාසය කඩ නොවන අයුරින් ලබාදුන් පොරොන්දු ඉටු කර ජනතාව බලාපාරොත්තු වූ වෙනස ලබා දෙන්න.
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධර¿ඛිත නාහිමියන්ද බැහැදැක ආශීර්වාද ලබාගත් අතර එහිදී අදහස් පළ කළ අස්ගිරි මහ නාහිමියන්, ඔබතුමා දීර්ඝ කාලීන පළ පුරුද්ද හා අත්දැකීම් ඇති දේශපාලනඥයෙක්. දැන් විශාල වගකීමක් ඔබතුමාට පැවරී තිබෙනවා. පුළුවන් සෑම අවස්ථාවකදීම මහජනතාව සමඟ සම්බන්ධවී ඔවුන්ගේ ගැටලු සොයා බලා ඔවුන් සමඟම ඉන්න. එවිටයි දේශපාලනඥයන්ගේ පැවැත්ම පවතින්නේ. මහජන ගෞරවාදරයට පත් වන්නේ. ජනතාව ඔබතුමන්ලා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ විශ්වාසය තහවුරු වන ආකාරයෙන් කටයුතු කරන්නැයි පවසා සිටියහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා , අප සෑම විටකම ඔබ වහන්සේගේ අවවාද, අනුශාසනා, උපදෙස් අනුව යමින් කටයුතු කරනවා. මේ රටේ වසර 30කට අධික කාලයක් පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමේ ගෞරවය අප සැම විටකම හිටපු ජනාධිපතිට ලබා දෙනවා. ත්‍රස්තවාදය අවසන් වූ පසුව ඒ සඳහා වැය වූ මහා ධනස්කන්ධය ජනතා සුබසෙත සඳහා වැය කරාවි කියා රටේ ජනතාව බලාපොරොත්තු වුවත් එය සිදු වුණේ නැහැ. සංවර්ධනය මුවාවෙන් සිදු වූයේ මහා මුදල් වංචාවක්, දූෂණයක් පමණයි. ඒ නිසා ජනතාවට වෙනසක් අවශ්‍ය වුණා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment