අමාත්‍යංශවල
පුච්චන්න ලැස්ති කරපු...
ෆයිල් මාට්ටු ...බත්තරමුල්ල සෙත්සිරිපාල පරිශ‍්‍රයේ පිහිටා ඇති හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන්වන බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධණ හිටපු අගමැති දී.මූ. ජයරත්න යන අය අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යංශ ගණනාවක තොරතුරු ඇතුළත් ලිපිගොණු තොගයත් පුළුස්සා විනාශකිරීම සඳහා සූදානම් කර තිබියදී ලැබුනු තොරතුරක් මත 15 එහි ගිය ජවිපෙ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති එම ලිපිගොනු තොගය පොලිස්භාරයට පත් කළේය.
ඒ ඒ අමාත්‍යාංශවල කැඳවනු ලැබූ රැුකියා අයදුම්පත්, රැුකියා පත්වීම් ලිපි, 2015 ජනාධිපතිවරණයට අදාළ සැලසුම්, මගනැගුම, දිවිනැගුම ආදී ලිපි රාශියක්ම විනාශකිරීමට සූදානම් කර තිබී ඇත. ඒ අතර අයථා පත්කිරීම් හා අයථා ගනුදෙනුද තිබී ඇත.
මේවා විනාශ කිරීම මගින් අදාල ක‍්‍රියාකාරකම් යටගැසීමට උත්සාහ කර තිබුණ බව පැවසේ
ඇතැම් ඇමතිවරුන්ගේ ප‍්‍රවර්ධනය සඳහා සකස්කරන ලද පොත් සහ පත‍්‍රිකාද ඒ අතර තිබීම විශේෂත්වයකි. මේ ආකාරයෙන් විනාශ කිරීමට සූදානම් වන ලිපිගොනු පිළිබඳව විශාල වශයෙන් තොරතුරු ලබාදීමට අදාළ ආයතනවල සේවික සේවිකාවන් දැඩි උනන්දුවක් දැක්වූ බව සුනිල් හඳුන්නෙත්ති එම අවස්ථාවේ මාධ්‍ය අමතා කියා සිටියා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment