පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ලංකාවට මත් කුඩු සැපයූ ප්‍රධාන ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' හෙළි කරනු ලැබ ඇති පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වුවහොත් අනිවාර්යයෙන්ම ඊට එරෙහිව පාරට බැස උද්ඝෝෂණ කර අදාළ පියවර ගැනීමට ආණ්ඩුවට බල කරන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවැසූහ.
මීට පෙර විශාල වශයෙන් මත්කුඩු අත්අඩංගුවට ගත්තත් ඒ හා සම්බන්ධ ප්‍රබලයන් කිසිවකුට දඬුවම් නොදුන්නත් වත්මන් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කරමින් මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සියල්ලන්ටම දඬුවම් දීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රබලයන්ට පසුගිය සමයේ විශාල වශයෙන් දේශපාලන රැකවරණ හිමි වූ නිසා 'වෙලේ සුදා' නම් හෙළි කළ දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීම හෝ සිදු කිරීම ප්‍රමාද වන්නේ ඔවුන්ට වත්මන් රජයේ දේශපාලන රැකවරණ ලැබී ඇති නිසා දැයි ජනතාව කෙරෙහි සැකයක් ඇතිවී තිබෙන බවද මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවැසූහ. ඒ නිසා අදාළ වැරැදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment