වජ්‍රය අද බොහෝ ජනප්‍රිය සංකේතයක් වෙලා. මෙයට හේතුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිතර මෙම වජ්‍රය අතේ තබාගෙන සිටීමයි. මේ සමඟම අද බොහෝ කතාබහට ලක් වන පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන ද මෙම වජ්‍ර්‍රය යම් යම් අවස්ථාවල අත දරා සිටී යැයි කසුකුසුවක් සමාජය තුළ පැතිර යනවා.
ඉතින් රටක ජනාධිපති ධුරයට තරග වදින ප්‍රබලතම දේශපාලන නායකයන් මෙවන් සංකේතමය උපකරණයක් මත බොහෝ විශ්වාස තැබීම සුළුවට ගතහැක්කක් නොවන බව ඔබට වැටහී යනු ඇති.
අදෘශ්‍යමාන ශක්තීන් කෙරෙහි දෙස් විදෙස් දේශපාලනඥයන් කෙතරම් පිළිගන්නවාද, විශ්වාස කරනවාද යන්න ඔවුන් පලඳින ඔවුනටම විශේෂ වූ මැණික්, යම් යම් ආභරණ, සිදුකරන පූජාවන් දුටුවිට අපට වැටහීමක් අවබෝධයක් ලබාගත හැකියි.
නමුත් කනගාටුවට කරුණ නම් සමහර පුද්ගලයන් මෙම කරුණු කාරණා හාස්‍යයට, විවේචනයට ලක්කිරීමයි. අපි අද ඉන්නේ විසි එක්වැනි ශතවර්ෂයේ බවත් දහසය වැනි ශතවර්ෂයේ පැවැති පිළිවෙත් අපට පිළිගත නොහැකි බවත් එක් පුද්ගලයකු බොහෝ සේ විවේචනය කරනු මෑතදී මා දුටුවා.
මීට වසර දහස් ගණනකට පෙර තැනූ සීගිරිය, වැව් අමුණු, පිරමිඩ හා සබැඳි තාක්‍ෂණික ක්‍රම අප නොපිළිගන්නේද? මා දකිනා සත්‍ය නම් එකල මීට වඩා බොහෝ උසස් බුද්ධිමත්, තාක්‍ෂණයක් ලොව තුළ පැවති බවයි. ඒ එසේ නම් එදා පැවැති විශ්ව ශක්ති පරිභෝජන ක්‍රමවේදයන් නොදියුණු විකාර යැයි අපට බැහැර කරලිය නොහැකියි.
යම් දෙයක් පිළිබඳ සියල්ල නොදැන කතා කරන්නා මෝඩයෙක්. යමක් පිළිබඳ නොදැන එම නොදන්නාකම වසන්කරගෙන දන්නා බව පෙන්වන්නට යන්නා ඉතා කපටි, කෛරාටික මෝඩයෙක්.
විසිඑක් වැනි ශතවර්ෂය තුළ බොහෝ විද්‍යාඥයන් මෙම අදෘශ්‍යමාන ශක්තීන් දිනෙන් දින හඳුනාගනිමින් පවතිනවා. මෙම කරුණු පරීක්‍ෂණ, නිරීක්‍ෂණ සහ නිගමනයන් ලෙස ලොවට මොවුන් හෙළිදරව් කරමින් පවතිනවා.
කිසියම් කලකදී වැනසී වැසි ගිය මහා බලගතු දියුණුවේ හිණිපෙත්තටම ගිය යම් කිසි ශිෂ්ටාචාරයක නටබුන් හා ඉතිරිව ඇති නෂ්ටාවශේෂ අපි අද සමාජයේ මෙලෙස වජ්‍රය, මැණික් පැලඳීම, යන්ත්‍ර පැලඳීම ආදී වශයෙන් භාවිත කරනවා.
මෙම අදෘශ්‍යමාන විශ්වශක්ති බලයන් පරිහරණය කරන ක්‍රියාමාර්ග විධි එදා මැනවින් සමාජය තුළ විසිර පැතිර තිබූ බවට රාවණ යුද්ධය, සුර අසුර යුද්ධය යම් යම් ග්‍රහලෝක සමඟ පැවතියාය කියන ඇසුරුකම් පිළිබඳ අදටත් සමාජයේ නොනැසී පවතින ජනප්‍රවාද ඇසුරෙන් අපට පැහැදිලි වන්නක්.
ඉපැරැණි ශිෂ්ටාචාරයන්හි නටබුන් ඔය විවේචකයන් දුටුවානම් එවන් විශ්වකර්ම නිර්මාණ කිරීමට යොදාගත් තාක්‍ෂණය අද විසිඑක්වැනි ශතවර්ෂයේ නොතිබීම පිළිබඳ තර්කානුකූල චින්තනයට ගෝචර නොවීම පිළිබඳ ඔය විචාරකයන්ගේ ප්‍රඥාව පිළිබඳ කීමට හොඳ නිදසුනක් වෙනවා.
වසර දසදහස් ගණනක් පැවත එන සමාජයෙන් බැහැර නොකර අදටත් උගත් බුද්ධිමතුන්ගේ ගවේෂණයට ලක්වන කරුණු කාරණා පිළිබඳ හරිහැටි නොදැන කතාකිරීම පිළිබඳ දේශපාලන වේදිකාවේ යම් යම් චරිත පිළිබඳ මා බොහෝ කනගාටුවට පත් වෙනවා.
. මෙම වජ්‍රය කියනසංකේතය මහායාන බුදුදහම තුළත්, ඉන්දියාවේ හින්දු දහම තුළත් බොහෝ ප්‍රචලිත දෙයක්. මෙහි පටන්ගැන්ම කොතැනද යන්න තවම අපට පැහැදිලි නැතත් හින්දු දහමට අනුව පුරාණයේ සුර අසුර දෙපිරිස අතර බොහෝ භයානක යුද්ධයක් පැවැති බවට ජනප්‍රවාදයේ පැතිර එනවා. මේ සුර කියල හැඳින්වූවේ හොඳ පිරිස. එනම් ධර්මය රකින දෙවි දේවතාවුන්නාන්සේයි. අසුර කියල හැඳින්වූවේ ධර්මයට ගරහන විද්‍යාව අවිද්‍යාව ලෙස දකින ලෝකයේ හරය කාදැමීමට නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම්, මතිමතාන්තර පතුරුවන යක්‍ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය බලවේගයන්.
මේ කියන්නා වූ සුර අසුර යුද්ධයේ මහා ප්‍රබල සෙන්පතියකු ලෙස අකුණුවලට අධිපති ඉන්දු දෙවිඳුන් තම බලපරාක්‍රමයන් පෙන්වූ බව සඳහන්. තමුන් වෙත එල්ල වෙන අසුර බලපෑම් මර්දනය කිරීමට ඉන්දු දෙවිඳුන් භාවිත කළ විශ්ව ශක්ති හැසිරවීමේ ආයුධයක් ලෙසයි මෙම වජ්‍රය හින්දු ධර්මයට අනුව පැවසෙන්නෙ.
ඒ වගේම බුදුදහමට අනුව මහායාන බුද්ධ ධර්මය මූලික වෙලා තිබෙන්නෙ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ආශ්‍රයෙන්. මෙම සූත්‍රයේ වජ්‍රයානය නම් දේශනාවක් තිබෙනවා.
මෙම වජ්‍රයාන දේශනාව පාදක වෙලා තිබෙන්නෙ වජ්‍රසත්ත්ව නම් බෝසත්වරයකු පිළිබඳවයි. මේ වජ්‍රසත්ත්ව බෝසතාණන් වහන්සේ අදටත් වෙනත් ග්‍රහලොවක ජීවමානව වැඩවසන බවට මහායාන දහම තුළ තිබෙන්නේ දැඩි විශ්වාසයක්. මේ කියන්නා වූ බෝසතාණන් වහන්සේ ධර්මයේ සංකේතයක් ලෙස මෙම වජ්‍රය දකුණු අතේ දරා සිටින බවට මතයක් පවතිනවා.
‘සබ්බේ පෘථග්ජනා උන්මත්තකා’ වශයෙන් අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු පෘථග්ජනයන් උන්මත්තක බවය. ‘සබ්බේ පෘථග්ජනා උන්මත්තකා’ වශයෙන් අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු පෘථග්ජනයන් උන්මත්තක බවය. එනම් සියලුම පෘථග්ජන මිනිසුන් තම තමුන්ගේ මතයන්හි එල්බ සිටින බවයි. ඕනෑම කෙනකුට තමතමන්ගේ මතයන් දැරිය හැකිය. නමුත් මේ විශ්වයේ විසූ මහා ප්‍රාඥයා, උපරිම තලයේ විද්‍යාඥයා ලෙස හැඳින්වෙන බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් අදෘශ්‍යමාන ශක්තීන් විවේචනය නොකිරීම තුළ එහි ඇති සත්‍යතාව තේරුම් ගත හැකිය.
වජ්‍රය යනු විශ්ව ශක්ති ගලනය කේන්ද්‍රගත කළ හැකි ජ්‍යාමිතික නිර්මාණයකි. උත්තල කාචයක් සූර්යාලෝකයට අල්වා එම ආලෝක කිරණ කේන්ද්‍ර ගත කරනවා සේම යම් මිනිස් දෘෂ්ටි පරාසයට ගෝචර හැකි විශ්ව ශක්ති කදම්බයන් මෙම විශ්වීය නිර්මාණ තුළ කේන්ද්‍රගත කළ හැකිය.
නමුත් මෙහි පල දීම අප හිතනවාට වඩා වෙනස් එකකි. වජ්‍රය යනු ඉතා හොඳ යැයි පිළිගැනෙන ශක්තියක් නිර්මල වූ ශක්තියක් පාලනය සිදු කෙරෙන නිර්මාණයකි. එම ශක්තිය ගැළපීමට නම් අප තුළද ඉතා නිර්මල හොඳ චෛතසිකයන් පැවතිය යුතුය. අපගේ ක්‍රියා, සිතුම් පැතුම් හොඳ ඒවා විය යුතුය. ‘ප්‍රේතයන් වසන්නේ ප්‍රේත භවනේය, දෙවියන් වඩින්නේ දේව භවනේය’ යනුවෙන් කියමනක් තිබේ.
වජ්‍රයේ ක්‍රියාකාරීත්වයද එසේමය. මෙය දෙවියන්ගේ ආයුධයකි. වජ්‍රය කිසිවිටෙකත් නරක යටපත් කිරීමට මිස තම සිතෙහි ඇති නරක සිතිවිල්ලක් ඉස්මතු කරගැනීමට ඉඩ නොදේ. තම ප්‍රයත්නය, අදහස නිර්මල නම් එය මුදුන් පමුණුවාගැනීමට අවශ්‍ය ශක්තිය වජ්‍රය තුළින් ගැලීම තුළ එම අදහස මුදුන් පමුණුවා ගැනීමට විශාල ආධාරයක් වේ. නමුත් තම අදහස් අපවිත්‍ර නම් වජ්‍රය තුළින් ගලන නිර්මල ශක්තිය සමඟ කිසි විටකත් පෑහෙන්නේ නැත. එසේ වූ කල එම ශක්ති ගලනය තමා අවුල්සහගත තත්ත්වයකට ඇද දමයි. ධර්මයේ හැසිරෙන ජන නායකයකුට වජ්‍රයේ ශක්තිය අපමණය. මන්ද වජ්‍රය ධර්මය සමාජය තුළ රැකගැනීමට මහත්සේ ලෝක ඉතිහාසයේද භාවිත කෙරුණක් බව ඉන්ද්‍ර දෙවිඳුන් ධර්මය වනසන අසුරයන් විනාශ කිරීමට භාවිත කළ අවිය ලෙස කියැවෙන නිදසුන් ඇති බැවිනි.
දැළිපිහිය ඇත්තේ කිරි කෑමට නොව රැවුල බෑමටය. හැන්ද කිරිකෑමට භාවිත කළ හැකි නමුත් හැන්දෙන් රැවුල කැපීම සිදු කළ නොහැකිය. මෙය අප තෝරා බේරා ගත යුතුය. තමුන්ගේ අභිප්‍රාය නිර්මල නම් වජ්‍රය නිසැක ප්‍රතිඵල ගෙන දෙනු නිසැකය. එසේනම් වජ්‍රය මඟින් තමුන් වෙත එල්ලවන සියලු අසුබවාදී බලපෑම් මැඬපවත්වා එය දරන්නා ඉස්මතු කරවීම සිදු කරයි.
නමුත් වජ්‍රය දරන්නාද අසුබවාදී අදහස් පාපතර අදහස් දරයිනම් වජ්‍රය එම අදහස් සේම එම අදහස් ඉපදෙන මූලයද විනාශ කර දැමීමට උපකාරී වේ.
වජ්‍රයේ පලදීම දේශපාලන ඉස්මතු කිරීමක් ලෙස විග්‍රහ කිරීමට කිසි විටෙකත් මා මේ ලිපිය තුළ උත්සාහ නොකරමි. ග්‍රහචාරයේ දුර්වලකම් ඇත්නම් එය මඟහරවාගැනීමට ක්‍රම විධි මෙම අපේක්‍ෂකයන් දෙදෙනාටම භාවිත කළ හැකිය. ඒ සඳහා මැණික් පැලඳීම, බුද්ධ බල යන්ත්‍රය වැනි මහා බලගතු යන්ත්‍ර පැලඳීම මේ අපල තත්ත්වයන්ගෙන් මිදීමට භාවිත කළ හැකිය.
නමුත් වජ්‍රය කිසි විටෙකත් ග්‍රහ අපල සඳහා භාවිත නොකෙරේ. වජ්‍රය තුළින් තමුන් යන ගමන හරිනම් ඒ සඳහා විශාල ආරක්‍ෂාවක් දිරිගැන්වීමක් සහ පිහිටක් අපේක්‍ෂා කළ හැකිය.
එමෙන්ම තමුන් පලඳින මැණික් හෝ වේවා, වජ්‍රය හෝ වේවා ඒ පිළිබඳ තමා තුළද නිර්මල විශ්වාසයක් තිබිය යුතුය. විශ්වාසය නැති තැන චිත්ත තත්ත්වය සෑදී නැත. එනම් ශක්ති පාලනයට ආරාධනා නැත. ෙදාරගුළු විවර වී නැත. සියලු ක්‍රියාවන්හි ප්‍රතිඵල සඳහා විශ්වාසයද අවශ්‍යම කරුණකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment