දේශපාලන ගැත්තෙකු බවට ලේක්හවුස් ආයතනය පත් වන්නේ නම් ඊට එරෙහිව අරගල කරන බවත් ජය ගත නොහැකි නම් අස්වීමේ ලිපිය තබා ගෙදර
යන බවත් ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්යක්ෂ පවසයි. පසුගිය කාලේ රාජ්‍ය මාධ්‍ය දේශපාලන මාධ්‍ය බවට පත් වෙලා තිබුනා. ඒක වෙනස් කරන්න තමයි මාධ්‍ය සංවිධාන සමඟ මගේ ජීවිත කාලෙම සටන් කළේ... එහෙම දෙයක් කරගන්න බැරි නම් මම බය නැතුව කියනවා, ඒ වෙනුවෙන් අරගල කරනවා, බැරි උනොත් ලේක්හවුසියේම ලිපිය තියල මම ගෙදර එන්න සුදානම්.’ අභිනව කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සමන් වගආරච්චි පවසයි.
සමන්ට ලංකානිව්ස් සුභ පැතුම්
ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවා තොරතුරු දැන ගැනීමේ අයිතිය නීති ගත කර ගැනීම සඳහා දිගටම සටන් කරන බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් වගආරච්චි කියා සිටියේය. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.
මහජනතාවගේ මුදලින් නඩත්තු වන ලේක්හවුස් ආයතනය මහජන සේවා මාධ්‍ය ආයතනයක් බවට පත් කිරීම තමාගේ අභිප්‍රාය බවයි ලේක්හවුසියේ නව කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සමන් වගආරච්චි තවදුරටත් කියා සිටියේ. මීට දශක තුනකට පමණ පෙර ලංකාදීප පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සමන් වගආරච්චි පසු කලෙක යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘ බවට පත් විය.
ඉරිදා ලක්බිමේ ආරම්භක නියෝජ්‍ය කතුවරයා ද වූ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් වගආරච්චි ඉන් අනතුරුව දිනමිණ ,පෙරමුණ සහ දිනපතා ලක්බිමේ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කළේය.
හිතවත් සමන්ට ලංකානිව්ස් සුභ පැතුම්
Post a Comment