BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 29, 2015

අනුන්ගේ පහණින් ඵළිය බලන යූ.ඵන්.පී.යේ බ්‍රොයිලර් සමය...!!!

අනුන්ගේ පහණින් ඵළිය බලා ඇති යූ.ඵන්.පී.යේ නිකමුන් ..., නොසිතූ ලෙස මේ පහළවී ඇත්තේ ඇලඩින්ගේ පහණ මෙන් කප් රුකක් සේ නොසිතුව යුතුය.
මේ අතර වහ වහා මැති ,ඇමති තනතුරු සහ වෙනත් අමාත්‍යංශ ,රාජ්‍ය ආයතන තනතුරුවලට යූ.ඵන්.පී.යේ වේලී වේලී සිටි එව්වෝ පත් කරගෙන යාමේ ප්‍රවණතාවයක්  ඇති මේ බ්‍රොයිලර් සමයේ ...!!!   රතන හිමියන් ඵහි යථාර්ථය පෙන්වා දී ඇතැයි වාර්තාවේ....
යූ.ඵන්.පී.යේ ඵවුන් දැන් උඩ පණිති ..හැකි ඉක්මණින් ඇමතිකම් ,තනතුරු බෙදා හදා ගැනීමට හදිස්සි වී ඇත්තේ මේ පිනා චාන්ස් එකෙන්  වැඩ ගැනීමටය.අවමංගලද ,චන්ඳ්‍රිකාද මහා ආඩම්බරයෙන් උඬගුවී සිටියද මිනිසුන් ඡන්දය දුන්නේ උන්ට හෝ යූ.ඵන්.පී.යේ අයට හෝ නැව් ගිල ඇති චේතීය කපටි රාජිතටද නොවේ...
මහජන ඡන්දයෙන්  කිසිදින බළයට ඒමට බැරි බව දත් රනිල් මෛත්‍රීගේ වළිගයේ එල්ලී දින 100 හෝ අගමැතිවී ඇත.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට බව එක්සත් ජාතික පක්ෂය සිහිතබාගත යුතු යැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.
 
උන්වහන්සේ මේ බව සඳහන් කළේ  නව ආණ්ඩුවේ මංගල පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

දුෂණ සම්බන්ධයෙන් වන විමර්ශන නතර කරන්න මටවත්, අගමැතිතුමාටවත්, කැබිනට් මණ්ඩලයටවත් බැහැ. අප මෙය කළ යුත්තේ ඉන්න අයට දඬුවම් දීමේ අභිලාෂයෙන් නොවේ. පාලන බලයේ ඉන්න අයටත් එයින් පාඩමක් ඉගෙන ගත යුතුයි. පාලන බලයේ ඉන්න අයත් සුදනෝ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ට හිමිවිය යුතු ගෞරවය දෙන්න අපි කිසිවිටෙකත් පැකිළෙන්නේ නෑ. එතුමා ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට හෝ එ් පිළිබඳ ප‍්‍රකාශ කරන්න කවරකු හෝ ඉදිරිපත් වෙනවා නම් එය තමන් විසින් දිවි හානිකර ගැනීමක්. එජාපය හිතන්න නරකයි දැන් වැඩි බලය තියෙන්නේ තමන්ට බව. තවමත් වැඩි බලය තිබෙන්නේ ශ‍්‍රීලනිපයටයි. අපිට අවශ්‍ය නම් දින 90කින් නෙවෙයි, තව දින 30කින් මේ ව්‍යවස්ථා සංශෝධනය කළ හැකියි. ජාති භේදයකින් තොරව ජාතික සම්මුතියකට අප පැමිණිය යුතුයි” යැයි ද මන්ත‍්‍රී රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger