ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප‍්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් ගුවන් සේවය දැඩි කම්පාවට පත්වූ බවයි. අනතුරට මුහුණදුන් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ පවුල් සමග සම්බන්ධ වී ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා... තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට රෝහලෙන් නික්ම ගොස් ඇති අතර තවමත් එහි ප‍්‍රතිකාර ලබන්නේ ගුවන් සේවිකාවක පමණයි. නියෝමි ශිවන්ති නැමැති ඇගේ සැමියා පසුගියදා හෝකන්දර සිදුවු ගුවන් අනතුරෙන් මියගිය නියමුවෙක්. සිද්ධියෙන් මියගිය අමේන්ද්‍රා ඞී කුවේ තම දියණිය වෙනුවෙන් මෙම චාරිකාවට සම්බන්ධ වූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. 
මියගිය ගුවන් සේවිකාවගේ දේහය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ශී‍්‍ර ලංකන් ගුවන් සේවය ප‍්‍රකාශ කළාග කෙසේ නමුත් ගුවන් ගමන් අතරතුර විවේක කාලයේ ගුවන් කාර්ය මණ්ඩල මුහුණදෙන මෙවැනි අනතුරුවලදී වගකීම දරන්නේ කවුරුන්ද යන්න ගැටලූවක්.


Post a Comment