BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, January 28, 2015

අලි පැටියෙක් නැතුව හා පැටියෙක් ඇතිකරන්නද කියන්නේ...උඩුවේ ධම්මාලෝක හිමි උඩු බුරලයි...!!!

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කියති.යන පුවත පිළිබඳව විස්තර දැන ගැනීමට අප ලංකානිව්ස් වෙබ් අඩවියේ චාමර අල්විස් දුරකථනය ඔස්සේ ඵහිමියනට කථා කළ විට 'අලි පැටියෙක් නැතුව හා පැටියෙක් ඇතිකරන්නද කියන්නේ.."යැයි මහ හඬින් පවසා විසන්ධි කළ අතර..
මෙවැනි සිවුරු දරා එයට මුවාවී තගරි කම් පාන්නාවූ පුද්ගලයන් (  හොර මහණුන් ) සමාජයට හෙළිකල යුතුව ඇත.


උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් කොළඹ නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි අලි පැටවකු (27) සවස වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව වනජීවී නිලධාරීහු පවසති. අත්අඩංගුවට ගත් අලි පැටවාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන අතර උස අඩි හතරක් පමණ වන බවත් කකු‍ලේ සුව වූ තුවාල කැලැල් තිබෙන බවත් ඔවුහු කියා සිටිති.
 වැටලීම සිදුකිරීම සඳහා වනජීවී නිලධාරීන් සමග නියෝජ්‍ය ඇමැතිවරයා ද සහභාගි වූ බව වාර්තා වේ. මෙහි දී විහාරස්ථානයේ වැඩවාසය කළ හිමිනමක් විසින් වනජීවී නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල කළ බව වනජීවී නිලධාරියෙක් පැවසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger