BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 29, 2015

දින 100 අයවැය සහන ප්‍රෝඩාව...!!!

කවදාවත් නොවන ලෙසට බඩුමිළ අඩු කරන්නේ  මැතිවරණයක් ළඟ ඵනවිට  බව අපේ අය දනී.
මේ දින 100 සංක්‍රාන්ති සමය තුළ තවත් බොහෝ දෑ සිදුවිය හැකිය...රවීන්ඳ්‍රන් කරුණානායගම් ද හොඳට පදම්වී ඇති පට්ට කපටියෙකී.

විදේශ මුදල් විනිමය වංචා නඩු උාසාවි තුළ තිබෙද්දී මෙසේ මුදල් ඇමතිකම  ලබා දීම කිිසිසේත්ම අනුමත කළ නොහේ.
මේ අයවැය සහන  දින 100 පසුව ළඟාවන මහා මැතිවරණයේ අල්ලස්  දීමනාය.

එමෙන්ම මන්දීර වළින් වාර්‍ෂිකව බදු ගැනීම හොඳය... එය කරනුයේ මහින්දට රිදවීමටය.
නාමල් ගසා කා ඇති මුදල් සොයා බැළුව හොත් මේවා වැලි ඇට තරම්‍   ය.
නමුත් ප්‍රශ්ණය ඇත්තේ රවීන්ඳ්‍රන් මේ බදු ගෙවාවිද යන්නය.
මන්ද කෝට්ටේ පාර්ළිමේන්තුව  පාරේ පිහිටි මොහුගේ දැවැන්ත මන්දීරයෙන්ද බදු ගෙවිය යුතුය.
දුප්පතුන් වෙනුවෙන්  පෙනී සිටීමට මේ පල් හොරුනට සදාචාරාත්මක අයිතියක් නැත.
අයවැය තුළින් මෙන්ම යහපාලනයෙන්  මෛත්‍රියෙන් යුතුව  කර ඇති අයවැය යෝජනා ඇත..
ක්‍රීඩා නාළිකා තුළින් බදු මුදල් ගැනීම..
මෙය  කාල්ටන් TV  ඉළක්ක කොට ගත්තකී...නමුත් ඵහි වරදක් නැත  මහින්දගේ පුතාට ඒවා ආරම්භ කිරීමට  මුදල් ලැබුණු  අයුරු  සොයා බලන්නේ නම් වඩාත් වටී....

  දින 100 අයවැය සහන

සීනි කිලෝවක්   රුපියල් දහයකින් අඩු කෙරේ.
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.
සිමින්ති කොට්ටයක මිල රුපියල් 90කින් පමණ අඩු කෙරේ.
උපයන විට ආදායම් බදු ගෙවීමේ සීමාව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් හත් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරේ.
2013/14 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සමාගම් රුපියල් කෝටි 200කට වඩා ආදායම් ලබා ඇත්නම් එක් වරක් පමණක් අය කැරෙන සියයට 25ක බද්දක් අය කෙරේ.
වානේ තීරුබදු මිල ද අඩු කෙරේ.
මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.

කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ.
මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ.
විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ.
මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල් මිලියන 1000ක බද්දක් එක් වරක් පමණක් කරේ.
ජංගම දුරකතන සමාගම් මගින් රජයට ගෙවූ සියයට 25 බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකළ යුතුය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger