BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

මහින්ද පැරදුනොත් නගරය මැද අමුඩෙන් ඉන්නවා ...!!!


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් නියෝජනය කරන පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා පරාජයට පත්වුවහොත් මහවිලච්චිය පේමඩුව නගරයේ අමුඩයෙන් සැරසී සිටින බවට අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ඔට්ටු අල්ලා තිබේ
මෙසේ ඔට්ටු අල්ලා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති සුනිල් වික‍්‍රමසිංහ  සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී අනුර බංඩාරයි

මේ මස 08 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන  ජයග‍්‍රහණය කලහොත් උපසභාපතිවරයා මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පේමඩුව හංදියේ අමුඩයෙන් සැරසී පැය දෙකහමාරක කාලයක් සිටගෙන සිටීමටත් සිදුවේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ  ජයග‍්‍රහණය කලහොත් පරාජය භාරගෙන එක්සත් ජාතික පක්ෂයේ අනුර බංඩාර මන්ත‍්‍රීවරයා පැය දෙකහමාරක කාලයක් පේමඩුව හංදියේ සිටගෙන සිටීමට පොරොන්දු වී තිබේ

(30 රාත‍්‍රියේ ඔවුන් දෙදෙනා මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකු වන සමන් විජිත කුමාර  ඉදිරියේ එකගතාවයකට පැමිණ ඇති අතර තවත් පුද්ගලයින් දහදෙනෙකු ඊට සාක්ෂි වශයෙන් පෙනී සිට ඇත ඔට්ටුවෙන් පරාජයට පත්වන්නා ජනවාරි මස 10 වනදා උදෑසන 10 සිට දහවල් 12 30 දක්වා අදාළ ඔට්ටුව ක‍්‍රියාවට නැංවිය යුතු බව ඔවුන්ගේ එකගතාවයේ සදහන් කර තිබේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger