BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

නාමල්ට සර් කියා කතා කිරීමට මැති ඇමතිවරුන්ට සිදුවෙලා - හිරුනිකා

 උප ජනාධිපති මෙන් හැසිරෙන නාමල්ට සර් කියා කතා කිරීමට මැති ඇමතිවරුන්ට සිදුවෙලා - හිරුනිකා
වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය  පෙනෙන බවත්, ඔවුන්  කුරහන් සාටකයේ  මායාවට හසුවී නැති බවත් පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර  පවසයි.

දැන් ඵහෙම කියන මෙයා ඒ කාලේ...
පෙරේදා කොළඹ පැවති තරුණ මන්ත‍්‍රීවරුන්ගේ මාධ්‍ය සාකච්ඡුාව අමතමින් එසේ පවසා සිටි ඇය, ජනාධිපතිවරයා තෙවන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබද ආණ්ඩුවේ කිසිම කෙනෙකු තුළ උද්යෝගයක් නැති බවත් පැවසුවාය.
 අද වන විට මේ රට තුළ සිටින එකම තරුණ දේශපාලඥයා නාමල් රාජපක්ෂ පමණක් බවට පත්කර ඇති අතර උප ජනාධිපති මෙන් හැසිරෙන ඔහුට සර් කියා කතා කිරීමට මැති ඇමතිවරුන්ට සිදුවී ඇති බවත් ඇය පැවසුවාය.
දේශපාලනය කලාව ක‍්‍රීඩාව ආදී සියල්ල පවුල් පාලනයට නතුව ඇති අතර බලධාරීන් රූකඩ බවට පත් කර ඇති බවත්,  මේ ක‍්‍රමය අහෝසිකර සමාජ පරිවර්තනයක් ඇති කිරීම උදෙසා පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමග එක්වන ලෙස තරුණ තරුණියන් ගෙන් ඉල්ලා සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන, ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප‍්‍රනාන්දු යන අයද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger