BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, January 24, 2015

අ.පො.ස. සා.පෙළ වත් සමත් නැති මන්ත්‍රීවරු 94 දෙනෙක්‌ මැති සබයේ...!!!

 ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම පොදු වූ චර්යා ධර්ම පද්ධතියක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පසුගියදා පැවැසීය. මෙරට දේශපාලනය විකට නළුවන්ගෙන්, ස්‌ත්‍රී දූෂක මැරයන්ගෙන්, කුඩුකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් මෙරට පිරී පවතී. සමහර තැනෙක හරක්‌ හොරු ද දේශපාලනය කරයි. වෙලේ සුදාගෙන් මසකට රුපියල් විසිපන්ලක්‍ෂය බැගින් ගත් මන්ත්‍රී කෙනෙකු සිටින බව අපි දැන් දනිමු. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක්‌ මේ රටේ පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය තුළ තිබුණි නම් මර්වින් සිල්වා මිනිසුන් ගස්‌ බඳින්නේ නැත. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක්‌ තිබුණි නම් මර්වින් සිල්වා තවදුරටත් දේශපාලනයේ රඳවා ගන්නට රාජපක්‍ෂ ආණ්‌ඩුව පියවර ගන්නේ ද නැත.

 අ.පො.ස. සා.පෙළ වත් සමත් නැති මන්ත්‍රීවරු 94 දෙනෙක්‌ මැති සබයේ සිටින බව සඳහන් ලියෑවිල්ලක්‌ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරි විමල නායක හාමුදුරුවන් විසින් විදුලිබල සහ බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවකට භාර දෙන ලදැයි දැන ගන්නට තිබේ. අස්‌වීම් සහතිකය නැති විටෙක කෙනෙකු පාසල් ගිය බව ඔප්පු කිරීමට තිබෙන මූලික සහතිකය වන්නේ ඕ ලෙවල් සහතිකය ය. මෙයට අවුරුදු 50 කට පෙර දේශපාලනය කරන විට ඒ කඩදාසි කොළයෙන් වැඩක්‌ නැත. එහෙත් අද ඕ ලෙවල් කඩදාසිය පමණක්‌ නොව ඒ ලෙවල් සහ උපාධි සහතික තිබුණත් වැඩි නැත. උගත්කමක්‌ නැති එකාට චර්යාවක්‌ නැත. එහෙම එකා මිනිසුන් ගස්‌ බඳියි. පාර මැද මිනිසුන් දණ ගස්‌වා පහර දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඕ ලෙවල් සහතික (වත්කම් ප්‍රකාශ මෙන්) ප්‍රසිද්ධ කරන ලෙස නීතියක්‌ සම්මත කර ගැනීමට දැනට ඉඩක්‌ නැත. එසේ නම් දේශපාලනයට එන එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සලකා බැලීමට ක්‍රමවේදයක්‌ මෙතැන් සිට වත් සකස්‌ කළ යුතුය. නූගතා කට ඇරිය ගමන් ම නූගත්කම හෙළිදරව් වෙයි. ඒ බව දැනට මේ රටේ දේශපාලනය කරන අයගේ කතා ඇසීමේදී පැහැදිලි වෙයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී දක්‌වා සෑම මහජන නියෝජිතයකු සඳහාම පොදු වූ චර්යා ධර්ම පද්ධතියක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පසුගියදා පැවැසීය. මෙරට දේශපාලනය විකට නළුවන්ගෙන්, ස්‌ත්‍රී දූෂක මැරයන්ගෙන්, කුඩුකාරයන්ගෙන් සහ හොරුන්ගෙන් මෙරට පිරී පවතී. සමහර තැනෙක හරක්‌ හොරු ද දේශපාලනය කරයි. වෙලේ සුදාගෙන් මසකට රුපියල් විසිපන්ලක්‍ෂය බැගින් ගත් මන්ත්‍රී කෙනෙකු සිටින බව අපි දැන් දනිමු. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක්‌ මේ රටේ පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය තුළ තිබුණි නම් මර්වින් සිල්වා මිනිසුන් ගස්‌ බඳින්නේ නැත. හරියාකාර චර්යා ධර්ම පද්ධතියක්‌ තිබුණි නම් මර්වින් සිල්වා තවදුරටත් දේශපාලනයේ රඳවා ගන්නට රාජපක්‍ෂ ආණ්‌ඩුව පියවර ගන්නේ ද නැත. පළමු වරදේදීම ෂොට්‌ එකක්‌ දී වරදකරු පලවා හැරීමට ඔවුන්ට හැකි වන්නේ ය. එහෙත් සෑම දාමරික දේශපාලනඥයකුගෙන් ම පක්‍ෂයට කුමක්‌ හෝ වැඩක්‌ ඇත. ඒ වැඩය වූ කලී එක්‌කෝ විපක්‍ෂයේ දේශපාලනඥයකුට හූ කීමකි. නැතිනම් බෝම්බ ගැසීමකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට පහර දී මෙකල කූඩුවේ සිටින පාලිත තෙවරප්පෙරුම මෙයට කලකට පෙර සිය පක්‍ෂ නායකයාට පහර දෙන්නට තැත් කළැයි පුවතක්‌ අපි කියෑවීමු. තෙවරප්පෙරුම කනින් අල්ලා පක්‍ෂයෙන් එළියට විසි කිරීම ඒ වෙලාවේදී ම කිරීමට කළ හැකිව තිබූ නමුත් පක්‍ෂ නායකත්වය එම වටිනා අවස්‌ථාව ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුව බිම දණ ගස්‌වා පහර දීමේ අවස්‌ථාව ඔහුට ඉතිරි විය.

දේශපාලනඥයා යනු පොදු වස්‌තුවකි. මිනිසුන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීකමක්‌ ලද පසු ඔහුට තවදුරටත් පෞද්ගලික ජීවිතයක්‌ නැත. මේ බව සනාථ කරන ඇමරිකන් නඩු තීන්දුවක්‌ තිබේ. ඒ අනුව දේශපාලනඥයා ගෙදරදී මෙන්ම පිටතදී ද නිසි පිළිවෙළට හැසිරිය යුතුය. කිසියම් වනචරකමක්‌ හෝ ගොන් කමක්‌ කර 'එය මගේ පෞද්ගලික ජීවිතය' බව කීමට ඔහුට අයිතියක්‌ නැත. චර්යා ධර්ම පද්ධතිය හදන විට රාජිත , මේ ගැනත් හිතා බලන්න.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger