ඔහු මේ බව සඳහන් කලේ මන්නාරම ප‍්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදී එසවීමට සූදානම් කර තිබූ සිංහ කොඩිය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කරමිනි.
සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළි නොගන්නා බව තම පක්‍ෂය උතුරු පළාත් මැතිවරණ ප‍්‍රකාශණයේද සඳහන් කල අතර ඊට බහුතර ජනවරමක්ද ලැබුණු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
සිහ කොඩියෙන් ද්‍රවිඩ ජාතිය නියෝජනය නොකරන බවත් සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැති බවත් පවසා ඇති ඔහු මින් ඉදිරියට උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය පමණක් එසවිය යුතු යයිද අවධාරණය කර තිබේ.
මේ අතර.....
තවදුරටත් තම දේශපාලන නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ම බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසයි.
මන්ත‍්‍රීවරයා මේ බව පවසා ඇත්තේ ‘පුදියතලෙයිමුරෙයි’ නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය හා සාකච්චාවතට එක් වෙමිනි.
එම රූපවාහිනියේ ‘අග්නි පරිච්චායි’ වැඩසටහන හා අදහස් දක්වමින් ‘දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා’ යයි ද ශ්‍රීධරන් වැඩිදුරටත් සඳහන් කලේය.
දෙමළ සමාජය පුදුමාකාර විදියට ජාතිවාදීයි. නමුත් සාම වෙළෙන්දෝ, එන්. ජී. ඕ නඩය, වාසු තිස්ස ඩිවු වගේ සමසමාජ මීහරක්, චෝගම් අස්සේ සිරිකොත ඇතුළේ ඉඳන් දෙමළ මානව හිමිකම් ගැන කෑ ගැසූ යූ.එන්.පී හිවලුන් සහ ඩිලාන් පෙරේරා වගේ අවලංගු කාසි නිතරම හුවාදක්වන්නේ සිංල ජාතිවාදය ගැන විතරයි. අපේ හාමුදුරු නමකට කැස්සක් ගියත් කෑ ගහන අව-ජාතික නඩය සැබෑ ත්‍රස්තවාදීන් ගැන කතා නෑ.
Post a Comment