රටේ සිටි දේශපාළුවන් උන්ගේ ළමයිනද සිය ( නිකං සිට කෑමේ ) රස්සාවට ගැනීමට මාන බලනුයේ මෙය මුදල් උල්පතක් බව දන්නා නිසාය.
මහින්දද එසේය.. මෙළෝ හසරක් නැති නාමල් ( සමාජය ඉදිරිපිට ) පොරක් කරවීමට යත්න දැරීය.
මහා ප්‍රෝඩා සාටකය උගේ බෙල්ලට දැමීය.නීතිඥ විභාගයද හොරට පාස් කර දනී.
තම පියාගේ රට යැයි සිතා හිතුණු විට ජනාකීර්ණ මංමාවත් වසා කාර් රේස් තබා සිය අමනකම ඌ රටටම පෙන්වීය...එපමණකුදු නොව කුඩු දුමින්ද ,අනුරාධ වැනි අපතයන් ඌගේ මිතුරන්විය.
කෙතරම් ඔළුව උදුම්මවාගෙන සිටියේද යත් ඌගේ පියා ඉදිරිපත්වූ ජනාධිපතිවරණයට රටේ ජනතාවට අල්ලස් දීමට ගෙනා බිත්ති ඔරලෝසුවල මූගේ ෆොටෝ එකත් දමා තිබුණී...
මේද එවැනි කථාවකී...පියා අගමැතිවූ නිසා ඔළුව උදුම්මා ගෙන සිටි ගොන් කවටයෙක්වූ අනුරාධ ජයරත්න ගේ නවතම ආරංචියයි මේ...
ඕනෑම වරදක් කළපසුව උන්ට ඇප දීමේ පිළිවෙත වෙනස් කළ යුතුය.
රටේ වෙනත් අයෙකුට ලැබෙන දඬුවම සාපේක්‍ෂව අසාධාරණය....
පසුගිය ජනාධිපතිවණ සමයේදී හිටපු පක්ෂ කාර්යාලයකට පහර දීම, වෙඩි තබා බිය වැද්දීම ඇතුළු චෝදනා එල්ල වී තිබූ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට භාර වීමෙන් පසු වන අතර ඔහු සමඟ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පසුව ගම්පොල අධිකැරණයෙන් අයෙකුට රුපියල් 50,000 මුදල් ඇප හා ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment