BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 22, 2015

තීරු බදු රහිත සියලු වෙළෙඳසැල් බලපත්‍ර අහෝසි කර ඇත....!!!

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  නියෝග කරයි.
විධිමත් නීත්‍යනුකූල පදනමෙන් තොරව මෙම වෙළෙඳසැල් සඳහා පසුගිය කාලය තුළ බලපත්‍ර නිකුත් කර ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදු වූ බවත්, පිළිගත් ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව විධිමත් හා වඩා විනිවිදභාවයෙන් යුතුව නැවතත් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී කියා තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger