BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

මතු පිටින් පේන තරම්, පෙන්නන තරම් මුං සුදනෝ නෙවි ..!!! රාජිත කියන්නෙත් කම්බ හොරෙක්ලූ...!!!

 බඩු මාට්ටු සාක්කි සමගින්...ඇන්දට සුදු සේරම හොරු...
රාජිත සේනාරත්න ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුව ඔහු ඇමති ධුරය භාවිත කරමින් කළ වංචා හෙලිදරව් වීම නිසා බව දැන් හෙළිවී ඇත. ධීවර අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් සිදුකළ උද්ඝෝෂණයද අමාත්‍යවරයාගේ මෙම මහා වංචාව නිසා අසාධාරණයට ලක්වූ පිරිස සහභාගී වූ එකකි.
අමාත්‍යවරයා මේ අහිංසක ධීවරයින්ට ප‍්‍රහාර එල්ල කළේද රටට සිදුකළ මත්ස්‍ය වංචාව හෙළිවීමේ වෛරය නිසා බවට දැන් හෙළිවෙමින් පවතී. සිය ධුරය අයුතු ලෙස භාවිත කරමින් සිදුකළ වංචා රැුසක් අමාත්‍යවරයා සිදුකර ඇති බවට ධීවරයින් මෙහිදී චෝදනා කළ අතර පසුව ධීවරයින් මේ පිළිබව ජනාධිපති මහින්ද රාජපක්ෂ ද දැනුවත් කර තිබෙනවා.

මේ සියල්ල ඇරඹෙන්නේ රාජිත සේනාරත්න හමුවූ ARUGAMBAY FISHARY (PVT) LTD නම් සමාගම ශ‍්‍රී ලංකා දියඹේ මසුන් ඇල්ලීමට කළ ඉල්ලීමක් සමගයි. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්. අදාළ සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡුා කිරීමට අමාත්‍යවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප‍්‍රධාන කොටස් හිමිකරු කරමින්. සමාගමේ නම  BLUE OCEAN FISHERY (PVT) LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.

නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.
ඒවා නම් Blue Ocean - 101,102,103,104,105,106,107සහ108 යි.

ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්
IMUL-A--0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප‍්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකගවී තිබුණත් මේ දක්වා එම ආදායම ධීවර සංස්ථාවට ලැබී නැහැ. නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැුසක් සිදුව තිබෙන බව අප සතු ලේඛන වලින් හෙළිවනවා. තම බලය භාවිත කර හැදු BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ පහත කරුණු අපි සතුයි.

මේ  ර්‍“BLUE OCEAN FISHERY (PVT) LTD” ” සම්බන්ධ ලේඛන වලින් කොටසක්.














Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger