BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට වෙත යැව්වේ ඇයි.....?

මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා 06  උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත.

මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලධාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ.

ගුවන් යානයට මගීන් ඇතුලත් කරගන නොමැති අතර යානයේ කිසියම් වටිනා කියන දෙයක් ප්‍රවාහනය කරන්නට ඇතැයි බොහෝ දෙනා සැක කරති. ජනාධිපති රාජපක්ෂ  සහ ඔහුගේ පවුලේ උදවිය විටින් විට පුද්ගලික සංචාර සඳහා සීෂෙල්ස් බලා යෑම සිරිතක් කරගන තිබුණු අතර, සීෂෙල්ස් දූපත් වනාහි ලෝකයේ දූෂිත පාලකයන් මාෆියා ජාවාරම් කරුවන් තම ධනය තැන්පත් කරණා රාජ්‍යක් ලෙස කුප්‍රකටය.
රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ  විසින් සින්නක්කරව මිලදී ගෙන ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි...

මෙම ගුවන් යානයේ
කෝල් ෂයින් නම්බර් එක 4R-MRE  වන අතර

flight number .. MLR 707 air bus number A 302 – 237  වේ.

මෙම පුවතත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මහත් කැලඹිල්ලක් හට ගෙන තිබේ .
එම ගුවන් යානය පිළිබද විස්තර කාන්දු වූයේ කෙලෙසකද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණයක් සිදු කරමින් පවතින අතර. ගුවන් තොටුපලේ යම් යම් සුවිශේෂී සිද්ධීන් එලියට කාන්දු වීම වැලැක්වීම සදහා මේ වන විට පුළුල් වැඩ පිලිවෙලක් ආරම්භ කර ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග දන්වා සිටී.
මෙම ක්‍රියා දාමය සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිද සෘජුව මැදිහත් වී සිටින බව සැලවේ
.


http://www.flightview.com/
මේ පිලිබදව යම් කිසිවෙකුට සැකයක් වේ නම් ඒ පිළිබදව සොයා බැලීමට මෙම වෙබ් අඩවියට පිවිස බලන්න .  ගුවන් තොටුපලේ තොරතුරු එළියට යාම වැලැක් වීමට උත්සාහ කිරීම යනු මෙම පාලකයන්ගේ අමන කමකි . අද තාක්ෂණය පෙරට වඩා දියුණු යුගයක අප ජීවත් වන බව මෙම අත්තනෝමතික පාලකයින් තේරුම් ගත යුතුය. දූපතක වෙසෙන වැසියන් සේ සලකා  රැවටීමෙන් පාලනය කිරීමට වෙර දැරීම යනු ඔවුන්ගේ නූතන දැණුමේ දුගී භාවය මිසක  අන් කිසිවක් නොවේ . පහත පල වන්නේ එම ගුවන් ගමන පිළිබද තොරතුරුයි. 
 අපගේ ස්තූතිය ලංකා ඊ වොයිස් වෙතට

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger