- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, January 5, 2015
දහම් සිරිසේනගේ මාමන්ඩිගේ කෝටි 15 විදෙස් මුදල් බෑගය...!!!මුං සේරම කම්බ හොරු...!!!
රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.
මේ අනුව නුගේගොඩ, දුම්රියපොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් පොලිසියට පවසා තිබේ.
තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.
ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් පොලිසිය එය 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.
ඒ අනුව පසුගිය (20) රහස් පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක් රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment