BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 25, 2015

ඉගිළෙන විට සුද නැති වූ කොකා... වෙලේසුදා...!!!

ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර නොහොත් වෙලේ සුදා මේ වන විට සිටින්නේ පොලිස්‌ අත්අඩංගුවේ ය. එහෙමත් නැතිනම් රහස්‌ පොලිස්‌ භාරයේ ය. කාලයකට පසු මේ රටේ ආරක්‍ෂක අංශ අතට පත් වූ වැදගත්ම තෑග්ග වෙලේ සුදා විය යුතුය.
ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරමෙන් 60% ක්‌ පමණ පාලනය කළ ඔහු අත්අඩංගුවට පත් වන විට තිස්‌අට හැවිරිදි විය. වසර ගණනක සිට මොහු අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්‍ෂක අංශවලට වුවමනා වුවද, එය කළ නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ වෙලේ සුදා ආරක්‍ෂාකර ගැනිමට ඉදිරිපත් වූ දේශපාලනඥයන් සහ සමහර ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් නිසා ය.

වෙලේ සුදා අත්අඩංගුවට ගන්නේ පකිස්‌තානයේ සිට වෙනත් රටකට, වෙනත් නමකින් පැන යැමට සූදානමින් සිටියදී ය. දැනට හෙළි වී ඇති තොරුතුරු අනුව කොළඹ බගතලේ පාරේ සුසිරි නිවාස දෙකක්‌ සහ හෝර්ටන් පෙදෙසේ එක්‌ නිවසක්‌ ද, වෙලේ සුදාට අයත් ය. ඊට අමතරව බැංකු සුරක්‍ෂිතාගාර, ස්‌වර්ණාභරණ, මුදල් විවිධ ගිණුම්වල තැන්පත් කර ඇති බව කියෑවේ. මේ සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 200 ඉක්‌මවන බව ද පැවසේ. 1997 වයස අවුරුදු 19 ක කාලයේ පටන් මේ වෙනතෙක්‌ 18 වසරක්‌ තිස්‌සේ කුඩු ජාවාරමේ නිරතව සිටි වෙලේ සුදා අත්පත් කරගෙන ඇති ධනස්‌කන්ධය එපමණකට සීමා වෙතැයි සිතිය නොහැකිය. පොලිසිය තවමත් මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුÊකරති.

වෙලේ සුදාට පිටරට සිට තනියම කුඩා ජාවාරම මෙතරම් පහසුවෙන් කරගෙන යැමට නොහැකිය. ඒ සඳහා මෙරට ප්‍රබල දේශපාලනඥයන් සහ ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් සෘජුවම උදව් කර තිබේ. එලෙස උදව් කරන දේශපාලනඥයන්ට සහ පොලිස්‌ නිලධාරීන්ට වෙලේ සුදා අත දිගහැර මුදල් වියදම් කර තිබේ. දැන් ඒ සියල්ල වෙලේ සුදා පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ වමාරන්නේය.

ඒ අනුව වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමට උදව් උපකාර කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ දේපළ ලබාගත් බව කියන හිටපු පොලිස්‌පතිවරයකු සහ කොළඹ ප්‍රදේශයේ (එජනිස) තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. දැනටමත් මෙම සැකකරුවන් පිළිබඳ සාක්‍ෂි රැසක්‌ ලැබී ඇති අතර ඒවා තහවුරු කර ගත් වහාම මොවුන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පැවසීය.

මෙම ජාවාරම්කරු සමඟ සම්බන්ධතා පැවැත්වූ හිටපු පොලිස්‌පතිවරයා තානාපති සේවයේ සිටි අයෙකි. පසුගිය මැතිවරණ සමයේදී ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට වෙහෙස මහන්සි වූ අයෙකි. රජයේ නිලයක්‌ දරමින් මොහු පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි. හිටපු ජනාධිපතිවරයා පැරදීමත් සමඟම මෙම හිටපු පොලිස්‌පතිවරයා ද කාටත් හොර රහසේ ම රටින් පලාගොස්‌ තිබේ.

මෙම හිටපු පොලිස්‌පතිවරයාට ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රසිද්ධ ප්‍රදේශයකින් සුවිසල් නිවසයක්‌ ද වෙලේ සුදා ලබා දී තිබේ. එම නිලධාරියා විශ්‍රාම ගිය පසු එම නිවසේ පදිංචිව සිට විදෙස්‌ගතව නැවත පැමිණ ආපසු විදෙස්‌ගතව ඇත්තේ ද එම නිවසේ සිටයි. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එම පොලිස්‌ නිලධාරියා පසුගිය දෙසැම්බර් මස සහ ජනවාරි මුල් සතියේදී විශේෂ උත්සව කිහිපයක්‌ ද පවත්වා තිබේ. ඒ සඳහා සහභාගි වී ඇත්තේ ද කොළඹ පාතාලයේ හා හෙරොයින් ජාලයේ ප්‍රසිද්ධ පිරිසකි. මොවුන්ට විරුද්ධව මිනීමැරුම් සහ හෙරොයින් සම්බන්ධව තවමත් නඩු විභාග වන බව ද සඳහන් වේ.

මෙම නිලධාරියා පසුගිය වසර කිහිපයකට පෙර පොලිස්‌ දෙපාර්තමේන්තුවේ

රැකියාව කරන කාලයේදී වෙලේ සුදා විසින් හෙළිකරන ලද දේශපාලනඥයා සමඟ ද සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගොස්‌ තිබේ. එම දේශපාලනඥයා ද නිතරම මෙම හිටපු පොලිස්‌පතිවරයාගේ නිල කාමරයේ රැඳී සිටි අයෙකි. දිනක්‌ මෙම හිටපු පොලිස්‌පතිවරයා කොළඹ ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයකු හදිසියේ ඔහුගේ නිවසට කැඳවා මත්පැන් බොන්නට දී එම දේශපාලනඥයා හඳුන්වා දී ඔහු කියන ඕනෑම දෙයක්‌ සිදු කරන ලෙසට නියෝග ලබා දී ඇතැයි ද බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මෙම හිටපු පොලිස්‌පතිවරයාට මෙම නිවසට අමතරව රුපියල් ලක්‍ෂ ගණන්වලින් මුදල් ද විශාල ප්‍රමාණයක්‌ වෙලේ සුදා වරින්වර ලබා දී ඇතැයි වාර්තා වේ.

සැකකාර කොළඹ ප්‍රදේශයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වෙලේ සුදා මාසිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ කප්පම් වශයෙන් ලබා දී ඇත. එම තරුණ දේශපාලනඥයා එම මුදල් අත දිගහැර සමාජ සුබ සාධක වැඩවලට ද යොදා ගෙන තිබේ. කාලයක සිට මෙම තරුණ දේශපාලනඥයා ද වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන තිබෙ. අවස්‌ථා කිහිපයකදී ම ආරක්‍ෂක අංශලින් ද වෙලේ සුදාව බේරාගෙන ඇත්තේ මෙම තරුණ දේශපාලනඥයාd බවට තොරතුරු හෙළි වී තිබේ. දැනට මෙම ජාවාරම්කරුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මෙම මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ද එහි සේවය කරද්දී වැඩ තහනහමට ලක්‌ වූ උප පොලිස්‌ පරීක්‍ෂකවරකු සහ සැරයන්වරයකු පිළිබඳ තොරතුරු ලැබී තිබේ. මොවුන්හට ද වෙලේ සුදා රුපියල් ලක්‍ෂ ගණන් වලින් මුදල් ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස වෙලේ සුදා සමඟ සමීප සබඳතා පැවැත්වූවන් අත්අඩංගුවට ගැනීමට සීසීටීවී සාක්‍ෂි මෙන්ම තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සාක්‍ෂි ලබා ගැනීමට නියමිත බව ද පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ කළහ.

වෙලේ සුදාගෙන් දේශපාලන අධිකාරියේ සිට කුඩු ජාවාරමට සම්බන්ධ පොලිස්‌ නිලධාරීන්, ව්‍යාපාරිකයන් සියලු දෙනා ගැනම තොරතුරු හෙළිකර ගත යුතුය. එසේම එම පුද්ගලයන්ව ඉක්‌මනින් අත් අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබා දිය යුතුය. එපමණක්‌ නොව දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව ජංගම දුරකථනයෙන් හෙරොයින් ජාවාරම මෙහෙයවන පුද්ගලයන්ගෙන් ද තොරතුරු හෙළිකර ගෙන ඔවුන්ට ද නිසි දඬුවම් පැමිණවිය යුතුය. එසේ කළහොත් හෙරොයින් ජාවාරම සම්පූර්ණයෙන් ම මෙරටින් තුරන් කළ හැකිය.

'කුඩු' යනු අත උඩ ලාභ ලැබිය හැකි බිස්‌නස්‌ එකකි. අවුරුද්දකට ශ්‍රී ලංකාවට ගෙනෙනු ලබන කුඩු ප්‍රමාණය ටොන් 3.5 ක්‌ වන අතර ඒවා පාකිස්‌තානයෙන් හෝ ඇµaගනිස්‌ථානයෙන් මිලට ගන්නේ කිලෝව රුපියල් ලක්‍ෂ 4 කට පමණය. මෙහිදී කුඩු කිලෝව රුපියල් කෝටි 1 - 2 අතර මිලකට අලෙවි කළ හැකිය.

කුඩු බොන එකා දන්නේ තමාට කුඩු වික්‌ක සිල්ලර වෙළෙන්දා ගැන පමණි. ඒ සිල්ලර වෙළෙන්දා දන්නේ තමාට කුඩු සපයන තොග වෙළෙන්දා ගැන පමණි. එම තොග වෙළෙන්දාට ඉහළින් තවත් රැසක්‌ සිටිති. එම නිසා කුඩු ජාවාරමට සම්බන්ධ පහළ පෙළේ අය පමණක්‌ අත්අඩංගුවට ගෙන කුඩු වසංගතය නවතා දැමිය නොහැකිය. මෙහි මුල් අතු ද මුලිනුපුටා දැමිය යුතු ය. දැන් මෙරටට කුඩු ජාවාරමේ ගෝඩ්µdදර් හෙවත් වෙලේ සුදා අත්අඩංගුවට පත් වී හමාරය. දැන් ඉතිරිව ඇත්තේ ඔහුගෙන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාගේම තොරතුරු ලබාගෙන ඔවුන්හට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ කළහොත් සදහටම කුඩු මෙරටින් තුරන් කළ හැකිය.

වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමට කොළඹ තරුණ දේශපාලනඥයෙක්‌ හා හිටපු පොලිස්‌පතිවරයෙක්‌ සම්බන්ධ සිද්ධිය පිළිබඳව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් විමසූ විට ඔහු මේ පිළිබඳව සඳහන් කළේ මෙසේය.

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා යන හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට උදව් කළ පුද්ගලයන් රැසකගේ තොරතුරු අපට දැන ගන්නට ලැබුණා. ඒ අතර කොළඹ තරුණ දේශපාලනඥයකුගේ සහ හිටපු පොලිස්‌පතිවරයකුගේ නම් සඳහන් වෙනවා. අපි තවම ඒ ගැන සාක්‍ෂි එකතු කරමින් පරීක්‍ෂණ සිදු කරනවා. ඒ පරීක්‍ෂණ අවසන් වනතුරු ඔවුන්ගේ නම් ගම් පිළිබඳ තොරතුරු අපට ලබා දෙන්න බැහැ. යම් අයුරකින් ඔවුන් වැරදිකරුවන් වුවහොත් තරාතිරම නොබලා වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම හැකි ඉක්‌මනින් අපි මේ පරීක්‍ෂණ අවසන් කරලා වැරදිකරුවන් සියලු දෙනාටම නීතියේ දඬුවම් ලබා දෙනවා.

ගයාන් සමරසිංහ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger