BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, January 14, 2015

බැරලය ඩොලර් 45යි..

සය වසරකට පසු බොරතෙල් මිල අඩුම මිල වාර්තා කර තිබේ.  ලන්ඩන් වෙළඳපොළ තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45.89ක් වී ඇති අතර එය 2.44%ක අඩුවීමකි.
නිව්යෝක් WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 2.41%ක පසුබැස්මක් වාර්තා කරමින් ඩොලර් 44.96ක් ලෙස සඳහන් විය.

මෙය බ්‍රෙන්ට් සහ WTI වර්ගයේ බොරතෙල් මිල 2009 ගිම්හානයෙන් පසු වාර්තා කළ අඩුම වටිනාකමයි.
මේ බව සැලවීම සමග මොස්කව් කොටස් වෙළඳපොළ තුළ රූබලය තවත් 2%කින් කඩාවැටුණු අතර රූබලයක් ඩොලර් 64.93කට ද යුරෝ 76.94කට අලෙවි වී තිබේ.
පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඛනිජ තෙල් අමාත්‍ය සුහේල් මොහොමඞ් ෆරාජ් අල් මසූරි පවසා ඇත්තේ තෙල් මිල ආරක්‍ෂා කරගැනීමට ඔපෙක් සංවිධානයට හැකියාවක් නොමැති බවයි.
වෙළඳපොළේ සමබරතාවය පිළිබඳ ඔපෙක් රටවල අවධානය ලක්වුවත් එය තනිවම ළගා කරගත නොහැකි බව ඔහු පවසා තිබේ.
වත්මන් මිල අර්බුදයට හේතුවී ඇති හයිඩ්‍රොකාබන අධිනිෂ්පාදනය හේතුවී ඇත්තේ ඇමරිකානු ශල්ක ඉන්ධන නිස්සාරණය බවත් එය නිවැරදි කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයාගේ අදහසයි.
ඉරානය වැනි රටවලට ප‍්‍රහාරයක් ලෙස මිල පහත දැමීමට කටයුතු කළ සවුදි අරාබිය හා කුවේටය වැනි රාජ්‍යයන්ටද මෙම තත්වය නිසා හානි සිදුවන බව ඉරාන ජනාධිපති හසාන් රොහානි පවසා ඇතැයි වාර්තා වේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger